දෙසැම්බර් 06 වැනිදා රාත්‍රි 7.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සමරැ රඟහලේදී
ලාංකික කාන්තා වාද්‍ය වෘන්ද ඉතිහාසයේ පළමු තාල වාද්‍ය කණ්ඩායම දෙසැම්බර් 06 වැනිදා රාත්‍රි 7.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සමරැ රඟහලේදී සිය ලාස්‍ය හඬ විහිදුවාලීමට සූදානම්ය. ‘තූර්යා ලයිව් කලම්බෝ 2016’ ලෙස නම් කර ඇති මේ අපූරැ වාද්‍ය රාත්‍රිය සෞන්දර්ය කලා විශ්විද්‍යාලයේ සිසුවියන් 10 දෙනෙකුගෙන් සමන්විතය. දේශීය බෙර වාදන කලාවන්ට අදාළ ගැට බෙර, යක් බෙර, දවුල්, තම්මැට්ටම් සමඟ අපරදිග ඩ්‍රම්ස්, කොගෝ සහ තබ්ලා යන වාද්‍ය භාණ්ඩ සියල්ලම භාවිත කරමින් සංගීතය පිළිබඳ වෙනත් රසක් සැපයීමට ඔවුන් බලාපොරොත්තු වේ.
සිතාරා මධුවන්ති (නායිකා), තාරැකා සෙව්වන්දි, නදීකා අසුරනාද, චාමිනී අනුරැද්ධිකා, සඳුනි චතුරංගි, ශලිනි යශෝධා, හෂිනි සිරිවර්ධන, චේතනී රත්නායක, චතුරිකා සඳරැවනි සහ ඔශීන් සචිනි තූර්යා තාල වාද්‍ය වෘන්දයේ සාමාජිකාවන් වේ. සංගීත අධ්‍යක්ෂණය ශ්‍රියාන් චන්ද්‍රසේකර ගෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd