මිලාන් බෙර්ගමෝ හා ක්‍රෙමෝනා නගරසීමාවන් වෙන්කරන රිවෝල්තා දී අඩ්ඩා නම්වූ ගංගාවේ 28වැනි ඉරිදා දියනාමින් සිටි තරුණියක් දියවැලකට හසුවී ගසාගෙන යනවිට කීපදෙනෙක් දියට පැන තරුණිය බේරා ගත් නමුත් ඇය බේරා ගැනීමට උත්සාහ කළ මිලානෝහි පදිංචි 31හැවිරිදි සපුමල් උඩපිටිය නම්වූ ලාංකිකයා දියෙහි ගසාගෙනගොස් ඇත.
ඉන් පැයකට පසු ගිනි නිවන හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අසාධ්‍ය තත්ත්වයේ තිබු ලාංකිකයාගේ සිරුර සොයා ගත්තද, බෙර්ගමෝ රෝහලට ඇතුලත්කිරිමෙන් පසු මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිනන්න පුළුවන් උනාට නොදන්නා තැන්වල නෑම හා පිහිනීම භයානකයි (නදී)
අද ඇසල පෝය ඔබගේ වීර ක්‍රියාව ශ්‍රී ලංකා දෙරණටම කළ ගෞරවයක් නිවන් සුවයම අත්වේවා (බ)
කළාවූ ඉමහත් කුසල කර්මයෙන් අම මහා නිවන් සුව ලැබේවා!!! රටේ නම බැබලවිම ගැනද පින් සිද්ද වේවා. (බ)
නිවන් සුව ලැබේවා උපදින භවයක මෙවන් අකල් මරණ නොවේවා (ම)
තමන්ගේ ජීවිතය ගැන නොසිතා ඇයගේ ජීවිතය ගළවාගත් ඒ මල්ලිට හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරමු (නි)
මල්ලී ඔබට නිවන් සුව ලැබේවා ! (බ)
අයියේ ඔයා කරපු දේ ගොඩක් විශිෂ්ටයි. ඔයාට නිවන්සුව ප්‍රර්ථනා කරනවා. (ර)
ජිවිතයකට ජීවිතය දුන් මේ තරුණයාට උතුම් වූ අමා මහන් නිවන් මගට දොර ඇරෙත්වා! (නදී)