(ඩී.ජී.සුගතපාල සහ ඩී.ජේ.විජේසිංහ)
පිටිගල දෙස සිට මාපලගම දෙසට ධාවනයවු කුඩා ලොරි රථයක් නියාගම ප්‍රාදේශිය සභාව අසල මහා මාර්ගය අයිනේ සිටි තරුණියක හප්පා අද සවස පලාගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
බරපතල තුවාල ලබා සිටි තරුණිය ගල්ලිද රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තල්ගස්වල වත්තේහේන පදිංචි වන්නිආරච්චිගේ නිරෝෂා උදයංගනි නමැති 32 හැවිරිදි අවිවාහක තරුණියකි.
මියගිය තරුණිය යතුරු පැදියකින් පැමිණ ඇති අතර යතුරු පැදියේ පැමිණි අනෙක් තැනැත්තා වෙනත් අවශ්‍යතාවයකට යාම නිසා ඔහු යළි එනතුරු පාර අයිනේ සිටියදි ලොරිය ඇය හප්පා පලාගොස් ඇත.
ලොරිය අත් අඩංගුවට ගැනිම සඳහා පිටිගල පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd