නිමන්ති රණසිංහ
රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ලංකාදීපයට පැවසීය.
මෙම සැකකරුට ආරක්ෂාව සලසන ලෙසට අධිකරණයෙන් ලබාදුන් උපදෙස් මත සහ සැකකරුගේ ජීවිතය පිළිබඳ පවතින ආරක්ෂක හේතූන් මත මෙම පියවර ගනු ලැබූ බව ද උපුල්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සවස හයට පමණ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගිය අතර, පසුව රාත්‍රී 8.00ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරු දඩයම ඉවරකරනවා කිව්වා නේද මහරජාණෝ...
සියලු දෙනාම දන්නවා මොවුන් ක්‍රියාකරන්නේ දේශපාලන හස්තයක් දෙන නියෝග කියා ....... ජනතාවට ඕනේ කව්ද මේ අපරාධය කරන්න අනුබල දුන්නේ කුමක් නිසාද කියන එක දැනගන්න වගේම ඔහුට නිසි දඬුවම ලබා දෙනවාද කියන කාරණයයි.....
මොහු ඇති දක්ෂ රණවිරුවෙක්! මට හරිම දුකයි මේ වෙලා තියෙන වැඩේට.
සමස්ත ජනතාවම ඇස බැඳුම් වලින් රවටල . කාලෙන් කාලෙට එක එක නරි නාටක . කාලෙකට බොදුබලසේනාවේ හාමුදුරුවෝ රිමාන්ඩ් කිරීම ,ඊළඟට නාමල් කුමාර , ඊටත් පස්සේ බහුතර විගඩම ඔය අස්සේ දැන් මේක .