ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවක පිරිසට සුදුසු රැකියා ලබාදීමට බොහෝ දේ කළ යුතුව ඇතැයිද ඔවුන් ශක්තිමත් කළ යුතු යැයිද එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වෙනත් රටවල සිටින එවැනි අයට ඉඩ නොතැබිය යුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් පසුගියදා දක්වන ලද අදහස්වලට අනුව ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිවිසුම කියෝලමහිටියා නම් හොඳයි නේද (අ)
ඔය ටික පාර්ලිමේන්තුවේ කිවුවා නම් නරකද? (නි)
මේ ගිවිසුමේ අඩංගු දේවල් තවම හෙළිකරලාවත්, සාකච්ඡාවට බඳුන් කරලාවත් නැහැ නේද? සුමනදාස වගේ අනාගතය දැකීමේ බලය තිබෙන කෙනෙක් නම් මොනවාහරි කිව්වත් කමක් නැහැ (නි)
හිනාත් යනවා මේවට (නි)
ඕවා කතා කරන්න පාර්ලිමේන්තුවේදී. රටේ අවශ්‍යතාවය ඒකයි. (නි)
ලෝක ප්‍රසිද්ධ පරිගණක ආයතනයකට ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටින්නේ එවැනි ආයතනයක් ලංකාවට පැමිණිවිට කැසිනෝ පැමිණියා මෙන් නොව රට තුළ පරිගණක පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍ර වලත් උගත් ව්‍යවසායකත්වයට රට තුළම රැකියා අවස්ථා ලැබෙනවා. පරිගණක ක්ෂේත්‍රයේ සුළු ව්‍යාපාරිකයින්ටත් මෙම ආයතනයෙන් ලැබෙන ඉඩ ප්‍රස්ථා වලින් තම ආයතනද ලෝකයේ සමකාලීන සමාගම් වල තත්වයට යාවත්කාලීන කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක නරක දෙයක් වෙන්නේ කොහොමද? (නි)
ලංකාවේ කට්ටිය ඉන්දියාවේ ගිහින් රස්සා කරයිද, එහෙම නැත්නම් ඉන්දියාවෙන් ඇවිල්ලා අපේ රස්සා වලට විදීද දන්නේ නැහැ (නි)
කරන්න දෙයක් නෑ.(හේ)
ඉන්දියාවේ හැමතැනම තොරතුරු තාක්ෂණ විද්‍යාල තියෙනවා ඒවගෙන් පිට වෙන අය තුට්ටු දෙකේ රස්සා කරනවා. ඉතින් ඒ මිනිස් සු ඇවිත් අපේ රටේ පිරුනාම අපේ ළමයින්ට යන කල දසාව මොකක්ද? (ර)
රස්සා නැති ඉන්දියානුවන්ට රස්සා දෙන්නද අපි මේ ආණ්ඩුව පත් කළේ?
ඉන්දියානුවෝ වෛරස් එකක් . උන් ගිය තැන වපූර්. අනික අපේ මිනිස්සු රට ගිහින් දුක් විදලා ගෙන විදේශ විනිමය පිටට යවන එක මහා පවක්. අපි උන්ට කොච්චර සැලකුවත් උන් කවදාවත් අපිට සලකන්නේ නැහැ හොදින්.. ඒ උන්ගේ ගතිය. එක වෙනස් කරන්න බැහැ. (බ)
අදහස් දැක්වීමට ස්තුතියි!. (බ)
ලංකාවේ අයට ඉන්දියාවෙන් නම් රැකියා ලැබෙන්නේ නැහැ.ඉන්දියාවට නම් මේ ගිවිසුමෙන් හරි වාසියි. මොන IT සමාගම ආවත් අපේ කට්ටියට හුළං. (ර)
ඔය ගිවිසුමෙන් ලංකාවෙ අයට ගිහින් ඉන්දියාවෙ රැකියා කරන්නත් පුලුවන්.. ඉන්දියාවෙ මුම්බායි, බැන්ගලෝර්, හයිද්‍රාබාද්, චෙන්නායි වගෙ නගරවල කවදාවත් ලංකාවට එතියි කියා හිතන්න බැරි අයිටී සමාගම් තියෙනවා.. ලාංකිකයින්ටත් ඒවායේ රැකියා ලබාගන්න පුලුවන්.. (හේ)
දැන් ලංකාවෙ තියෙන උපාධි ඉන්දියාවට වඩා ඉහලනම් ඇයි ඉන්දියාවේ ඉන්නවයි කියන "නූගත්" ඉන්ජිනේරුවෝ එයි කියල බය (හේ)
මෙවැනි ප්‍රකාශ අපිට තවත් මොකටද? (නි)
අහලා තිබෙන විදියට දකුණු ආසියාවේ හොඳම මොළ ටික තිබෙන්නේ ලංකාවේ. ඇයි පිටින් ගේන්නේ? (නි)
මොකද මේ අපේ රටට මේ මිනිස්සු කරන්න හදන්නේ? අපේ දරුවන්ගේ අනාගතය නැති කරන්නද හදන්නේ? ඇයි මේ රැකියා වලට ඉන්දියාවෙන් ගෙන්වන්නේ? මේකට ඉඩදෙන්න එපා. එහෙම වුණොත් රටේ අනාගතය නැතිවේවි. ඉන්දියානුවෝ කියන්නේ මහා කපටි ජාතියක්. (නි)