IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තොරතුරු කියන්න අලුත් අංක දෙකක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි පැය 24 පුරාවටම කිසිඳු ගාස්තු අය කිරීමකින් තොරව ආපදා තත්ත්ව හා සහන සැලසීමට අදාළ තොරතුරු සේවා ලබා දීමට රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථාන යොදා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ටෙලිකොම් සමූහයේ සභාපති පී.ජී. කුමාරසිංහ මහතා ටෙලිකොම් ශ්‍රවණාගාරයේ අද (20) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

 

ඒ අනුව 1919 අංකය පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන බවත් ඊට අමතරව අවතැන් වූ ජනතාව වෙත ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ අරමුණින් සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සඳහා විශේෂ ටෙලිකොම් හා මොබිටෙල් දුරකතන අංක දෙකක් වෙන් කර ඇති බවත් සභාපතිවරයා කීය.

 

ඒ අනුව 011 202 1550 හා 070 22 66 266 ඔස්සේ තොරතුරු ලබාදීම හා ලබාගැනීම කළ හැක. 

 

එහිදි අදහස් දැක් වූ සභාපතිවරයා මෙසේ ද කීය.

“ ආපදා සහන සේවා සැපයීම හා විවිධ භාණ්ඩ එක්රැස් කිරීමේ කටයුතු වෙනුවෙන් දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාල සියල්ලම විවෘතව තැබීමට අපේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. එමෙන්ම එකතු කිරීමේ මධ්‍යස්ථාන සන්නිවේදනය කිරීම හා සම්බන්ධීකරණය කිරීම සඳහා ශ්‍රී ටෙලිකොම් සූදානමින් සිටිනවා.

 

ද්‍රව්‍යමය ආධා සැපයීම, අනෙකුත් ආපදා සහන කටයුතු පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා අප විසින් කෙටි පණිවිඩ සේවයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ ජනතාවට අපි කෙටි පණිවිඩ ලබාදෙනවා. ඒ ඔස්සේ ජනතාවට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඒ පහසුකම ලැබෙනවා. 

 

ආපදා මහන මධ්‍යස්ථාන ආශ්‍රිත සන්නිවේදන අවශ්‍යතා ඉටු කිරීම සඳහා දුකරතන ගාස්තු සේවා, සී.ඩි.එම්.ඒ හා ජංගම දුරකතන  150 ක් දැනට ලබා දී තිබෙනවා. ඊට අමතරව අපි තවදුරටත් එම පහසුකම් සැපයීමට කටයුතු කරනවා.

 

මේ පහසුකම ආපදා මධ්‍යස්ථානවල සිටින ස්වේච්ඡා නායකයන්, ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා රාජ්‍ය සේවා නිලධාරීන් වෙත  ලබාදීමටත් සියලුම රාජ්‍ය සේවකයන් සඳහා විශේෂ උපහාර සන්නිවේදන පහසුකම් ලබාදීමටත් අප තීරණය කර තිබෙනවා.ඒ පහසුකම අදාළ ප්‍රාදේශීය කාර්යාල මඟින් ඔබගේ අවශ්‍යතා ඉටු කරගන්නා ලෙස දැනුම් දෙනවා. ” යැයි ද ඔහු වැඩිදුරටත් කීය. 

මෙම අවස්ථාවට ශ්‍රී ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා ද සහභාගී විය.



අදහස් (0)

තොරතුරු කියන්න අලුත් අංක දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site