මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සාමාන්‍ය පෙළ සිසුවියක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව පවසා එයින් මුදවා දෙන ලෙස ඉල්ලා ඇගේ පවුලේ ඥාතින් විසින් පොලිස් කාන්තා කාර්යංශයට බාර දී ඇතැයි කියති.
දැනට එම පාසල් සිසුවිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් මෙම පාසල් සිසුවියට මත්ද්‍රව්‍ය ගැනිමට උදවු කර ඇත්තේ ඇය සමග ආදර සම්බන්ධයක් පවත්වන බව කියන තරුණයකු බවට තහවුරු වී ඇතැයි පොලිස් කාන්තා කාර්යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට දෙන්න ඕනෑ මරණ දඬුවම අහිංසක ළමයි මුලාකර ගන්නවට (නි)
මේවා මර්දනය කරන්න බැහැ. එක පිරිසක් පමණක් ඉඩ ලැබූ මේ කුඩු ව්‍යාපාර දැන් මහා පරිමාණයෙන් සිදුවෙනවා. මුලිකයන් අත්අඩංගුවට ගන්නේ නැහැ (නි)
සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න ළමයෙකුට මොලේ කළදක්වත් නැද්ද මේවා ගැන හිතන්න.අනෙකාටම දොස් පැවරීමෙන් ඇති පලේ මොකක්ද මේ ළමයි මේ විදිහට හැසිරෙනවානම්.හැගීම් වලට වහල් වෙලා සිදුකරගන්නා විනාසය ලෝක විනාශයටත් වඩා දරුණුයි.මේවා ගැන උදේ හවා මාධ්‍ය තුලින් හා වෙනත් වැඩසටහන් වලින් දැනුවත් කරනවා නේද.මමනම් කියන්නේ ගෙදර පරිසරය තමයි මේ හැමදේකටම ප්‍රධානතම හේතුව කියලයි. (ස)
මේවගේ කරුණුවලට ප්‍රධාන හේතුවක් නම් තම අවට සිටින පුද්ගලයන්ගේ හැසිරීම සහ තමා ආශ්‍රය කරන පුද්ගලයන් පිළිබඳවයි ,අවට සිටින මිනිසුන් හොඳ නම් තමාද හොඳයි .මෙවැනි හේතුන්ට අනුන්ට චෝදනා කර කිසිම පලයක් නොමැත (බ)
හද සසළවන කතාවක් (නි)
කොච්චර නම් කුඩු ලංකාවට ගෙන්නුවද. තරුණ පරපුර වල්මත්කලා. (ර)
ජිවිතේ හරියට දකින්න එතකොට බැ කාටවත් ඔයාව වැරදී විදිහට හසුරවන්න. කාටවත් දොස් නොකිය තමන් හැදෙන්න එතකොට නරක අය ඉබේටම හෙදෙයි. (ර)
අද ළමයෙකුට හරි වැරැද්ද පෙන්නලා දෙන්න, අවවාදයක් , සුළු දඬුවමක්වත් හෝ දෙන්න ගුරුවරු කැමති නැහැ. එහෙම වුනොත් සමහර දෙමව්පියෝ පසුවදාම ගුරුවරයාට අතින් පයින් ප්‍රතිචාර දක්වනවා, නැත්නම් පොලීසියට, මානව හිමිකම් කොමිසමට යනවා. මේ තත්වයට වගකියන්න ඕන දෙමව්පියන් වගේම මීට වසර කීපයකට පෙර පැවති චන්ද්‍රිකාගේ ආණ්ඩුව (බ)
කුඩු ඕවා එන්නේ පකිස්ථානෙන්. හරියට එයාපෝර්ට් චෙක් කරනවානම් හරි. මේවට දේශපාකයෝ සම්බන්ධ නිසා මේවා ගෙන්වන එක කවදාවත් ලංකාවේ තහනම් කරන්න බැහැ. ගෙන්නන අය අහු වුණත් උන් බේරෙනවා. බොන අයට මරණ දඩුවම දෙනවා. ලංකාවේ නීතියනම් හරිම අපූරුයි. (ස)
අහිංසක දරුවන් මුලාකරන කට්ටියක් ඉන්නවා මහනුවර දිගන ,තැන්නකුඹුර ,මැණික්හින්න යන පළාත් වල. බොරු ආදරයක් පෙන්වා රැකියා ලබාදෙන මුවාවෙන් ගෙනවිත් ඔවුන් වෙනත් ක්‍රියාවන්ට යොදාගන්නවා (නි)
අද සමාජය මොනතරමට ජරාජීර්ණ වෙළාද කියලා හිතෙනවා මේවා දැක්කහම. මොන හිතකින්ද තමන් ආදරේ කරන ගැහැණු ළමයට මේ වගේ දෙයක් කරන්නේ ? අද දෙමාපියන්ට ලොකු වගකීමක් තිබෙනවා තමන්ගේ දරුවා ගැන හොයලා බලන්න (නි)
දේශපාලනයට වගේම සදාචාරයට,සංස්කෘතියට යහපාලනය ඕනෑ කාලයක් (නි)
පාසල් කාලයේ ඉගෙනගන්නවා විනා මොනවට පෙම් කරන්න යනවාද? (නි)
මොවුන් පෙම්වතුන් නොව හොරුන් බව ළමුන්ට ඒත්තුගැන්විය යුතුයි. (නි)