හෝමාගම නගරයේ අතපය බැඳ දමා මහ මග දමා ගොස් සිටි තරුණයා කප්පම් ඉල්ලා පැහැර ගත්තේ දැයි බලවත් සැකයක් පවතින බව පොලීසිය කියයි.
තරුණියන් කිහිප දෙනෙකු ආශ්‍රය කරමින් සිටි බව කියන මොහු අධික නය බරින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
තමන් පැහැරගත් පිරිස හිසට වැරෙන් පහරදුන් බව ඔහු පොලිස් ප්‍රශ්ණ කිරීම් වලදී පවසා ඇත.
එහෙත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුට කිසිම පහරදීමක් සිදු නොවු බවයි.
චීත්ත පටි හා කොණ්ඩ පටි වලින් ඔහු බැඳ දමා තිබිනැයිද පොලීසිය කියයි. මෙය රඟපෑමක් ද යන්න පොලීසිය සැකකරයි.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරික්ෂණයක් අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාම බැඳගන්න ඇති. (ර)
එයාම අත්දෙක බැඳගෙන, ඔලුවට ගහගෙන, වාහනයෙන් වැටෙන්ට ඇති මගේ හිතේ. (ර)
අපේ රටේ දැන් වෙන දේවල් බැලුවම එයා එතරම් දෙයක් කරලා නැහැනේ (නදී)
අනිවාර්යෙන්ම රගපෑමක් වෙන්න ඇති. (නදී)