තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ වන විට රාජ්‍ය ආයතන 90%ක පමණ තොරතුරු නිලධාරීන් පත් කර අවසන් බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් බී කේ එස් රවීන්ද්‍ර මහතා පැවසීය.
දැනට පත් කර ඇති තොරතුරු නිලධාරීන් සංඛ්‍යාව 670කි. ඉතිරි සියලු ආයතන සඳහා පෙබරවාරි 17 වැනිදාට පෙර තොරතුරු නිලධාරීන් පත් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් රවීන්ද්‍ර මහතා පැවසීය. පෙබරවාරි තුන් වැනිදා සිට තොරතුරු පනත ක්‍රියාත්මක වන බව කී අතිරේක ලේකම්වරයා තොරතුරු නිලධාරීන් පත් කරන තුරු පනතට අනුව ආයතන ප්‍රධානියා තොරුතරු ලබා දීමේ වගකීමෙන් බැඳෙන බව ද සඳහන් කළේය.
තොරතුරු දැන ගැනීමේ පනතට අදාලව පසුගියදා නිකුත් කැරුණු ගැසට් නිවේදනය අනුව විදේශීය ආධාර ලබා ගන්නා රාජ්‍ය නොවන සංවිධාන සහ රජයට සේවා සපයන රාජ්‍ය නොවන ආයතන ද තොරතුරු ලබා දීමට බැඳී සිටින බව රවීන්ද්‍ර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd