ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා නිකුත් කළ අති විශේෂ ගැසට්පත්‍රය මගින් ත්‍රීරෝද රථ සඳහා නිකුත් කර ඇති නියෝග මාලාව ක්‍රියාත්මක කරන දිනයක් සඳහන් කර නොමැති බැවින් එය ක්‍රියාත්මකවීම සැක සහිත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ නිසා එය ක්‍රියාත්මක වන දිනය වහා ප්‍රකාශයට පත්කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කරන බව ද එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම ගැසට් පත්‍රයේ සඳහන් නියෝග අනුව ත්‍රීරෝද රථවල ගමන් ගන්නා මගීන්ට ගමනාන්තයේදී රිසිට්පතක් නිකුත් කිරීම අනිවාර්ය කර ඇතත් දැනට වෙළඳ පොලෙහි අලෙවිවන ටැක්සි මීටර් මගින් මගියාට රිසිට්පතක් නිකුත් කළ නොහැකි නිසා එවැනි ටැක්සි මිටර් අලෙවිය නවතා දැමීමට කටයුතු කරන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලීමක් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් වලත් සින්දු තහනම් කරන්න ඕනේ (ම)
ගෙදර ස්වාමියාගෙන් පිනට කන බල්ලෝ ගැන අරුණ මහත්තය දුක් ගන්න කාරණයක් නැහැ. මොකද ආණ්ඩුවක් වුුනත් බල්ලගෙන් නෙමෙයි, ස්වාමියට තමයි බදු ගහන්නේ. (ඒ නිසා අරුණ මහත්තය ඒ ස්වාමි කාන්ඩේට අයත් නොවන නිසා ඒ බලු ටැක්ස් එක ඔබට අදාළ නැහැ ) ජනතාවගෙන් ගසා කන ත්‍රීවිල් රියදුරන්ගෙන් රටේ පවතින ඕනෑම රජයක් බදු අයකළ යුතුයි. (බ)
මේක හොඳ වැඩක් වුනාට මේ රජය දන්නේ නැහැ ඒක හරියට ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල . ආණ්ඩුව ත්‍රී වීල් වලට මීටර මීටරවල ටිකට් නිකුත් කිරීමේ පහසුකම තිබෙන ඒවා විය යුතු බව .මේක හරියට ක්‍රියාත්මක වෙන්න නම් දැන් ආණ්ඩුවට සිද්ද වෙනවා තියෙන මීටර වෙනුවට ටිකට් නිකුත් කිරීමේ පහසුකම් තියෙන මීටර ත්‍රී රෝද රථ හිමියන්ට නොමිලයේ ලබාදෙන්න . එහෙම නැතිව නම් මේ කියන නීතිය නිකම්ම නිකම් නීතියක් පමණක් වෙනවා සිකුරුයි (බ)
රිසිට් පත ආණ්ඩුවට භාරදුන්නහම පාරිබෝගිකයට එම මුදල් ආපසු ගෙවීමේ ක්‍රමයක් සලසන්න වෙන්න ඇති අනේ මෙහෙමත් රටක් (බ)
අයියෝ! එ්කවත් දන්නේ නැත්ද? මෙන්න දින. මේ දින වලින් එකකදී ඕක සිද්ධවේවි. 1. විධායක ජනාධිපතිකම අහෝසි වෙන දිනය. 2. සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් වෙන දිනය 3. රුපියල් 25000/- අවම දඩය ක්‍රියාත්මක කරන දිනය 4. මුදල් ඇමති කිව්වා වගේ වැට් බද්ද අඩුකරන දිනය...... තව ඕනෑ නම් තව කියන්නම්. (නි)
තව එකක් අමතක වුණා. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය නීතියට වාහන එළවන දිනය ගැනත් සළකා බලන්න (නි)
මොකක් කරලා හරි කමක් නැහැ, ත්‍රීවීල් ටික පාරෙන් එළියට දාගත්තොත් ඇති. (නි)
මොන නීති දැම්මත් කමක් නැහැ.... එත් මේ අහිංසක අයගේ පහසුකම් බලන්න. (ර)
බන්දුල කියන්නේ ත්‍රීවිල් රියදුරෙක්ද කොහෙද. මෙයාලගේ අහිංසකකම රෙද්ද පල්ලෙන් බේරෙනවා. හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම හදන්නේ මෙයාලා. උදේ පාන්දර මල් තියලා ඒවට වැඳලා පාරට දමපු ගමන් ඉඳලා කරන්නේ ජරා වැඩ (නි)
නිකන් ෂෝ එකට මුවහමට තඩිබානවා. මෙහෙම නීති ගෙනෙන්න කලින් මේ තියන ත්‍රී වීල් වසංගත වල තියන මීටර් වලින් රිසිට්පත් දෙන්න බැරි බව දන්නේ නැද්ද? දැන් මේ ත්‍රීවීල් වලින් මිනිසුන්ට තියන ලොකුම ප්‍රශ්නය මේ ඊනියා ටිකට් එකද? අන්න ඊයෙත් බස් එකක් දැක දැක පාරට දමලා බස් එක තිරිංග තදකරලා දෙන්නෙකුට තුවාලයි. බලන්න ඕනෑ මේවා. නීති ඕනෑ විනයක් හදන්න. ටිකට් දුන්නට මේ අය හැදෙන්නේ නැහැ (නි)
අනේ මේ, මුලින්ම පුද්ගලික බස් වල ටිකට් දෙන එක හරියට හදලා දෙන්න (නි)
හිතුමතේට ගාණ කපන ත්‍රීවීල් ගොයියෝ මෙතනටත් ඇවිල්ලා. රිසිට් එකක් දෙන්න දැන් මැෂින් වලින් බැරි නම් අලුත් මැෂින් හයි කරගන්න. ත්‍රීවීල් දවසට හම්බ කරන ගාන ගෙදර බිරිඳවත් දන්නවද? මගී යහපත තකා ප්‍රවාහනය මිසක් ත්‍රීවීල් වලට ඕනෑ විදිහට මගී ප්‍රවාහනය වෙන්න දෙන්න බැහැ (නි)
කොහොම හරි ගමන් රිසිට් පතින් දුප්පත් මගියාට තවත් බද්දක් ගහල තමයි මේ බංකොලොත් ආණ්ඩුව නවතින්නේ (බ)
ආණ්ඩුව කරන වැඩ වල කිසිම පිළිවෙලක් නැහැ. යටිතල පහසුකම් සොයා බලන්නේ නැතුව නීති සම්පාදනය කරන්නේ මොකද. (නි)
ටැක්සි මීටර්වලිනුත් ගානක් කපාගන්නයි එහෙනම් ට්‍රයි එක. ඔවු ඔවු පායනකොට වේලගන්න එපාය. (බ)