19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අඟහරුවාදා (27) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතව තිබියදී එම සංශෝධනයේ අඩංගු තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස එදිනම ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට යොමු කිරීම පරස්පර විරෝධී යැයි හිටපු විදේශ කටයුතු ඇමැති හා සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජී.ඇල්.පීරිස් අද ලංකාදීප එසැණට පැවසීය.
රටේ ආරක්ෂාවට හා විදේශීය සම්බන්ධතාවලට අතිශය වැදගත් වන මෙම තොරතුරු අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත හදිසි පනතක් ලෙස ඉදිරිපත් කිරීමද නරක පූර්වාදර්ශයක් වන බව ඔහු කීවේය.
එසේම එම පනත් කෙටුම්පත ගැන මහජනතාව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා නොදන්නා බවද පීරිස් මන්ත්‍රීවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇනී කලබල නොවන්න කළු සුද්දෝ බලය පින් පොකෙට් ගසා කරන සෙල්ලම් මේවා. මැදවච්චිය,පාමංකඩ,තොප්පි ගලේ මහ වනාන්තරය. (නදී)
ජීල්18 ගේනකොට හදිස්සි පනත් කමක් නෑ. දැන් තොරතුරු දැනගැනීම වගේ හොද පනතක් ගේනකොට එ්ක හදිස්සි වෙන්න ඕනි නෑ කියනවා. මොන කටින්ද දන්නේ නෑ එයා කතා කරන්නේ. (බ)
තොරතුරු දැනගැනීමේ පනතක් ගෙනෙන්ට කඩිමුඩියේ අද දඟලන උදවිය එදා හොර රහසේම කොටින් සමග රට බෙදීමේ රහස් ගිවිසුම් ගැසූ බව මතක් කරන්නට වටිනවා.(ස)
දින සියයේ වැඩපිළිවෙල අස්සේ මෙම පනත සම්මත කර ගැනීමේ වැරද්දක් මම දකින්නේ නැහැ ජනසවියත් ගෙනාවේ හදිසි පනතකින් . පවතින දේශපාලන වාතාවරණය අනුව ගතහොත් මෙය වැරද්දක් නැති බවයි මගේ හැගීම. නැත්නම් මෙය කවදාවත් සම්මත නොවේවි. මෙයින් හානියක් නොවන නිසා උචිත වේ. (ස)