IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘තොරතුරු තාක්ෂණ රැකියා පිටට යන්න දෙන්න එපා‘

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවක පිරිසට සුදුසු රැකියා ලබාදීමට බොහෝ දේ කළ යුතුව ඇතැයිද ඔවුන් ශක්තිමත් කළ යුතු යැයිද එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට වෙනත් රටවල සිටින එවැනි අයට ඉඩ නොතැබිය යුතු යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් පසුගියදා දක්වන ලද අදහස්වලට අනුව ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා ඇත.

 

 



අදහස් (0)

‘තොරතුරු තාක්ෂණ රැකියා පිටට යන්න දෙන්න එපා‘

ජනරංජන Friday, 22 January 2016 01:56 PM

ගිවිසුම කියෝලමහිටියා නම් හොඳයි නේද (අ)

:       0       0

රොෂාන් Thursday, 21 January 2016 07:27 AM

ඔය ටික පාර්ලිමේන්තුවේ කිවුවා නම් නරකද? (නි)

:       0       0

සෑම් Thursday, 21 January 2016 07:35 AM

මේ ගිවිසුමේ අඩංගු දේවල් තවම හෙළිකරලාවත්, සාකච්ඡාවට බඳුන් කරලාවත් නැහැ නේද? සුමනදාස වගේ අනාගතය දැකීමේ බලය තිබෙන කෙනෙක් නම් මොනවාහරි කිව්වත් කමක් නැහැ (නි)

:       0       0

ලංකා Thursday, 21 January 2016 07:35 AM

හිනාත් යනවා මේවට (නි)

:       0       0

සකුන්තලා Thursday, 21 January 2016 07:55 AM

ඕවා කතා කරන්න පාර්ලිමේන්තුවේදී. රටේ අවශ්‍යතාවය ඒකයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 21 January 2016 08:03 AM

ලෝක ප්‍රසිද්ධ පරිගණක ආයතනයකට ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටින්නේ එවැනි ආයතනයක් ලංකාවට පැමිණිවිට කැසිනෝ පැමිණියා මෙන් නොව රට තුළ පරිගණක පමණක් නොව අනෙකුත් ක්ෂේත්‍ර වලත් උගත් ව්‍යවසායකත්වයට රට තුළම රැකියා අවස්ථා ලැබෙනවා. පරිගණක ක්ෂේත්‍රයේ සුළු ව්‍යාපාරිකයින්ටත් මෙම ආයතනයෙන් ලැබෙන ඉඩ ප්‍රස්ථා වලින් තම ආයතනද ලෝකයේ සමකාලීන සමාගම් වල තත්වයට යාවත්කාලීන කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක නරක දෙයක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

චතුර Thursday, 21 January 2016 02:50 PM

ලංකාවේ කට්ටිය ඉන්දියාවේ ගිහින් රස්සා කරයිද, එහෙම නැත්නම් ඉන්දියාවෙන් ඇවිල්ලා අපේ රස්සා වලට විදීද දන්නේ නැහැ (නි)

:       0       0

කමනි Thursday, 21 January 2016 08:12 AM

කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

සේන Thursday, 21 January 2016 08:52 AM

ඉන්දියාවේ හැමතැනම තොරතුරු තාක්ෂණ විද්‍යාල තියෙනවා ඒවගෙන් පිට වෙන අය තුට්ටු දෙකේ රස්සා කරනවා. ඉතින් ඒ මිනිස් සු ඇවිත් අපේ රටේ පිරුනාම අපේ ළමයින්ට යන කල දසාව මොකක්ද? (ර)

:       0       0

පතිරණ Thursday, 21 January 2016 08:53 AM

රස්සා නැති ඉන්දියානුවන්ට රස්සා දෙන්නද අපි මේ ආණ්ඩුව පත් කළේ?

:       0       0

අනුදන්ත Thursday, 21 January 2016 10:23 AM

ඉන්දියානුවෝ වෛරස් එකක් . උන් ගිය තැන වපූර්. අනික අපේ මිනිස්සු රට ගිහින් දුක් විදලා ගෙන විදේශ විනිමය පිටට යවන එක මහා පවක්. අපි උන්ට කොච්චර සැලකුවත් උන් කවදාවත් අපිට සලකන්නේ නැහැ හොදින්.. ඒ උන්ගේ ගතිය. එක වෙනස් කරන්න බැහැ. (බ)

:       0       0

උපුල් Thursday, 21 January 2016 10:22 AM

අදහස් දැක්වීමට ස්තුතියි!. (බ)

:       0       0

දිල්ෂාන් Thursday, 21 January 2016 11:04 AM

ලංකාවේ අයට ඉන්දියාවෙන් නම් රැකියා ලැබෙන්නේ නැහැ.ඉන්දියාවට නම් මේ ගිවිසුමෙන් හරි වාසියි. මොන IT සමාගම ආවත් අපේ කට්ටියට හුළං. (ර)

:       0       0

නාමල් Thursday, 21 January 2016 06:40 AM

ඔය ගිවිසුමෙන් ලංකාවෙ අයට ගිහින් ඉන්දියාවෙ රැකියා කරන්නත් පුලුවන්.. ඉන්දියාවෙ මුම්බායි, බැන්ගලෝර්, හයිද්‍රාබාද්, චෙන්නායි වගෙ නගරවල කවදාවත් ලංකාවට එතියි කියා හිතන්න බැරි අයිටී සමාගම් තියෙනවා.. ලාංකිකයින්ටත් ඒවායේ රැකියා ලබාගන්න පුලුවන්.. (හේ)

:       0       0

සුධීර Thursday, 21 January 2016 06:46 AM

දැන් ලංකාවෙ තියෙන උපාධි ඉන්දියාවට වඩා ඉහලනම් ඇයි ඉන්දියාවේ ඉන්නවයි කියන "නූගත්" ඉන්ජිනේරුවෝ එයි කියල බය (හේ)

:       0       0

නිල්හාන් Thursday, 21 January 2016 07:11 AM

මෙවැනි ප්‍රකාශ අපිට තවත් මොකටද? (නි)

:       0       0

නාරද Thursday, 21 January 2016 07:07 AM

අහලා තිබෙන විදියට දකුණු ආසියාවේ හොඳම මොළ ටික තිබෙන්නේ ලංකාවේ. ඇයි පිටින් ගේන්නේ? (නි)

:       0       0

සුධාරි Thursday, 21 January 2016 07:20 AM

මොකද මේ අපේ රටට මේ මිනිස්සු කරන්න හදන්නේ? අපේ දරුවන්ගේ අනාගතය නැති කරන්නද හදන්නේ? ඇයි මේ රැකියා වලට ඉන්දියාවෙන් ගෙන්වන්නේ? මේකට ඉඩදෙන්න එපා. එහෙම වුණොත් රටේ අනාගතය නැතිවේවි. ඉන්දියානුවෝ කියන්නේ මහා කපටි ජාතියක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site