(ඩයනා උදයංගනී)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්‍ෂණ පනත නමින් නව පනතක් ගෙනඒමට රජය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 සිට ක්‍රියාත්මක පනතක් බවත්, එහි ඇති ඇතැම් කොන්දේසි වෙනුවට ලිහිල් කොන්දේසි ඇතිකර ජාතික ආරක්‍ෂණ පනත යනුවෙන් නව සංශෝධන ඇතුළත් පනතක් සකසා ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එම පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.