ද්‍රවිඩ ජනයාගේ මුදුන්මල්කඩක් වැනි තිරුපති හින්දු දෙවොලේ ආශිර්වාද ලබාගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලංකාවට එන විට ඔහුගේ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු වන හින්දු භක්තිකයන් දෙදෙනකු විපක්ෂයට පැමිණි බව ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹ හත විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවසීය.
‘ජනාධිපතිතුමා තිරුපති ගියා. ඒත් වැඩක් වෙලා නෑ. තිරුපති ගිහින් ලංකාවට එද්දි එතුමා ළඟ හිටපු දෙමළ නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු අපේ පැත්තට ඇවිත්.
අපෙන් දෙන්නෙක් ඒ පැත්තට ගියා. එක් අයෙකුට එක ඡන්දයක්වත් නෑ. අනෙක් එක්කෙනාට මනාප ඡන්ද 22000යි. නමුත් මේ වෙනකොට සන්ධානෙන් මනාප ඡන්ද ලක්ෂ දහයක් පමණ ගත් මන්ත්‍රීවරුන් අපේ පැත්තට ඇවිත් ඉන්නවා.
මා ආණ්ඩුවට එකතු වෙන්න යන බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණා. එය සම්පූර්ණ අසත්‍යයක්.
ඌව සබාවේ බලයක් අපි ගන්නවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්ත රැල්ල පටන් අරන් තියෙන්නේ.කිසිවෙකුට ඒක නවත්වන්න නම් බැහැ මේපාර.(හේ)
ඡන්දෙ දෙන අපිට මොකුත්ම නැහැ. (නි)
කවුරු පක්ෂ මාරු වුනත් ජනතාවගේ අතේ බලය තියෙන්නේ.එක නිසා අනාගත පරපුර ගැන හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න.දුෂණය පිටු දකින්න.ඒකාධිපති පාලනයට තිත තබන්න.සැබෑව දකින්න. (හේ)
මං අහලා තියෙන්නේ නම් තිරුපති කියන්නේ ඒ කෝවිල පිහිටි ප්‍රදේශයේ නම බවයි. මේක වෙන්කතෙශ්වර දෙවියන්ගේ කෝවිලක්. වෙන්කතෙශ්වර කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අවතාර දහයෙන් එකක්. ඒ කියන්නේ මේක විෂ්ණු කෝවිලක්. (නි)
මෙහෙම වුණා කියලා ඒ වැඩේ හරිනොගියා කියන්න බැහැ (නි)
ජනාධිපතිවරණයකදී පක්ෂයට වඩා පුද්ගලයාගේ ප්‍රතිපත්ති තමයි මහජනතාව සළකන්නේ.මන්ත්‍රීලාගේ එහා මෙහාවීම තීරණාත්මක සාධකයක් වෙන්නේ නැතිබවයි සාමාන්‍ය මතය. (නි)
මේක මහා පුදුම රටක්. හැමදාම ෆේස් බූක් එකේ අන්තර්ජාලයේ දිනන්නේ අනිත් අපේක්ෂකයා නමුත් සැබෑ ජන්දෙන් දිනන්නේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මහින්දට ජන්දේ දෙන අය අන්තර්ජාලය පරිහරණය කරන්න දන්නේ නැ කියන එකද? සිහියෙන් සීතා හරි දේ කරන්න ඕනි කාලයක් මේක .(ම)
බන්දුල මහත්තයෝ ඔබතුමාව මට හම්බ වෙන්න නම් පුළුවන්.හැබැයි අපි කාටත් දැනගන්න අපිට කියන්න ඔබතුමා යාමට අදහස් කරන රට මොකද්ද කියලා.මොකද අපි හැමෝම දන්නවා 9 වෙනිදායි පසු ඔබතුමා ලංකාවෙන් අතුරුදහන් වෙන බව. (අ)
මාර වැඩේ කියන්නේ සමන්ජය ,සමන්ට යොමුකරපු ප්‍රශ්නයට බන්දුල පෙරේරා පැනලා උත්තර දීපු එකනේ.ඔහොම වෙනවා..... .හොරාට ඉස්සල්ලා කෙහෙල්කැන පනිනවා. (අ)
නායකයෝ පැත්ත මාරු වුනාට ඡන්ද ටික තාමත් මෙහේ..එක පෙනේවි 9 වැනිදා. (හේ)
ගුණසේකර, අපේ රටේ බෞද්ධයන් කී දෙනෙක් විභාගයක් ළං වුණාම ළමයින් එක්ක දේවාලයකට ගොස් ගණ දෙවියන්ට බාරවෙනවද?තිරුපති දෙවොල ලස්සනට තිබෙන ගණදෙවි කෝවිලක්. (නි)
දෙවියන් පිදීමට එළුවන් වැනි සත්වයන් බිලිදීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. (නදී)
රුචිර, හිතේ දුකට එතකොට කවි කියවෙනවා (නි)
පළාත් සභාව පෙරලන්ඩ නිකන්ම පුලුවන්. ජනාධිපතිවරණය දිනන්කෝ ඉස්සරලම (නදී)
මහින්ද පරදිනවා කියන අය කොහොමත් රටේ වැඩියි. මුල මතක නැති මිනිස්සු! (නි)
දෙවියන්ට පූජා තියනවා වගේම මානුෂිය ප්‍රතිපත්තිත් තියෙන්න ඕනෑ. දෙවියන්ගේ බැල්ම වැඩකරන්නේ හෙමින්. ඒක වෙලාවට වැඩකරයි (නි)
ජය වේවා හරින්. (නදී)
දෙවියන්ට අපිට වඩා හොදට හරි වැරැද්ද පේනවා. (නදී)
තිරුපති කෝවිලේ මා දන්නා තරමින් සත්ව ඝාතන සිදුකරන්නේ නැත . හරිම පිරිසිදුවට තියෙන්නේ .ඇතුලත ගමන් බිමන් නොමිලේ .ලස්සන කන්දක් මත තියෙන්නේ .සියලුම කැම අවට කඩවල පවා නිර්මාන්සයි .නැවතීම සඳහා කාමර නෑමට කාමර විදුලිය සමග හරිම අඩුවට දිනකට ලංකා මුදලින් රුපියල් 110ක් පමණ වේ.දිනකට 10000 කට වඩා බැතිමත්තු පැමිණේ . මෙය ගනදෙවියන්ට පිදු කෝවිලකි . විදේශිකයන් සඳහා ලංකාවේ මුදලින් රුපියල් 800 ක් පමණ ගෙවා යායුතු (පය 1ක් පමණ වෙලාවක් ගතවන ) පෝලිමක් තිබේ .වී අයි පී අය සඳහා පෝලිමක් නැත . (හේ)
දෙවියන්ට කවදාවත් බොරුකරන්න බැහැ කාටවත් (නි)
මංගල, මුල අමතක කළ මිනිසුන්ට තමයි පරාජය අත්විය යුතුවන්නේ! (නි)
කෝටි ගණනින් වෙන වංචා දුෂණ මෙච්චර පැහැදිලිව පෙන්නද්දීත් සමහරුන්ට ඒවා නොතේරෙන එක ගැන කනගාටුයි.කරුණාකර පාට කන්නාඩි ගලවල රට ගැන හිතන්න.(හේ)
මෛත්රී මැතිතුමාට ජයවේවා ! (නි)
ආණ්ඩුවක් ප්‍රතිපත්ති මට කටයුතු කිරීමයි කළයුත්තේ.කෝවිල් දේවාල පසුපස හා අනාවැකි කියන්නන් මුල් කරගෙනම යන ගමන් අවදානම්. අනාවැකි කියන්නන් කියන දේවල් වල නිරවද්‍යතාවයත් විමසීම කඩිනමින් කළයුතුව ඇත. (නි)
සාදාරන මැතිවරණයක් තිබ්බොත් කුමක් සිදුවේද?(හේ)
තිරුපති දෙවියන් රටේ නියම තත්වය දන්නවා (නි)
සුනෙත් සභාවට ඇවිල්ලා තියෙන්නේ දවල් හීනයක් දැක දැක ඉඳලා. (නි)
මුල හොඳ වුණාට මැද සහ අග අපිට බොභෝම සවුත්තුයි (නි)
ඔව් සත්තු බිලි දීම පහත් වැඩක්, සමහරු මේවා ගණන් ගන්නේ නැහැ, එ්ත් පව පසුපස එනවා. (නදී)
තිරුපති ඇදහීමට භක්තිමත් හින්දු බැතිමතකු විය යුතුයි (නදී)
සුනෙත් ළමයෝ හීනෙන් නැගිටලද සභාවට ආවේ. (නදී)
අයියෝ විමල් සිම්පල් වැඩක්නේ. (නදී)
මුල මතක තියාගන්න පුළුවන් විදිහටද අග වැඩකළේ.යුද්ධය නිසා අපිත් ඡන්දෙ දුන්නා.නමුත් එහෙම කියලා ඕනෑ වැරදි වැඩක් කරන්න දෙන්න බැහැ. (නි)
වංචා නැති කරන්නද ආණ්ඩුවෙන්ම කට්ටිය ගන්නේ.පැත්ත මාරු වුනාම ඔකොම හරි නේ.(හේ)
මෙයාලට නියෝජ්‍ය ඇමතිකම් දුන්නේ වැඩක් ඇති හින්දා නොවෙයි. ඒ අය ගියාට එයාලට ඡන්දෙ දුන්න පිරිසෙන් 2/3 ක්ම සන්ධානයට කැමති අයයි. ඒ නිසා මේ ඡන්දෙට ඕක එච්චර වැදගත් නැහැ. (හේ)
අනේ අපේ වටිනා ඡන්දයට ගිය කළ.(හේ)
අන්න තේරුණා. අන්න හාස්කම.අපලේ 38 ගැහිලා හංසයාට ගියා. (නි)
එරංග,මටත් ඔය ටික කියාගන්න බැරුවයි හිටියේ. ළඟ හිටියා නම් මල්ලිට තෑග්ගක් දෙනවා. (නි)
මන්ත්‍රීවරු ගියාට එයාලා එක්ක මිනිස්සු යන්නේ නැහැ. මේ වගේ මෝඩ කතා කියන අයට ඡන්දෙ දීපු අයටයි ගහන්න ඕනෑ (නි)
මෙයාල හිතන් ඉන්නේ දේශපාලඥයෝ පක්ෂේ මාරු කළ පලියට මිනිස්සුත් පක්ෂේ මාරු කරනවා කියලා.(හේ)
අපි මනුස්සයට ඡන්දෙ දෙන්නේ පක්ෂෙට ගැහැව්වට පස්සේ......(ස)
සමන් මහත්තයෝ,ඔබතුමා කියන විදියට මන්ත්‍රීලා එක්ක මිනිස්සු යන්නෙත් නැහැ.රැස්වීමකට ජනගඟක් ගැලුවාට ඡන්දෙ දාන්නෙත් නැහැ.එතකොට අපි කොහොමද නිගමනයකට එන්නේ කවුරු දිනයිද කියලා.ඔබතුමා එය දැනගන්නා ක්‍රමවේදයත් අපිට පැහැදිලි කරන්න.එහෙම කියන්න දන්නෙ නැත්නම් මෝඩ කතා නොකියා ඉන්න. (නි)
මානසික රෝගයක් අන්ධ විශ්වාසය.එකට බෙහෙත් නැහැ. පරාජයේ වියරුව සහ බලයේ කෑදරකම මනාවට ඔප්පු වෙනවා මේවා දැක්කම.(හේ)
ලසන්ත ! ඔබ නොදන්නවාට මොනවා කරන්න ද? (හේ)
ඉන්දියාව කියන්නේ මිත්‍යා දුෂ්ටිකයන්ගෙන් ගහන වූ රටක්...නොපෙනෙන බලවේග වලට වහල්වීම මිනිසාගේ මෙන්ම රටක දියුණුවට ප්‍රධාන බාදාවක් ....ලෝකයේ දියුණු වූ පුද්ගලයන් සියල්ලන් පාහේ නොපෙනෙන බලවේග පසුපස ගොස් දියුණුව ලඟා කරගත් අය නොවේ,,,මේවා දකින්න ලිඳ ඇතුලේ හිරවෙලා නොහැකිය ...අවට ලෝකය දෙස නෙත් පාදා බැලිය යුතුය ..අප පුරුදු වී සිටින්නේ අපේ ප්‍රශ්න කාට හෝ නොපෙනෙන බලවේගයකට බාරදී එයින් පිහිටක් ලැබේ කියන්න විශ්වාසයෙන්... .බුදු දහම හරි ලෙස වටහා ගත් පුද්ගලයා කිසි කලෙක අඳුරේ අතපත ගාන්නේ නැහැ...තමාගේ දියුණුව ඇත්තේ තමා සතුවමය.මෙය විශේෂයෙන් ලීවේ සමන්තිගේ වර්ණනාවට පිළිතුරක් වශයෙන්. (ස)
වතුකර ඡන්ද ටික කොහොමත් දැන් මෛත්‍රීට තමා (නි)
බුද්ධගයාව, ලුම්බිනිය එහෙම වන්දනා කළානම් ඔහොම වෙන්නෙ නැහැ.(හේ)
දෙවියොත් අහක බලන කාලයක් තමයි අවිල්ලා තියෙන්නේ.(හේ)
සමන්ජය මහත්තයෝ, ජනාධිපතිවරණයක් කියන්නේ රටේ සාමාන්‍ය මිනිසුන් රටේ නායකයා තෝරන ඡන්දයක්. ඒකෙදි ඔය කොළඹ හතේ සුපිරි පැලැන්තියට තියෙන ව්‍යස්ථා ප්‍රශ්න මානව හිමිකම් මාධ්‍ය නිදහස් වගේ ඔය අනේකවිධ ප්‍රශ්න ඒ මිනිස්සු බලන්නෙත් නැහැ. ඒවා ඒ මිනිස්සුන්ට වැඩකුත් නැහැ. ඒවායේ බලපෑමක් ඒ මිනිස්සුන්ට ඇත්තෙත් නැහැ. ඒ මිනිස්සු දන්නා සරල යථාර්තය බහුතර බලය හිමි තැනැත්තා රට පාලනය කරනවා කියන එක විතරයි. ඔබ තුමා මේ ප‍්‍රතිපලය ලියල තියා ගන්න. මහින්ද මහත්තයා 56% යි. මෛත‍්‍රී මහත්තයා 41% යි. අනෙක් 3%යි. 9 වෙනිදට මාව හම්බ වෙන්න. පොළොවේ පයගහන්නේ කොහොමද කියල කියල දෙන්නම්. (ර)
දෙවියනි ජනතාව හොද තීරණයක් ගන්න බවට මම සහතික කරනවා.(හේ)
තමන් හරියට වැඩ කලානම් දේවාල හොයාගෙන ලෝකේ වටේ දුවන්න ඕනේ නෑනේ.(හේ)