තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමට පත් කරන ලද කොමිසමේ සෙසු සාමාජිකයන් දෙදෙනා මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබූ බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් බී කේ එස් රවීන්ද්‍ර මහතා කියයි.
විශ්‍රාමික විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම් මහා ආචාර්ය සෙල්වී තීරුචන්ද්‍රන් ඔවුහුය.
මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන නීතීඥ එස් ජී පුංචිහේවා සහ නීතීඥ ක්‍රිශාලි පින්ටෝ ජයවර්ධන මීට පෙර පත් කරනු ලැබීය.
කොමිසමට පත් කරනු ලැබූ නව සාමාජිකයන් දෙදෙනාද වැඩ බාර ගත් පසු පෙබරවාරි හතර වැනිදා සිට පනත බලාත්මක කිරීමේ හැකියාව ලැබෙන බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොරතුරු නොදැන ගැනීම වඩා හොදයි. මහා පරිමාණ දුෂණ, හොරකම්,ජයටම සිද්ද වෙනවා. පොලිසිය පවා උස තැන දැක හැකිලෙනවා.. මට නම් ලංකාව ගැන කිසිම සතුටක් නැහැ. වාසනාවට අපි රටේ නැහැ. ලංකාව ලස්සන. රටක් වෙයි කියල අපි මැවුව සිහින වතුරේ .
ඔහොම යමුකෝ! (නි)