ශ්‍රේෂ්ඨාධිකරණයේදී අඟහරුවාදා (28) කැඳවීමට නියමිතව තිබූ තොරතුරු දැකගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද පිළිබඳ යන්න ගැන විමසීම පසුවට කල් තැබේ.
එම පනත් කෙටුම්පත් දෙක අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (27) හා හෙට (28) පාර්ලිමේන්තුවේදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් පිළිබඳ විවාදය පැවැත්වෙන හෙයින් එම විවාදය අවසන්වූ පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ හා ජාතික විගණන පනත් කෙටුම්පත් විභාගය ඉදිරි දිනක පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත සහ ජාතික විගණන පනත් කෙටුම්පත් අන්තර්ගත වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අර්ථ නිරූපණ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළේය. මෙයට විපක්ෂ මන්ත්‍රීවරු දැඩි විරෝධය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු දන ගැනීමේ පනත කොච්චර සාධාරණද කියනවා නම් , ඒ ගැන අඩුම ගානේ විරද්ධ පක්ෂෙට හදාරන්න වත් තොරතුරු දීල නෑ. අගමැති පත්වුණ අලුතම සියලුම පුවත් පත් මාධ්‍යවේදීන් ගෙන්වලා තර්ජනය කල හැටි මේ අදහස් දාන අය දන්නේ නැතිනම් . අන්තර් ජාලයේ සැරිසරා ඒ දිනවල ජාතික පුවත් පත් කියවා බලන්න . මට පුදුමයි ඇයිමේ මාද්‍යවේදීන් නිහඬ කියලා , මැතිවරණ කොමසාරිස් ගෙන් නාසා , හෝ තොරතුරු පලකලොත් ලක්ෂය කට නො වැඩි , අවු 3 කට නො අඩු දඬුවමක් හෝ ඒ දෙකම , ශෝක නේද ? ඊටත් වඩා තව ලස්සන පනතක් එන්න නියමිතයි , ජාතිවාදය හෝ ආගම් වාදය ගැන කතා කලොත් දඬුවම් . හැබැයි අපිට විතරයි , බෙදුම්වාදීන්ට නෑ. කාටද මේවා කියන්නේ , මේයින් අදහස් දක්වන බුද්ධිමත් ජනතාව හා රටේ ජනතාව 19 න් බලා පොරොතු වෙන්නේ සාධාරනයක් වුවද , සිදුවන්නේ බෙදුම් වාදින් ඉල්ලන්න පරිදි මේ රටේ නිත් රීති වෙනස් කිරීමයි . ඔබ පිලි ගත්තත් නැතත් තිත්ත ඇත්ත මේක තමයි. (ස)
අමන්දා, ඔයා හරියටම හරි. නමුත් සිදු නොවන්නේත් එයමනේ.රජයේ ඕනෑම කාර්යයාලයකට ගියොත් අපිට වඩා සුළු ජාතිකයාට ප්‍රමුකත්වයක් ලැබෙනවා. නමුත් ඒ සදහා ඔවුන්ට දොස් පවරන්න බැහැ. වරද කරන්නේ මහා ජාතිය වුණ අපේ උන්. හැකිනම් මම කියුදේ තේරුම් ගන්න. (බ)
අමන්දා නෝනා, ඔයා හරියටම හරි (නි)
මහානාම ඔයා නොදන්නවා වුණාට අද මේ රටේ මාධ්‍යවේදියෝ මරණ භය නැතුව ලියනවා (නි)
මහානාම ඔබ හරියටම හරි (අ)
පණත පළකරන්නත් කලින් මේ පණතේ මෙහෙම තියෙනවා කියලා කියන්නේ කොහොමද? (නි)
මහානාම ළඟම තිබෙන රෝහලට ඇතුළුවන්න.(අ)
නීතියක් විදියට පනතක් සම්මත වුණොත් ඒක කොහොමද එක කට්ටියකට විතරයි කියන්නේ. (නි)
මහානාම මහතා නිවැරදියි (නි)