
(විනීතා එම් ගමගේ)
තොරතුරු දැන ගැනිමේ කොමිසමේ නව සාමාජික මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් නම්කරනු ලැබ ඇත.
ඒ අනුව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සාමාජික සාමාජිකාවන් ලෙස නම්කරනු ලැබ ඇත්තේ අභියාචනාධිකරණයේ හිටපු සභාපති රෝහිණී වල්ගම, විවෘත විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ, දේශපාලන හා ජාත්‍යන්තර කටයුතු ඒකකයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය අතුලසිරි සමරකෝන්, නීතිඥ ජගත් ලියනාරච්චි, නීතිඥ ක්‍රිෂාලි පින්ටෝ ජයවර්ධන, යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙම කොමිසම සඳහා නීතිඥ සංගමය, මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධානවලින් නාමයෝජනා පසුගියදා කැඳවනු ලැබු අතර ඉදිරිපත් වූ නාමයෝජනාවලින් මෙම පිරිස තෝරාගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වගකියයුතු තනතුරුවලට කුප්‍රකට පුද්ගලයන් පත් කිරීම දැන් සම්ප්‍රදායක් බවට පත් වෙලා. මේ සම්ප්‍රදායෙන් රජය බලාපොරොත්තු වන දේ අපට නම් ඉතාම පැහැදිලියි.
ඇත්තටම මෙම කොමිසමෙන් මා හට ඉටුකල සේවය අතිවිශිෂ්ටයි. විදුහල්පතිවරයෙකු වූ මගේ සේවය අහිමි කිරීම නිසා මේවන විට ගරු අභියාචනාධිකරණයේ පෙත්සමක් විභාග වන හෙයින් ඒ පිළිබද කිසිවක් සදහන් නොකරමි.කෙසේ නමුත් මෙම කොමිසමෙන් ජනතාවට වෙන සේවය අතිවිශිෂ්ඨයි.මේ වන විට වතා 25 කටත් වඩා වැඩි ගණනන් මෙම කොමිසම විසන් මා කැදවනු ලැබුවා. අපි කවුරුත් මෙම කොමිසම ආරක්ෂා කරගත යුතුයි. විවිධ දේශපාලන හෙන්චයියන් මෙම කොමිසමට පත් කරන්න එපා.එමෙන්ම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට මෙන්ම සභාපති තනතුරටත් සේවය අවසන් කල උගත් විනිසුරුවරුන් පත් කරන්නේ නම් මැනවි.