අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට සම්බන්ධ අයගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත්, වැරදකරුවනට බුරුලක් නොදෙන බවත් මහින්ද රාජපක්ෂ ජනපති බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවසීය.
මහා සංඝරත්නය හා මුස්ලිම් මවුලවිවරුන් සමඟ මෙම සාකච්ඡාව සංවිධානය කැරුණේ යුද හමුදාවෙනි.
එහි දී දෙපාර්ශ්වයම පොලිසියේ දොස් දුටුවේය.
සිදුවී සියලු දේ පිළිබඳ තොරතුරු තමා ළඟ ඇතැයි ජනපති එහි දී කීවේය.
බොලිවියාවේ සිට පැමිණි ගමන් තමා මුලින්ම බේරුවලට ආ බව ද ජනපති කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, ඔබට සුභ අනාගතයක්! (නි)
සියල්ලම දන්නවා නම්, අපක්ෂපාති පරීක්ෂණ මොකටද? (නදී)
සියල්ලම දන්නවනම්, අපක්ෂපාති පරීක්ෂණ මොකටද? (අ)
ඔබ තුමාගේ දැක්ම නිවැරදියි (දී)
අහෝ ශ්‍රී ලංකාවේ පොලීසියට ගිය කලක්. අනුන්ගේ පව් වලට කරගහන්න වෙලා. පොලීසියට කොන්ද කෙලින් තියාන වැඩ කරන්න දෙන්නේ නැත්තේ මහජනතාවද? මේ රටේ සියලු දෙනාටම එක විදියට නීති නොපැනවීම හා ක්‍රියාත්මක නොවීම නිසා අද රටේ කැලෑ නීතිය රජ කරනවා (අ)
අතිගරු ජනාධිපතිතුමා මෙම ප්‍රශ්නය විසදීම සඳහා මේ අවස්ථාවේදී ගනුලබන දුරදර්ශී කඩිනම් ක්‍රියාමාර්ගය තුළින් එතුමාගේ පරිනත බව, විචක්ෂණ බව, කීර්තිනාමය සහ ප්‍රතිමුර්තිය තවදුරටත් වර්ධනය වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිවනු ඇත.(නදී)
ජනාධිපතිතුමනි ඇත්තටම මෙම සිදුවීමට ස්වාදීන පරීක්ෂණයක් පැවැත්වීම බොහොම හොදයි. හැබැයි වෙනත් පරීක්ෂණ වගේ තීරණ නැති ඒවානම් එපා.(නදී)
ගමේ උදවියගේ සාක්ෂිත් ගන්න (නි)
යළිත් මෙවැනි දේ නොවෙන්නට සිංහල මුස්ලිම් බේදයකින් තොරව අන්තවාදී සංවිධාන සියල්ල තහනම් කළයුතුය. එසේ නොවන්නට නුදුරේම මෙවැනි දේ යළිත් සිදුවේවි. (නි)
එතකොට ප්‍රධාන වරදකරු කවුදැයි තවමත් පැහැදිලි නැද්ද ? (නි)
මේ රටේ මොන දෙයක් වුනත් කළ සියලු හරි වැරදි පොලිසියට භාරකරන එක හරිද මන්දා? මොකද සිද්ධිය වූ දවසේ උදේ පහේ සිට පහුවදා හවස පහ වනතුරු එකම නිල ඇඳුම ඇඳගෙන බොන්න දිය පොදක්වත් නැතුව දෙපැත්තෙන්ම ගල් මුල් කාගෙන හිටියේ පොලිසිය නේද? (නි)
ගරු ජනතිපතිතුමනි, කරුණාකර සියලු විෂබීජ රටින් ඉවත් කරන්න (නි)
ඔව් ජනපතිතුමනි, ජනතාව ඔබ දෙස බලා සිටිනවා, එය ඉටුවනතුරු .... (නි)
මේකට වගකිවයුතු අයට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ (නි)
ජනපතිතුමනි,මෙය ඉක්මණින් ඉටුකරන්න (නි)
පොලීසියට දොස් අහන්න වෙලා තියෙන්නේ පොලීසියේ වරදින්ද? නැත්නම් කවුරුන් හෝ පොලිසියට වරද්දලාද? (නි)
අපේ බලාපොරොත්තුවත් එයමයි (නි)
මම ආගමික සහජීවනයට ගරුකරන කෙනෙක්.කවදාවක් කඩාකප්පල්කාරී වැඩ කර නැහැ.එහෙත් අපේ දුක කියන්න කෙනෙක් නැහැ (නි)
තරාතිරම නොබලා දඬුවම් කරනවා නම් එයයි රටේ දියුණුව.... (නි)
මේ ප්‍රශ්නය ඇතිවෙන්න මූලිකම හේතුව මොකක්ද කියා සොයාබලා වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
ඉතා හොඳයි ජනපතිතුමනි (නි)
දැන් වැරදිකරු කවුද එතකොට? (නි)
නීතිය කාටත් පොදුවිය යුතුයි (නි)
මෙයයි සැබවින්ම වියයුත්තේ (නි)
රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම්, අපිට ඕනෑ එච්චරයි (නි)
ඔබතුමා එහෙම කරනාතුරු අපි බලා සිටිනවා (නි)
මෙහෙම කරනවා නම් අපිත් හරිම සතුටුයි (නි)
ප්‍රශ්නය ඇති කරපු අයත් ව්‍යාකුල කල අයත් හොයාගන්න ඕන.තම තමන්ගේ සිමාවන් දැනගෙන කටයුතු කරන්න ඕන.තමා තමන්ට ගරු නොකරේ නම් අනුන්ට ගරු සැලකිලි තියේවි කියා විශ්වාස කරන්න පුලුවන්ද? (අ)
මේවා පිටුපස සිටින ඇත්තන්ව සොයා දැඩි දඩුවම් දෙන්න. (නි)