පෞද්ගලික ප්‍රශ්න ජාතිවාදය වැපිරවීමට යොදා නොගන්නැයි ආගමික සමුළුව සියලු දෙනාගෙන් ඉල්ලයි.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති සමුළුවට ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, මාදුළුවාවේ සෝභිත, තීනියාවල පාලිත, නාගොඩ අමරවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ද සහභාගී වූහ.
අලුත්ගම සිද්ධිය ගැන කණගාටු වන බවත්, සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන බවත් සමුළුවේ නියෝජිතයෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම තම තමන්ගේ ආගම හරියට අදහා ගෙන අනුන්ගේ ආගම් වලට හොට දාන්නේ , ඇඟිල්ල දික් කරන්නේ නැතිව , නිවැරදි කර්මාන්තයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර අගේද ? (නදී)
සුලුතරයකගේ හැසිරීම අපි හෙළා දකිමු. (නි)
ජයවර්ධන මහත්තයෝ, පිල්ලේ නෝනා කියන්න ඕනෑ ටික කියලා, කරන්න ඕනෑ ටික කරලා ඉවරයි (නි)
ඇත්ත.රටක නීතිය යනු සැමට පොදුවූ දෙයකි. එය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට යාමෙන් විවිධ ගැටලු ඇතිවේ (නි)
සියල්ලන් විසින්ම ඉවසීමෙන් වැඩ කළ යුතුයි. නැත්නම් වෙන්නේ මහා විනාශයක් (නි)
අපි අනිත් ආගමික උදවියට දොස් කියන්න පෙර බලමු අපි අපේ ආගමවත් හරි විදියට අදහනවාද කියලා. උදේට සත්ව හිංසන , ඝාතන වලින් වළකිනවා කියලා සමාදම් වෙලා, දවල් වෙනකොට ලේ කෝප කරගෙන සිල් පදය අමතක කරනවා. එහෙම කරනවා නම් ඉතින් වැඩක් නැහැනේ (නි)
තමන්ගේ ආගම කුමක් වුවත් එය නිසා තමන්ට විනයක් , ශික්ෂණයක් , සහ යහපත් චර්යාවක් ඇතිවිය යුතුයි (නි)
වැරදි කරනවානම් බ්‍රහ්ම දණ්ඩය පනවන්න හාමුදුරුවනේ. (නදී)
මම මගේ ආගම බුද්ධාගම වෙනුවෙන් සියළු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. බුදුන්වහන්සේ දේශනා කරපු අවිහිංසාව පෙරදැරිකරගත් උතුම් ධර්මය අනුගමනය කරන අය නොවෙයි මෙහෙම දේවල් කරන්නේ. මේවා බුදුන්ගේ ධර්මයට නිගා දේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...(නදී)
වැරදි කරපු සියල්ලන්ටම නිතිය ක්‍රියාත්මක කරනවා සේම මේ රටේ සෑම දෙනාටම පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති වලින් ජිවත් වීමට සලසා ආගමික නීති වලින් කෙරෙන ව්‍යාප්ත වාදය සහ වෙනත් ආගම්, පුරාවස්තුන් වැනසීම නවතා දමන්න. මට මතකනේ එදා ඉන්දු ලංකා ගිවිසුම් විරෝදී මව්බිම සුරැකීමේ රැස්වීම් වලදී කල කියුම් කෙරුම්.. (නදී)
දැන් ඉතින් උන දේ වෙලා ඉවරයි. ඔක්කොම අවවාද අනුසාසන ගලන්නේ නස්පැත්තියක් උනාට පස්සේ තමයි. (නදී)
සිංහල දෙමල ප්‍රශ්නය නිසා අපි කී දෙනෙක් දුක් වින්දද? අපේ රටේ මිනිස්සු කී දෙනෙක් ඒ යුද්ධය නිසා මැරුණද? ඇයි මේ ටික කාලෙකින් හැමදේම අමතක කරලා ආයෙත් ඒ වගේ දෙයක් පටන් ගන්න හදන්නේ. අපේ අනාගත පරපුරටවත් අපි විදෙව්වා වගේ විදවන්න දෙන්න එපා.(නදී)
බෞද්ධයෝ හැටියට අපිට හරිම දුකක් ඇතිවෙනවා. අපේ බුදු හාමුදුරුවෝ මේ වගේ ප්‍රශ්නයක් ඇති උනාම ක්‍රියා කරන ආකාරය පොත් පත් වල සදහන් වෙනවා. නීතිය තදින්ම ක්‍රියා කරලා මේ අයට එරෙහිව නිත්‍ය තහනම් නියෝගයක් ගන්න පොලිසිය ක්‍රියා කල යුතුයි. (අ)
අපේ තාත්ත ජොබ් එකට යනවා කියල තව කොහේ කොහේ ගිහිල්ල තියෙනවද කියල හිතෙනව ඉහත මගේ සහෝදරයෙක් ඉන්නවා දැක්කම. (ස)
මට මතකයි 83 ජුලි කලබල එහිදීත් උනේ වැරදි කරපු අය විසින්ම වෙනත් පාර්ශවයන් වෙත වැරැද්ද පටවා අහින්සකයිට දඩුවම් කරපු එකයි. හැබැයි හොඳට මතක තියා ගන්න එදා වගේ නෙමෙයි අද. සාමාන්‍ය මිනිසුන් වන අපි හොඳ තීක්ෂණ ඇසකින් වගේම බුද්ධියෙනුත් බලාගෙනයි ඉන්නේ. (ස)
පිල්ලේ නෝනා මොකද මේ ගැන කියන්නේ? (නි)
මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෙනි මෙවැනි අපිරිසිදු සිද්දිවලට කිසිසේත්ම ඔබතුමා ගේ අදහස් නිකුත් කිරීමෙන් වලකිනු මැනවි. (නදී)
බහුතරයක් අහිංසක සිංහල අපි හිතන්නේ අවිහිංසාව ගැන . එ්ත් ඊයේ කාත්තන්කුඩි හර්තාල්. අද කල්මුනේ , අක්කරපත්තුවේ හර්තාල්. සිංහලයන්ට බය සැක නැතිව යන්න පුලුවන්ද ? (නදී)
අන්තවාදීන්ට ඉඩ නොදෙමු, පටු අදහස් පසෙකලා සාමයට කැපවෙමු (නදී)
මට හිතෙන්නේ ප්‍රචණ්ඩත්වය කියන දේ පැතිරී යාමට අනු බල ලැබුණු විටකම එය සෑම ස්වරුපයකින්ම සෑම තැනකටම පැතිරෙනවා. අවිහිංසාව කාටත් පොදුයි. (නදී)
ඕනෑම ආගමකින් වැපිරිය යුත්තේ සමගියයි (නි)
අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ. (නි)
පහුවෙලා හරි මෙහෙම ප්‍රකාශයක් කිරීම ගැන වටිනවා. සහජීවනය මම අගේ කරනවා. මම හැමදාම සියලු ආගමිකයන් සමග වැඩ කරනවා එහෙම අපිට කළුතර උතුර පොලීසිය ගොඩක් හිරිහැර කලා. ඔබවහන්සේලා පොලීසියට උදවු කලා. නමුත් කඩාකප්පල් වැඩ කරන අයට මොකුත් නැහැ. පොලීසිය දැන් මට මරණ තර්ජන කරනවා. පොලිස් පතිට පැමිණිලි 20 කළා. නමුත් වැඩක් නැහැ. (නදී)
මේවට වගකියන්න ඕනෑ කවුද? (නි)
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරිම හා තරාතිරම බලා නීතිය ක්‍රියාත්මක කිරීම යන දෙකම නොකළ යුතුයි. රටේ පොදු නීතියක් තිබිය යුතුයි. එම නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නදී)
අද රටේ ඇතිවෙලා ඇති ප්‍රශ්න වලට කවුද වගකියන්න ඕනෑ? (නි)
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වීමෙන් බොහෝ ගැටලු විසෙඳෙනවා (නි)
එතකොට ජගත් මහත්තයෝ ..ගුටිකාපු එව්වොද විත්ති කාරයෝ වෙලා තියෙන්නේ.මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධයන්ට වන අසාධාරණයකට විරුද්දව සාමකාමී ව පෙළ පාලියක් යන්නත් බැරිද? ඒකට රැකල ඉදල සංවිධානාත්මකව පහර දුන්නෙත් අපිද.?ඔබ තුමාලට මේ බලවේගය වලදාන්න ඒ තරං පහසු වෙන්නේ නැහැ මහත්තයෝ..තමන්ගේ රටේ තමන්ගේ බිමේ අසරණ වන සිංහල බෞද්ධය වෙනුවෙන් හඩක් නගන්න ඉන්න මේ සංවිධානය සිංහල බොදුනුවන්ගේ හදවත් තුලට කිදා බැහැල ඉවරයි..මේක ජාතික බලවේගයක්..අමාතක කරන්න එපා ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ආපු ගමන් මගත් දැන් ඉන්න ස්ථානයත්.(දී)
මිට කලින් තරාතිරම බලලාද නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ (දී)
බොහොම හරි. ඒකයි වියයුත්තේ (නි)
සේරම් අර යාපනේ රදගුරු රායප්පු ජෝසේෆ් අපේ හමුදාව අන්තිම සටනේදී "විෂ අවි ප්‍රහාර එල්ල කළා" කියල කිව්වහමත් කාදිනල් තුමා සති ගානක් සද්ද නොකර හිටිය වගේම මේකටත් සද්ද නොකර හිටියා නම් හරි තමා...ඔච්චර ආත්මාර්ථකාමී වෙන්න එපා...මේක අපි ඔක්කොගේම රට. නමුත් අතීතයේ සිට රට රැක ගන්න පෙරමුණ ගත්තේ සිංහල බෞද්ධයෝ කියලත් අමතක කරන්න එපා......(ස)
අපි හැමෝම එක අම්මා කෙනෙක්ගේ දරුවන් නේද? (නි)
මේ වෙලාවේ සියලු ජාතීන් වෙනුවෙන් මෙසේ පෙනීසිටීම අගය කරමි (නි)
සියලුම ආගමික නායකයන් දී තිබෙන්නේ බොහොම හොඳ ආදර්ශයක් (නි)
සිංහලයන්ට හෝ අනෙක් ජාතීන්ට යම අසාධාරනයක් වෙනවා නම් කළයුත්තේ ගහමරා ගැනීම නොව රටේ නීතිරීති සකස් කොටගෙන තම ජාතිය ආගම ආරක්ෂා කරගැනීමයි. (නි)
එහෙම කරනවා නම් අපිත් සතුටුයි (නි)
බහුතරය කළේ ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම එකයි. මේක තේරුම්ගන්න බැරි අපේ රටේ මිනිසුන් කොච්චර මෝඩද කියා දැන් තේරෙනවා. අපේ රට තවත් ඉරාකයක් කරන්න නම් එපා (නි)
ජගත්, අපිටත් දුක්වෙන්න වේවි බංගලිදේශය, මලයාසියාව වගේ අපේ රටටත් වුණ දවසට. (නි)
ප්‍රශ්න ඇතිවෙන්න හේතු හොයලා ඒවාට විසඳුම් යොදනවා නම් වඩාත් හොඳයි. (නි)
සේරම්, ඔබතුමාගේ අදහස් මෙතනට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.පටු අදහස් දරන්න එපා.ඔබත් මේ රටේ පුරවැසියෙක් බව තේරුම් ගන්න. (නි)
එහෙම වෙනවා නම් කොච්චර හොඳද? අපිත් සතුටුයි (නි)
නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපිත් සතුටුයි (නි)
යම් සිද්ධියක් වුණ විට නීතිය ක්‍රියාත්මක කිරීමට තමා රටේ සිවිල් නීතියක් ස්ථාපිත කර ඒවා විසඳීමට නිලධාරීන් පත්කර තිබෙන්නේ. මේවා නවත්වන්න ක්‍රියාකරන්න පුලුවන්නම් ඔබ රටට ජාතියට කරන ලොකු උපකාරයක්. (නි)
කසුන් ගැන මට පුදුමයි (නි)
තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද? (නි)
නීතිය සැමට පොදු දෙයක් (නි)
කිසිම ආගමක කියන්නේ නැහැ ද්වේශය සහ වෛරය වපුරන්න කියලා (නි)
ඉතා හොඳ කතාවක් (නි)
එය ඉටුවෙනතුරු අපි නොයිවසිල්ලෙන් බලාසිටිමු (නි)
බොහොම හරි. අපිත් එකඟයි (නි)
කවුරුත් කියන්නේ ජාති,ආගම් කුලමල භේද නැතුව එකාමෙන් සැවොම එකට ජීවත්වෙමු කියලයි. නමුත් කෝ ඒ කියන දේවල් ක්‍රියාත්මක කරන අය? (නි)
මට මගේ අදහන ආගමත් එපා වුණා අලුත්ගම පැත්තේ දැකපු දේවල් වලට (නි)
වසර ගනනාවක් කවුරු කවුරුත් කල නොකළ දේ ගැන කියමින් අලුත් දෙයකට ඉඩ නො දී සිටිමු. රටක් වශයෙන් රට රැකගැනීම පුරවැසියෙකුගේම යුතුකමයි. (ස)
ජගත්, ඔය විදියට තමයි බංගලිදේශයේ බෞද්ධයන් හිටියේ. අද මොකද වෙලා තියෙන්නේ? (නි)
සීතල කාමර වලට වෙලා ඉඳලා, මිනිස්සුන්ගේ මරණ අබියස ඔහොම එලියට ඇවිල්ලා නිවේදනයක් නිකුත් කරලා ආපහු ඒ සීතල කාමරවලට ගියාට තමුන්ගේ යුතුකම ඉෂ්ට කරන්න බැහැ. සමගිය ගැන කතා කරන අය, තමුන්ගේ කණ්ඩායම් තුල පළමුවෙන් මේ සමගිය තියෙනවද කියල හොයා බැලුවොත් හොඳා. (නදී)
මේ කලබල ඔඩු දුවන්න පෙර නේද ඒවාට පියවර ගන්න ඕනෑ? (නි)
බොහොම හොඳ කතාවක් (නි)
එහෙනම් දැන් ආණ්ඩුව නීතිය ඔක්කොටම එක හා සමානව කරයි. (ස)
සමහරු හර්තාල් කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව කමෙන්ට්ස් දාල. සමහරු බංග්ලාදේශයට හරි වෙන කොහාට හරි වෙච්ච දෙයක් ගැන අනිත් අයව බය කරනවා. නිකම් හිතන්න මේ කරන දේවල් වලින් අපට මොනවද ලැබෙන්නේ. අපිට ඒ බංගලාදේශයට වුනදේ ඉක්මනින් කරගන්න පුලවන් වෙයි. බුදු දහමේ උගන්නන දේ පිළිපැදීම මිස බුදුදහම නැති වෙයි කියල බයට අනිත් අයව තලන පෙලන එක කොයි තරම් දුරට බුදු දහමට එකඟද (නදී)
නමුත් වගකිවයුත්තන් බහුතරයක් තවමත් නිදි. මේ ගැටලුව විසඳීමට සියල්ලන්ගේම සහය අවශ්‍යයි (නි)
අපේ මහනායක හිමිපාණන්ලාගේ සහයද මේ ගැටලුව විසඳීමට ඉතා වටිනවා (නි)
ආගම් අතර සමගිය ඇතිකරන්න ක්‍රියාකිරීම ඉතාම හොඳයි (නි)
සමහර ප්‍රතිචාර බැලුවහම පුදුමත් හිතෙනවා (නි)
ජගත් මේකට වගකියන්න ඕනේ බුද්ධාගම විනාශ කරන්න හදලා තියෙන සංවිධානයි (නදී)