ත්‍රිකුණාමල මහ දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වා වෙනුවට වෙනත් දිසාපතිවරයකු පත් කරන්නැයි ත්‍රිකුණාමල නගරයේදී සිංහල,දෙමළ හා මුස්ලිම් වැසියෝ අද (29) උද්ඝෝෂණයක් කළහ.
මහජනයාට ‘අයිසේ ,තමුසේ‘ යනුවෙන් නොඅමතන දිසාපතිවරයකු ඕනෑ යැයි ඔවුහු කියති.
තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහ දිසාපති රංජිත් සිල්වා මහතා කියයි.
මෙම උද්ඝෝෂණය පිටු පස රජයට එරෙහි කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් ඇතැයි ඔහු කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවේ අය දිසාපති කම් කරන බවක් මම දන්නේ අදයි.(දී)
ප්‍රතික්ෂේප කළාට තමුන්නාන්සේ මිනිසුන්ට කතා කරන්න අර කිවුව වචන පාවිච්චි කළාද? නැද්ද? මිනිසුන්ට හමුදාවේ සෙබළුන්ට කතා කරන විදිහට කතා කරන්න හොඳ නැහැ. (නි)
මෙයා අම්බලන්ගොඩ හාදයෙක් වෙන්නැති! (ස)
මෙතන වෘත්තීන් දෙකක සබඳතාවක්නේ. ඒ දෙක එකට ගැළපෙන්නේ නැති එකයි ප්‍රශ්නය. (නි)
සීල, මෝඩ අදහස් දාන්න එපා (නි)
ගාමිණී දැන් තේරනව ඇති ඒ වචන කොච්චර හොඳද කියල (දී)
ගොරවන්නේ වහින්න වගෙයි. බලාගෙනයි. (නි)
ආණ්ඩුවේ රස්සා දෙකක් එක පුද්ගලයෙකුට කල හැකිද (දී)
ඔය වචන දෙක තුන පමණද කිවුවේ? අයියෝ! ඕවා ගණන් ගන්න එපා (නි)
රාජ්‍ය පරිපාලනයේ පරණ හමුදා නිල වලින් පුරවල විදේශ සේවය පරණ හමුදා නිලවලින් පුරවල පාසල් පද්ධතිය පරණ හමුදා නිලවලින් පිරිලා ඉතින් කොහොමද සිවිල් අයිතීන් රැකෙන්නේ (දී)
එපානම් වෙනස් කරන්න (දී)
උද්ගෝෂණය පිටිපස්සේ ඉන්නේ හමුදා විනය රුස්සන්නේ නැති රජයේ සේවක පිරිසක් වගෙයි. (දී)
තමන් රජයේ සේවකයෙක් බවත් මහජනතාව ගෙවන බදු මුදලින් දරු පවුල රකිමින් බඩ කට පුරවා ගන්න බව අමතක වෙලාද ?.දිසාපති නෙවෙයි කවුරු උනත් වැඩක් නැහැ මිනිහෙකුට වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැත්තම් .(දී)
කාන්තාවන්ට කතා කරන්නෙත් මෙහෙමද දන්නෙ නැහැ (නි)
අයිසේ ..කියන්නේ අඩෝ ..කියනවාට වඩා හොඳ වචනයක් ! තමුසේ කියන්නේ ..තමුන්නාන්සේ වචනයට කෙටි .. වචනයක් ! (දී)
එතන නම් පරහක් තියෙන බව අපට තේරෙනවා. (දී)
හැම දෙයක් පස්සෙම ඉතින් රජයට එරෙහි කුමන්ත්‍රණයක් නේ (දී)
අයියෝ සල්ලි (දී)
මේ තනතුර දැරිය යුත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු යැයි යන්න මගේ පුද්ගලික අදහසයි (නි)
වහාම මාරු කරන්න (දී)
ගොඩක් ආරක්ෂක අංශයේ අය ,පොලිසියේ අය මහජනතාවට මේ වගේ වචන බොහෝවිට භාවිත කරනවා මමත් දකිනවා.මෙය වෙනස් විය යුතුම දෙයකි (නි)