තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්රියාත්මක වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
පනත අනුව ඕනෑම පුද්ගලයකුට අද (03) සිට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත්, තොරතුරු නිලධාරීන් පත්කර නොමැති ආයතනවල ආයතන ප්රධානියා එම තොරතුරු ලබා දීමේ වගකීමෙන් බැඳෙන බවත් එම ආරංචි සඳහන් කරයි.
කෙනකු වාචිකව තොරතුරු ඉල්ලා සිටි විට එය සටහන් කරගත යුතු අතර ඉන් පසු ඉල්ලීම ගැන සලකා බලන්නට අදාළ නිලධාරීන් බැඳී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔකේ ඉතින් මොනවා කියල අමුතුවෙන් දැන ගන්නද බොලන්, නිකන් හොම්බ තලා ගන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න එක හොදා (බ)
තොරතුරු දැනගැනීමේ පනතින් මොනවද දැනගන්න පුළුවන් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේත් එක්කෙනාට එකෙක්නෙක් පරස්පර විරුද්ධ දේවල් ප්රකාශ කරනවා අගමැති තුමා කරනදේ ජනාධිපතිතුමා දන්නේ නැ ඇමතිවරු කරනදේ පාර්ලිමේන්තුව දන්නේ නැ (බ)
නාවික හමුදාවෙන් දැනගන්න ගියොත් වදපු අම්මවත් මතක් කරලා කනට ගහලා බෙල්ලෙන් අල්ලා තල්ලු කරයි. පොලිසියෙන් නම් නිතිය නමනවා වගේ දෙකට නමල කදුළු ගෑස් පාරක් එක්ක නවල එවයි. ඇමති වරුන්ගෙන් නම් මුකුත්ම අහන්න බැහැ හොම්බට අැනල හෙණ ගහපන් කියයි. ඉතින් දැන් දැන ගන්න යන්නේ කවුද? (බ)
ආයෙත් කතා දෙකක් නැහැ, අනිත් හැම එකෙන්ම වගේ මේකෙනුත් හොඳට නා ගන්නවා. බලන්නකෝ නැද්ද කියලා (නි)
අයිතිය තියෙනවා කිව්වට හොඳට ලුණු ඇඹුල් ඇතුව අහගන්න පුළුවන් වෙයි කියන දේ තහවුරු කරගන්න වැඩිදුරටත් ප්රශ්නයක් දෙකක් ඇහුවොත් හොඳයි. අපි නොදන්නා රාජ්ය සේවාව. විශේෂයෙන් පොලිසියේ සහ රෝහල්වල. පනතින් අයිතිය දුන්නා වගේම, තොරතුරු ලබා දෙන්නන්ටත් ඉවසීම සහ හික්මීමත් ටිකක් හෝ ප්රගුණ කළොත් නරකද බලධරයිනි...? (නි)
හුසේන් හරියටම හරි. පොලිසියෙන් තොරතුරු ඉල්ලන්න ගිහිල්ලා හොඳට කන්න පුළුවන්. අනිවාර්යෙන්ම රජයේ සේවකයන්ට ඉවසීම පුරුදු කළයුතු (නි)
දිය හැකි සහ ලබා ගත හැකි තොරතුරු මොනවාද කියලත් ජනතාව දැනුවත් කළොත් හොදයි. කෙනෙකුගේ පුද්ගලිකත්වය කියල දේකුත් තියනවා. හැමදේම හැමෝම දැනගත යුතු නැහැ. (බ)