කඩුගන්නාව බැලුම්ගල පැවිදි පිංකමට පැමිණී වන්දනාකාරියකගේ රුපියල් 37,000 ක් පමණ වටිනා රන් ආභරණ හොරා ගත්තැයි ත්‍රීරෝද රියදුරෙකු අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
ක්ෂණික සෝදිසියක් කළ කඩුගන්නාව පොලිසියට එම වන්දනාකරුවන්ගේ ත්‍රිවිල් රථය අසල ගැවසෙමින් සිටි වෙනත් ත්‍රීරෝද රියදුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරිමේ දී එක් අයකු ගැන සැක සිතී දිගින් දිගටම ප්‍රශ්න කිරිමේ දී රන් ආභරණ සොයා ගත හැකි වු බවත් සැකකරු අද (24) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් කඩුගන්නාව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදේටම මුල නීතියේ දුර්වලකම (නි)
ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද ප්‍රවාහන සංස්කෘතිය ඇරඹෙන්නේ ඇති නැති පරතරයට, තරුණ පරපුරේ සේවා වියුක්තියට හා ඉන්ධන ගාස්තු අහස උසට නැඟීම වැනි සමාජ ආර්ථික ප්‍රශ්න වලට යම් ප්‍රමාණයක විසඳුමක් ලෙසයි. එය වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රබල උප සංස්කෘතියක් ලෙස කැපීපෙනෙන තරමට හිස ඔසවා ඇත. කසල පුළුස්සන වැඩටත් ඇමතිවරු පත්කරන රටක අඩු ආදායම්ලාභීන් බහුතරයක් සිටින රටක ත්‍රී රෝද සංස්කෘතිය ජනතා හිතවාදී ලෙස සකස් කරගැනීමට වෙහෙසුන දේශපාලකයෙක්, සරසවි ඇදුරෙක් හෝ පැවිදි නායකයෙක් ගැන මේ වනතුරු අපට අසන්නට ලැබී නැහැ. මේ උපසංස්කෘතිය විසින් බිහිකර ඇති අපරාධකාරයින් මෙතකැයි කිව නොහැකියි. හරිහැටි වාහන පැදවීමේ නීතිරීති හා සදාචාරාත්මක චර්යා රටාවන් ගැන අනවබෝධයෙන් කටයුතු කරන ත්‍රීරෝද රියදුරන්ගේ නොසැළකිල්ල නිසා රටට අහිමි වූ ජීවිතද දහස් ගණනකි. මේ අතර තරුණ මව්වරුන් හා අහිංසක දරවන් එමටයි. සොරකම් වලට, කුඩු බෙදා හරින්න හා ගණිකාවන් ප්‍රවාහනයට මේ ත්‍රීරෝද උපසංස්කෘතියෙන් ලැබුන පිටුවහලද කියා නිමකළ නොහැකියි. නීතිය හා සාමය රකින ආයතන හා නිලනොවන අධ්‍යාපන ආයතන ත්‍රීරෝද රථ රියදුරන්ට යම් පුහුණුවක් දියයුතුයි. මේ සම්බන්ධයෙන් ඉක්මන් කතිකාවක් ජාතික මට්ටමින් සිදු නොකළහොත් රටේ ඉදිරි ගමනට මෙය අතිමහත් බාධාවක් වියහැකියි (නි)