කඩුගන්නාව බැලුම්ගල පැවිදි පිංකමට පැමිණී වන්දනාකාරියකගේ රුපියල් 37,000 ක් පමණ වටිනා රන් ආභරණ හොරා ගත්තැයි ත්‍රීරෝද රියදුරෙකු අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
ක්ෂණික සෝදිසියක් කළ කඩුගන්නාව පොලිසියට එම වන්දනාකරුවන්ගේ ත්‍රිවිල් රථය අසල ගැවසෙමින් සිටි වෙනත් ත්‍රීරෝද රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේ දී එක් අයකු ගැන සැක සිතී දිගින් දිගටම ප්‍රශ්න කිරිමේ දී රන් ආභරණ සොයා ගත හැකි වු බවත් සැකකරු අද (24) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් කඩුගන්නාව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රියදුරා යන තැනටත් පාර කපා ගනී
ගෞරියෙල් Thursday, 24 September 2015 06:54 PM
මේ හැමදේටම මුල නීතියේ දුර්වලකම (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Friday, 25 September 2015 01:28 AM
ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද ප්‍රවාහන සංස්කෘතිය ඇරඹෙන්නේ ඇති නැති පරතරයට, තරුණ පරපුරේ සේවා වියුක්තියට හා ඉන්ධන ගාස්තු අහස උසට නැඟීම වැනි සමාජ ආර්ථික ප්‍රශ්න වලට යම් ප්‍රමාණයක විසඳුමක් ලෙසයි. එය වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රබල උප සංස්කෘතියක් ලෙස කැපීපෙනෙන තරමට හිස ඔසවා ඇත. කසල පුළුස්සන වැඩටත් ඇමතිවරු පත්කරන රටක අඩු ආදායම්ලාභීන් බහුතරයක් සිටින රටක ත්‍රී රෝද සංස්කෘතිය ජනතා හිතවාදී ලෙස සකස් කරගැනීමට වෙහෙසුන දේශපාලකයෙක්, සරසවි ඇදුරෙක් හෝ පැවිදි නායකයෙක් ගැන මේ වනතුරු අපට අසන්නට ලැබී නැහැ. මේ උපසංස්කෘතිය විසින් බිහිකර ඇති අපරාධකාරයින් මෙතකැයි කිව නොහැකියි. හරිහැටි වාහන පැදවීමේ නීතිරීති හා සදාචාරාත්මක චර්යා රටාවන් ගැන අනවබෝධයෙන් කටයුතු කරන ත්‍රීරෝද රියදුරන්ගේ නොසැළකිල්ල නිසා රටට අහිමි වූ ජීවිතද දහස් ගණනකි. මේ අතර තරුණ මව්වරුන් හා අහිංසක දරවන් එමටයි. සොරකම් වලට, කුඩු බෙදා හරින්න හා ගණිකාවන් ප්‍රවාහනයට මේ ත්‍රීරෝද උපසංස්කෘතියෙන් ලැබුන පිටුවහලද කියා නිමකළ නොහැකියි. නීතිය හා සාමය රකින ආයතන හා නිලනොවන අධ්‍යාපන ආයතන ත්‍රීරෝද රථ රියදුරන්ට යම් පුහුණුවක් දියයුතුයි. මේ සම්බන්ධයෙන් ඉක්මන් කතිකාවක් ජාතික මට්ටමින් සිදු නොකළහොත් රටේ ඉදිරි ගමනට මෙය අතිමහත් බාධාවක් වියහැකියි (නි)