බළංගොඩ ,බදුල්ල ,අලුත් නුවර ගැට්ටපාන වංගුවේදී පෞද්ගලික බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී තරුණියක (25) මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
තුවාලකරුවන් එකම පවුලේ අය බව කියති.
(ඡායාරූප ප්‍රියන්ත එම් හේවගේ)
(ඡායාරූප -ප්‍රින්ස් රත්නායක
බළංගොඩ ,බදුල්ල ,අලුත් නුවර ගැට්ටපාන වංගුවේදී පෞද්ගලික බසයක් හා ත්‍රිරෝද රථයක් ගැටී තරුණියක (25) මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
තුවාලකරුවන් එකම පවුලේ අය බව කියති.
(ඡායාරූප ප්‍රියන්ත එම් හේවගේ)
(ඡායාරූප -ප්‍රින්ස් රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා ලංකාවේ මහා මාර්ග වල නිකරුනේ අහිමවන ජිවිත එමටය , බොහෝ ජිවිත නැතිවන්නේ නොසැලකිලිමත් කමින් රිය පැදවීම් නිසා , ත්‍රි රෝද රථ පාරේ යන්නේ මාර්ග නීති වලට පටහෙනිව බොහෝ විට , එමෙන්ම බර වාහන බස් සහ ලොරි පදවන්නන් එසේමය , මාර්ග නීතිවලට ගරු කරනවානම් බොහෝ අනතුරු අවම වෙනවා (දී)
අනේ මන්ද ගෙවුන පැය 24 ට මොනතරම් අනතුරු උනාද ? කීදෙනෙක් මැරුණද ? මේවලින් අපේ මිනිස්සු ඉගෙන ගන්න පාටකුත් නැහැ . මාර්ග නීති රීති වල ලොකු හිඩෙසක් වගේම රියදුරු බලපත් දීමේ ක්‍රමවෙදයේත් ලොකු අඩුපාඩුවක් තියෙනවා කියන එක නේද මේ අනතුරු වලින් පැහැදිලි වෙන්නේ තවත් පමා නොවී ඉක්මන් විසදුම් නොදුන්නොත් තවත් අහිංසක ජිවිත අකාලේ අහිමි වෙලා යන එකනම් නවත්තන්නවා බොරු , මිය ගිය ඔබට නිවන්සුව , රෝහල් ගත උන සැමට ඉක්මන් සුවය (දී)
කොළොඹ සි සි ටි වී වලින් දැක්ක විදියට කොළොඹ සිදුවුණ අනතුරු වලින් 90% ම ත්‍රිරෝද රථ නිසා සිදුවුණ අනතුරු . මේ මිනිස්සු හම්බ කරන්න තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතත් අනතුරේ දමාගෙන රියපදවන්නේ . (දී)
ලංකාවේ පාතාල, කුඩු, ගණිකා, මිනීමැරුම් සියල්ලම මේ රථය සමඟ බැඳී පවතී. මේ වෙනුවට කුඩා හිරු එළියෙන් දිවෙන කාර් එකක් සැදීමට තරුණ ඉන්ජිනේරුවන්ට සිත් පහළ වී අපිද සැබෑ ආශ්චර්යයේ කොටස්කරුවන් වීමට සිතුවොත් හොඳ නැද්ද? (නි)
අපොයි ! (ස)
විවෘත ආර්ථික ක්‍රමයේ සහ ගමනා ගමන සේවය පෞද්ගලික කරපු එකේ ප්‍රතිපල මේවා , මිනිස් ජිවිත වල වටිනාකම බල්ලන් බළලුන් ගානට ගිහින් (දී)
අවිනීත රියදුරන්ට දැඩි දඩුවම් දෙන ස්ථිර ක්‍රමයක් එනතුරු මෙහෙම තමා (දී)
මහා මග නීතියක් නැති කමයි මේ ඔක්කොටම මුල (දී)
ලංකාවේ මාර්ග නීති කඩකරන රියදුරන් ගැන නීති සුරකින්නන් මීට වඩා සැලකිලිමත් වියයුතුය දැන් සිදුවන්නේ මාර්ග නීති කඩ කරන තෙක් හැංගී බලා සිට අල්ලගෙන දඩ එකතු කරන ක්‍රියා මාර්ගයකි (දී)
ලංකාවේ බහුතර මාර්ග අනතුරු සිදුවන්නේ ත්‍රි විලර , පෞගලික බස් රථ වලින් සහ බර වාහන වලින් , මොවුන් රිය පදවනවට වඩා කරන්නේ , උපරිම වේගයෙන් පියාඹන එක , සමහර වාහන වල තිරිංග වැඩ කරන්නෙත් නැහැ , (ස)
දවසින් දවස මාර්ග අනතුරු , මාර්ග නීති මෙන්ම රියදුරු බලපත් දීමේදී දැඩි නීති මත නිකුත් කරන්නේ නම් ටිකක් හෝ රියදුරා වගකීමෙන් ගමන් කරයි. දියුණු රටවල ආදර්ශයට ගෙන බරවාහන ගමන්කිරීමට, වෙනම තීරුවක් මාර්ගයේ පෙන්නුම් කලයුතුයි. නීති පද්ධති නිසියාකාරව දැඩි නීති යෙදීම බලදාරින් සතුය. (අ)
මෙය රියදුරුගේ වරදින් වුණු දෙයක් නෙමෙයි. ත්‍රී රෝද රථයේ ඇක්සලය කැඩීමෙන් සිදු වූ දෙයක්. (ස)
බරවාහන පැදවීමට වෙනම තීරුවකුත්, අඩු ගමන් වේගයක් ඇතිකළත්, ත්‍රීරෝද වාහන වලට තියෙන්නේ හරි හදිසියක්නේ. අනික දැන් මේ ලෙඩේට කොයිතරම් බෙහෙත් දැම්මත් අල්ලන්නේ නැහැ. මුළු ඇඟේම ඔඩුදුවලා ඉවරයි. (නි)
අපි රාත්‍රියට කොතරම් අදහස් ලිවුවත් අනතුරු වලින් අහිංසක දුප්පත් ජනතාව මුදාගන්න වැඩපිළිවෙළක් දියත්කරන්න කාටවත් ඕනෑකමක් නැහැ. (නි)
මේ ත්‍රිරෝද රියදුරන්ගේ අවිනීතකම් පෙන්වන හොඳම දසුනක්. බස් රියැදුරු හරි. මේ අවස්ථාවේ කොහොම වුණත් බොහෝ පුද්ගලික බස් රියදුරනුත් අවිනීතයි. මොවුන්ට හරි මඟ පෙන්වන දැඩි නීති පැනවිය යුතුය (නි)
අනේ දෙවියනේ! (නි)
ඕක තමයි කියන්නේ ඉන්දියාවේ දේවල් ගන්න එපා කියලා. ලංකාවේ දෙයක් හදාගන්න බලන්න (නදී)