වයස අවුරුදු 12 – 35ත් අතර තරුණ තරුණියන් සඳහා සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල දත්ත පැකේජයක් හඳුන්වාදීමට සාකච්ඡා කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජංගම දුරකථන සමාගම් සමග සාකච්ඡා කර අදාළ සහනදායී පැකේජයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බවත් එම සමාගම්වල ප්‍රතිචාරය ධනාත්මක බවත් ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර බැලුම වගේ ම බොරු නයෙක් (බ)
මේවට කියන්නේ පයබරවායට පිට කර බෙහෙත් බැන්දාවගේ කියලයි.දැන් ෆ්‍රී වයි ෆයි සෝන් වලට මොකද වුනේ. අපිටනම් පේන්න වත් නැහැ, අනේ ඉතින් මේ වගේ ගොන් වැඩ නොකර නරකද හැම තරුණයකුටම ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය සහ මෘදුකාංග ගැන ප්‍රාදේශීය මට්ටමෙන් පුහුණු පාඨමාලා සහන පදනමකට හෝ නොමිලේ ලබාදුන්නොත් ,එතකොට ඔවුන්ගේ අනාගතය ජයගන්න පුළුවන් නේද. අද ලෝකයම රඳා පවතින්නේ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මත නේද, ඔයාගේ සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල දත්ත පැකේජයක් වලින් වෙන්නේ පරිහානිය විතරයි (බ)
අවුරුදු 12 ළමයින්ට අන්තර්ජාල පහසුකම් දෙන්න හදන්නේ උන්ව නැති භංග කරන්නද ? අඩුම තරමේ අවුරුදු 18 නම් කමක් නෑ (බ)
යුරෝපයේ දියුණු රටවල අවරුදු 18 වෙනකන් ළමයන්ට සමාජ ශාලා වෙබ් අඩවි දෙමාපියන්ගේ පාලනය යටතේ පාවිච්චි කරන්න පුළුවන්.නමුත් මෙහෙ කරන්න යන්නේ කුඩා ළමය්න්ගේ මනස විකෘති කරන්න පාර කපන එක! (බ)
මේක හඳුන්වා දුන්නම බලමු, තාම සැලසුම විතරනේ. සැලසුම් කල බොහොමයක් ව්‍යපෘති වුණ හැටි අපි දැක්කා පහුගිය අවුරුද්දේ; නොමිලේ වයිෆයි, ගුගල් ලූන්, කුලියාපිටිය වොක්ස්වැගන්, අඩුමිලට කාර් වගේ බොහොමයක් දේවල්. (ම)
ගරු ඇමතිතුමා අපේ සහෝදරයින්ට ඇහුවහම බය හිතෙන පැකේජ් එකක්වත් දීලා තියනවද කියලා මට නිකමට වගේ හිතුනා. (නි)
සමහර පුද්ගලයින්ට නොවැටහුනාට නවීන තාක්ෂණයත් සමඟ පෙරට යාම අපේ තරුණ පරපුරේ අනාගතයට මහගු පිටුවහලක්. (හේ)
බණ්ඩාර ඔයා හරි .ලංකාවට ඇන්ඩොයිඩ් තාක්ෂණය ඕනා (හේ)
අනේ මන්ද මේවා...... බැලුම වගේ වෙයිද? (බ)
වැඩක් නෑ ඔය මොන දේ කරත්.(හේ)
ඉක්මණට ක්‍රියාත්මක කරන්න හරීන් මහත්තයෝ (ම)
අපේ තරුණ පරපුර වනසන්න කරන වැඩක් (ම)
තරුණයන්ට හොඳ අනාගතයක් උදෙසා කාර්මික සහ තාක්ෂණික දැනුම ලබාදෙන්න අනිත් රටවල් එක්ක බලනකොට අපි ගොඩාක් පහල මට්ටමක ඉන්නේ (ම)
දැන් තියෙන දේවල්වල හැටියට තව ජන්ජාල ඇතිකරන්න වෙන මොකුත් ඕන නෑ . සදාචාරය ගැන බණ දේශනාකරණ ගෞරවය පුජකතුමන්ලාගේ දෙනෙත් විවර වේවා! ප්‍රඥාව පහල වේවා.!! (ම)
අවුරුදු 5-18 අතර ළමයින්ට හොද අධ්‍යාපනයක් දෙන්නේ නැතුව, මේ වගේ වැඩ කරලා රටේ තරුණ අනාගතය අනතුරේ දාන එකෙන් වෙන්නේ, ඇඟේ තරමට මොළේ නැති පිරිසක් බිහිවෙන එක. ෆේස්බුක් ගිණුමක් හදන්න 18 සම්පූර්ණ වෙන්න ඕනෑ. වෙන රටවල් බුද්ධිමත් තරුණ පරපුරක් හදන්න උත්සාහ කරනවා. අපි...? (නි)
දැන් එහෙනම් සියළු ප්‍රශ්න නිවාරණයි... (නි)
මේවට ඉතින් මොකුත් කියලා වැඩක් නැහැ (නි)