වසර තුනකට පමණ පෙර කන්දකැටිය බෝගහලන්දේදී අත්අඩංගුවට ගත් තරුණයකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ කන්දකැටිය පොලිසියේ හය දෙනකුට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයරත්න මහතා අද මරණ දඬුවම නියම කළේය.
2014 මැයි හත් වැනි දා සැකරකුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඔවුන් කළ පහරදීමේදී එක් තරුණයකු මිය ගොස් ඇතැයි ද නඩු විභාගයේදී කියැවිණි.
උප පොලිස් පරීක්ෂක ආර් එම් ජී සෝමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන බී ඩී පද්මසේන ගමගේ, එස් එම් ආර් පුෂ්පකුමාර, ඩී එම් හේෂාන් පොලිස් ආරක්ෂක සහායක ඩී එම් විජේරත්න සහ සිවිල් ආරක්ෂක එස් එම් ජයසුන්දර මරණ දඬුවම නියම වූවෝ වෙති.
සැකකරුවන්ට රුපියල් පන් දහස බැගින් දඩද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රණවිරුවෝ පෝරකයට යවනවා! (නි)
නීතිය හරියට ක්‍රියාත්මක වීම ගැන අපගේ ප්‍රසාදය.(හේ)
හොඳ තීන්දුවක් (හේ)
හොඳ තීන්දුවක් (නි)
අපිට මොන රජයක් තිබුනත් කමක් නැහැ. මෙවැනි සාධාරණකම් වෙනවා නම්, රජයටත් ගරු උසාවියටත් සතුට පළකරමු.
පොලිසියට මරණ දඬුවම! සමහර නමගිය අපරාධකරුවන්ට නිදහස! (නි)
ඔය තියෙන්නේ යහපාලනයට විරුද්ධව උද්ඝෝෂණය කරන්න වැඩක්. (නි)
හොද තීන්දුවක් තමා, නමුත් දඩුවම ක්‍රියාත්මක නොකරන එක තමා වරද, මේවනවිට ලංකාවේ බන්ධනාගාර වල මරණ දඩුවම නියමවුවන් කොපමණ ප්‍රමාණයක් සිටිනවද? මෙයාලගේ නඩත්තුවට කොපමණ මුදලක් වැය වෙනවද.(ම)
කෝ මේ දේශප්‍රේමී නඩය ..... රණවිරුවන්නේද මේ පෝරකයට දක්කන්නේ ? (බ)
නීතිය සාධාරණත්වය මොනවට පැහැදිලි. යහපාලනය තිබෙනතුරු නීතිය රැකෙවී. නැතිනම් අබ සරණයි (බ)
රණවිරු පොලිස් නිලධාරින්ගෙන් පලි ගැනීම හෙළා දකිමු (ම)
අහිංසක මිනිස්සු වැරදි කරාම විතරද නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ? (ම)