මෝටර්රථ  ප්‍රවාහන  දෙපාර්තමේන්තුව තැරැව්කරුවන්ගේ ග්‍රහණයෙන්   මුදා   ගැනිමේ  ක්‍රමවේදයක්   ලෙස  පිටස්තර   ආයතනයනයන්හි   නියෝජිතයින්ට   ලබාදී   තිබෙන   ගේට්ටු අවසර   ගත්   , නිතිපතාම වාගේ සංශෝධනය කිරිමට   වහා පියවර   ගන්නා   බව  මෝටර්රථ ප්‍රවාහන  කොමසාරිස්   ජනරාල්   ජගත්   චන්ද්‍රසිරි   මහතා   පැවසිය.

ඇතැම්   ආයතනවලින්   ඉවත්   කළ  හෝ   ඉවත් වු   සේවකයින්   වැඩිදෙනෙකු   මෙම  අවසර පත්  නැවත  භාර   නොදී සන්තකයේ   තබා  ගැනීමෙන් විවිධ  වංචනික ක්‍රියා   සිදුවන  බවට   අනාවරණය  වි   ඇතැයි   ඔහු කියයි.

අවසර පත්   නිකුත්   කළ  පසුව  ඒ  පිළිබඳව පසු විපරමක්   නොතිබීම  නිසා   බවත්   පෙනී  ගොස්   ඇත.

මහජනතාවට   කිසිදු   අපහසුවක්   ඇති   නොවීමටත්   තැරැව්කරුවන්ගෙන් දෙපාර්තමේන්තුව රැක ගන්නා   ලෙසටත්   ප්‍රවාහන  ඇමති   රංජිත්  මද්දුම බණ්ඩාර   මහතා   දුන්  උපදෙස්   මත  මෙම  වැඩපිළවල ක්‍රියාත්මකයි.