IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ත්‍රි′මලේ ඉන්න දිසාපති එපාලු

ත්‍රිකුණාමල මහ දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වා වෙනුවට වෙනත් දිසාපතිවරයකු පත් කරන්නැයි ත්‍රිකුණාමල නගරයේදී සිංහල,දෙමළ හා මුස්ලිම් වැසියෝ අද (29) උද්ඝෝෂණයක් කළහ.

මහජනයාට ‘අයිසේ ,තමුසේ‘  යනුවෙන් නොඅමතන දිසාපතිවරයකු ඕනෑ යැයි ඔවුහු කියති.

තමාට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව මහ දිසාපති රංජිත් සිල්වා මහතා කියයි.

මෙම උද්ඝෝෂණය පිටු පස රජයට එරෙහි කුමන්ත්‍රණකාරී  වැඩ පිළිවෙළක් ඇතැයි ඔහු කියයි.

DSCN0192 DSCN0210

 

 

 

 



අදහස් (0)

ත්‍රි′මලේ ඉන්න දිසාපති එපාලු

ලුම්බිණි Monday, 29 September 2014 10:56 AM

හමුදාවේ අය දිසාපති කම් කරන බවක් මම දන්නේ අදයි.(දී)

:       0       0

ගජේන් Monday, 29 September 2014 11:01 AM

ප්‍රතික්ෂේප කළාට තමුන්නාන්සේ මිනිසුන්ට කතා කරන්න අර කිවුව වචන පාවිච්චි කළාද? නැද්ද? මිනිසුන්ට හමුදාවේ සෙබළුන්ට කතා කරන විදිහට කතා කරන්න හොඳ නැහැ. (නි)

:       0       0

සීල Monday, 29 September 2014 11:19 AM

මෙයා අම්බලන්ගොඩ හාදයෙක් වෙන්නැති! (ස)

:       0       0

සනත් Monday, 29 September 2014 01:24 PM

මෙතන වෘත්තීන් දෙකක සබඳතාවක්නේ. ඒ දෙක එකට ගැළපෙන්නේ නැති එකයි ප්‍රශ්නය. (නි)

:       0       0

රවී - ඕමාන් Monday, 29 September 2014 01:35 PM

සීල, මෝඩ අදහස් දාන්න එපා (නි)

:       0       0

සමීර Tuesday, 30 September 2014 03:45 AM

ගාමිණී දැන් තේරනව ඇති ඒ වචන කොච්චර හොඳද කියල (දී)

:       0       0

සමන්ති Monday, 29 September 2014 02:10 PM

ගොරවන්නේ වහින්න වගෙයි. බලාගෙනයි. (නි)

:       0       0

පියල් Tuesday, 30 September 2014 03:58 AM

ආණ්ඩුවේ රස්සා දෙකක් එක පුද්ගලයෙකුට කල හැකිද (දී)

:       0       0

මහේෂ්‍ Monday, 29 September 2014 02:13 PM

ඔය වචන දෙක තුන පමණද කිවුවේ? අයියෝ! ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

සේරම් Tuesday, 30 September 2014 04:13 AM

රාජ්‍ය පරිපාලනයේ පරණ හමුදා නිල වලින් පුරවල විදේශ සේවය පරණ හමුදා නිලවලින් පුරවල පාසල් පද්ධතිය පරණ හමුදා නිලවලින් පිරිලා ඉතින් කොහොමද සිවිල් අයිතීන් රැකෙන්නේ (දී)

:       0       0

කුමුදු Monday, 29 September 2014 04:06 PM

එපානම් වෙනස් කරන්න (දී)

:       0       0

කිරි ගමරාල Tuesday, 30 September 2014 05:24 AM

උද්ගෝෂණය පිටිපස්සේ ඉන්නේ හමුදා විනය රුස්සන්නේ නැති රජයේ සේවක පිරිසක් වගෙයි. (දී)

:       0       0

මනෝජ්-සාජා Monday, 29 September 2014 04:55 PM

තමන් රජයේ සේවකයෙක් බවත් මහජනතාව ගෙවන බදු මුදලින් දරු පවුල රකිමින් බඩ කට පුරවා ගන්න බව අමතක වෙලාද ?.දිසාපති නෙවෙයි කවුරු උනත් වැඩක් නැහැ මිනිහෙකුට වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැත්තම් .(දී)

:       0       0

මාලක Monday, 29 September 2014 05:24 PM

කාන්තාවන්ට කතා කරන්නෙත් මෙහෙමද දන්නෙ නැහැ (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 29 September 2014 09:39 AM

අයිසේ ..කියන්නේ අඩෝ ..කියනවාට වඩා හොඳ වචනයක් ! තමුසේ කියන්නේ ..තමුන්නාන්සේ වචනයට කෙටි .. වචනයක් ! (දී)

:       0       0

ධම්ම Monday, 29 September 2014 09:40 AM

එතන නම් පරහක් තියෙන බව අපට තේරෙනවා. (දී)

:       0       0

බුවා Monday, 29 September 2014 08:05 PM

හැම දෙයක් පස්සෙම ඉතින් රජයට එරෙහි කුමන්ත්‍රණයක් නේ (දී)

:       0       0

ෆාතිමා Monday, 29 September 2014 10:01 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කසුන් Monday, 29 September 2014 08:15 PM

මේ තනතුර දැරිය යුත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු යැයි යන්න මගේ පුද්ගලික අදහසයි (නි)

:       0       0

මනෝජ් Tuesday, 30 September 2014 06:42 AM

වහාම මාරු කරන්න (දී)

:       0       0

කුමාරන Monday, 29 September 2014 10:25 AM

ගොඩක් ආරක්ෂක අංශයේ අය ,පොලිසියේ අය මහජනතාවට මේ වගේ වචන බොහෝවිට භාවිත කරනවා මමත් දකිනවා.මෙය වෙනස් විය යුතුම දෙයකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site