ත්‍රිකුණාමලය,කොටුව පුරා විද්‍යා රක්ෂිතයේ කොනේෂ්වරන් කෝවිල අසල අනවසර ඉදිකිරීම් වලට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා ලෙස අදාළ අංශ වලට ලිඛිතව දැනුම් දී ඇතත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව කියයි.
කෝවිල් දාන ශාලාව අසල රක්ෂිතයේ ගස් කපා කොටු පවුර දෙසට අඩි 34ක් දිගට කිසියම් ඉදිකිරීමක් සඳහා ගෙපලක් කපා ඇති බවද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
දෙපාර්තුමේන්තුවේ නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි නිලධාරියකු කීවේ සංරක්ෂණ අධ්‍යක්ෂකගේ 2016 අගෝ.03 ලිපියෙන් මෙම පරිශ්‍රය තුල බාහිර ස්වරූපය වෙනස් නොවන අයුරින් අලුත් වැඩියාවන්ට පමණක් අවසර දී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙයියනේ මේ සිංහල ජාතියට වෙන හානිය බලන්න. එකම එක දේශපාලුවෙක් හෝ ඉහළ රාජ්‍ය නිලධාරියෙක් නැද්ද? මේවා වෙන්නේ, යහපාලුවන්ගේ ලිහිල්/දුර්වල ක්‍රියාකලාපයේ ප්‍රතිඵල නිසා නේද? (නි)
මෙතැන තිබ්බ ගෝකණ්ණ විහාරය හොයා ගන්නවත් බැරි තරමට විනාශ කළා. අන්තිමට ඉතිරිවෙලා තිබුණු බෝධියත් මේ මෑතකදී කපලා දැම්මා (බ)