- විහාරමහාදේවිය ඔබ දන්නේ මොනවිදියටද?
ඉතිහාසයේ සිටි වීර කාන්තාවක ලෙස.
- විහාරමහාදේවිය ගැන ලියැවුණු කතා කියවලා තියෙනවද?
මුහුද ගොඩගලද්දී තම ජීවිතය පරදුවට තබා බිලිවූ වීර කාන්තාවක ලෙස, රට දැය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළ කාන්තාවක ලෙස අහලා තියෙනවා, කියවා තියෙනවා.
- ඇය රූපයෙන් මොනවගේ කියලද ඔබ දැන සිටියේ?
රජ බිසවක්වූ නිසා අනිවාර්යයෙන් රූප සම්පත්තියෙන් අගතැන්පත් වෙන්න ඇති.
- ඒ චරිතය රඟපෑමට ඔබට අවස්ථාව ලැබුණෙ කොහොමද?
ඇත්තටම මහරජ ගැමුණු චිත‍්‍රපටයේ විහාරමහාදේවියගේ තුරුණුවියේ චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මෙය මගේ පළමු චිත‍්‍රපට රංගනයයි. ජයන්ත චන්ද්‍රසිරි වැනි ප‍්‍රවීනයකුගේ චිත‍්‍රපටයක රඟපාන්න ලැබීමම වාසනාවක්. මෙම චරිතය සඳහා බොහෝදෙනෙකු ගැන ජයන්ත මහතා විමසුම් කර තිබුණා. නමුත් අවසානයේ මා ගැන අවධානය යොමුවෙලා. ඇත්තම කිව්වොත්, එය ලෙහෙසියෙන් ලැබුණු අවස්ථාවක් නොවෙයි. පවුලේ වතගොත වගේම පුද්ගලිකව චරිතය ගැනත් හොයලා තිබුණා. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ සපුගස්කන්ද විශාඛාවෙන්. ඉතින් ඒකම එක්තරා අවස්ථාවක් වුණා.
- විහාරමහාදේවියගේ තුරුණු විය වෙනුවෙන් ඔබ හැඩගැන්වූ පසු මොකද හිතුණේ?
පුදුම ආඩම්බරකමක් වගේම අමුතු ගැම්මක් ඇතිවුණේ. මේ චරිතය හොඳටම කරන්න ඕනෙ කියලා හිතුණා. මේ විදියට ඒ හැඩතල මවන්න, සෞන්දර්යය සරසවියෙ, අක්කලා, අයියලාගේ නිර්මාණ දායකත්වය ලැබුණා. එයාලවත් මේ මොහොතේ මතක් කළ යුතුමයි.
- ඒ විදියට හැඩවෙලා රඟපාන්න ගියාම වෙච්ච දේවල් මොනවද?
මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණේ මා සහභාගී වූ දර්ශන පෙළකින්. එදා මම අශ්ව කරත්තයෙන් ඇවිත් බහින දර්ශනයකට රූගත කිරීම් කළ යුතු වුණා. ශිව හාමුදුරුවන් හමුවට යන දර්ශනයක්. එය අවස්ථා දෙකකදී රූගත කළා. දෙවන වතාවේදී ඉස්සරහින් ගිය අශ්වයින්ගෙන් එක් අශ්වයෙක් එකපාරටම ඇවිත් මා සිටි දෝලාවට ඔලූව එබුවා. පිඹගෙන ඇවිත් එහෙම කළේ. එක් වතාවක් ඔලූව දාලා, ආයෙත්
පිඹගෙන එහෙම කළා. කොච්චර හයියෙන් මම කෑගැහුවද කිව්වොත්, මුළු පළාතටම ඇහෙන්න ඇති. ඒ පළාතේම මිනිස්සු ඒ සද්දයට දුවගෙන එන්න ඇති. ඒ මොහොත නම් මට කවදාවත් අමතක වන්නෙ නැහැ. මාවනැල්ල ප‍්‍රදේශයේදී තමයි මේ රූගත කිරීම් සිදුකළේ.
- ඒ අශ්වයා කළබල වුණේ ඔබ දුටු නිසාලූ නේද?
කට්ටියම මට විහිළු කරන්න පටන්ගත්තෙ ඒ විදියට තමයි.
- මෙහි කාවන්තිස්ස රජුලෙස රඟපාන්නෙ ශ‍්‍රියන්ත මෙන්ඩිස්. තරුණ වියේ බිසව ලෙස ඔහු හා රඟපාද්දි ඔබට ඇතිවූ හැඟීම?
ශ‍්‍රියන්ත අයියා එක්ක මීට පෙර මම රඟපාලා තියෙනවා. මෙහි විහාරමහාදේවිය ලෙස රඟපාන්නෙ ඔහුගේම බිරිඳ කුසුම් රේණු අක්කායි. මෙහි පළමු දර්ශනයට පෙනී සිටීමට ප‍්‍රථම කුසුම් රේණු අක්කා, හොඳට කරන්න පුතේ කියලා මට සුබ පැතුවා. කාවන්තිස්ස රජු සමඟ මට දෙබස් තිබුණෙ නැහැ. නමුත් ඒ ප‍්‍රවීනයින් එක්ක රඟපාද්දී පුදුම ගෞරවයක් ඇතිවුණේ.
- මෙම චිත‍්‍රපටයේ පළමු දර්ශන පෙළ රූගත කළ අවස්ථාවේ ඔබ ඇත්තටම හැඬුවා කියලා ආරංචියි?
ඒ දර්ශන පෙළේ හැටියට ඇත්තටම ඇඬුණා. ගොඩාක් තාත්වික අවස්ථාවලදී එහෙම වෙනවා. එය නිරායාසයෙන්ම වෙන දෙයක්. මේ වගේ අලූත් කෙනෙකුගෙන්, එවැනි දෙයක් දැකීම සතුටට කරුණක් කියලා ජයන්ත චන්ද්‍රසිරි මහතා කිව්වා. උද්දික අයියා සහ කැමරා අධ්‍යක්ෂ රුවන් කොස්තා ඇතුළු බොහෝදෙනා මට සුබ පැතුවා.
- මීට අමතරව අද දවසේ ඔබ රඟපාන තවත් නිර්මාණ මොනවද?
ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙන අකඩවාරිය සහ ටීඑන්එල් එකේ විකාශය වන ඇහැලමහ නිකිණිය නාට්‍ය වෙතින් දැකගන්න පුළුවනි.
- සැබෑ ජීවිතයේ ඔබගේ පේ‍්‍රම රාජයා කවුද?
රජෙක් කියලාම කියන්න බැහැ. එහෙම කෙනෙක් කවදාහරි ලැබේවි. ආදරය කියන දේ හරි පුදුම දෙයක්නෙ. සමහරවිට එක් මොහොතකින් නිමේෂයකින්, ආදරයක් ඇති වෙන්නත් පුළුවනි.
හැඩගැන්වීම් - චන්දිමා රාජපක්ෂ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසුම් රේණු වගේමයි. ඔබට සුබ පතමි (නදී)
ඔයා නම් හරිම හැඩකාරයි. ඔයාට ඔය රූපය ලැබුනේ කොහෙන්ද කියලා අපිටත් කියන්නකෝ (නි)
ඔබගේ දක්ෂතාවය සුභ පතනවා.(හේ)
ඔයා දැක්කහම මට නම් පිස්සු වගෙයි. ඔයාගේ අනාගතයට මගේ සුබ පැතුම්! මම ඔයාට ගොඩක් කැමැතියි (නි)
ශ්රී ලාංකික සිංහල කාන්තවක් හැටියට අපි ඔබ ගැන ආඩම්බර වෙනවා වගේම ආදර්ශමත් ජීවිතයක් ගත කරනු දැකීම කාගේත් පැතුමයි (නදී)
අනුරාධට පිස්සු ඩබල් වෙන්න කලින් සහේට ගන්න කෙනෙක් දෙමව්පියන්ට හොයන්න වෙනවා. (නදී)
ලස්සන යුවතියක්. නමුත් දැන් ගොඩක් අය තමුන්ගේ ලස්සනකම සහ ගරුත්වය රැකගෙන ඡායාරූපයකට පෙනි සිටින්න දන්නේ නෑ. ලලනාවක් උනහම තමන්ගේ ඉරියව්ව ගැන බොහොම ප්‍රවේසම් විය යුතුයි. පොතේ කියල තියෙන විදියට "සිනහ නොමසෙන් දසන් දක්වා" කියන තරමටම පිළිපදින්න අවශ්‍ය නූනට. (නදී)
දක්ෂ නිළියක්.මම සුබ පතනවා. (නි)
ඔක්කොම හොඳයි. ඉන්න විදිහත් තව ටිකක් සංවර වුණා නම් තවත් හොඳයි (නි)
අැණ තියන් වාඩිවි සිටින පින්තූරය හරි නැහැ (නදී)
ඇත්තටම මේ නිළිය කුසුම් රේණුගේ තරුණ කාලයේ වගේ. ඒ මුහුණුවරමයි තියෙන්නේ. ඒ වගේම හොඳ ප්‍රතිභාපුර්ණ පෙනුමක් තිබෙනවා. ඒක හැම නිළියෙකුටම නැහැ. තුෂාර කියපු එක නම් ඇත්ත. අර තමන් තරම් ලස්සන කෙනෙක් නැහැ කියලා වගේ පෙනීසිටින කෙනාට වැඩිය ස්වාභාවිකවම ලස්සනයි. (නි)
හරිම ලස්සනයි. (නි)
ලස්සන,දක්ෂ නිලියක්. ආඩම්බර වෙන්න එපා. මගේ ආගමේ හැටියට මේ සැම දෙයක්ම ඔබට ලැබිල තියෙන්නේ පෙර පින් නිසා. ඔබත් විහාරමහාදේවිය වගේ සිංහල ජාතියට ආඩම්බර විය හැකි කෙනෙක් වෙන්න. (නදී)
ඒ චරිතයට ගොඩක් ගැලපෙනවා.(හේ)
ඔයා ඇත්තටම ලස්සනයි.(හේ)
දක්ෂ නිළියක්.මම සුබ පතනවා. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු මොනවාද? මම දැනගන්න කැමැතියි (නි)
අපොයි! දේශපාලනය නම් කරන්න එපා (නි)
ඔබට ජයෙන් ජයම වේවා.(හේ)
හරිම හැඩයි. (නි)
මෙල්බර්න් අනුරාධට නම් පිස්සු. ඉරිසියායෙවන් පැලෙනවා (දිල්)
ලස්සන වගේම දක්ෂ නිළියක්.ඉදිරි අනාගතය සාර්ථක වේවා! (නි)
කුසුම් රේණුගේ තරුණ කාලෙට මෙයාගේ පෙනුම හොඳට ගැළපෙනවා (නි)
ලස්සන ළමයෙක්. තාරකා, ඔබ ශ්‍රී ලාංකික නවක නිළියන්ට ආදර්ශයක් වේවි කියා බලාපොරොත්තු වෙනවා. (නි)
සම්පත් පෙරේරා කොහොමද මට පිස්සු කියන්නේ.(දිල්)
හරිම හැඩකාරයි (නි)
නංගියේ ඔයාගේ ඉදිරි වැඩකටයුතු මොනවාද ? ඔයා නම් හරිම චාම්. (නදී)
ඔබ සුන්දරයි. (නි)
ඔබට ජය වේවා.(හේ)
තාරකාට ලස්සන මුහුණක්, සිනාවක් සහ සරීරයක් තියනවා. නමුත් මෙහි පලවී ඇති රූපවල ඉරියව්, පා පළඳනා සහ විශේෂයෙන් පසුබිම් ඇගේ ලස්සනට කිසිම වටිනාකමක් වැඩිකරන්නේ නැහැ. (හේ)
ඔබ ඇත්තටම සුන්දර රූ සපුවක් තියන ශිල්පිනියක්. මම ඔබේ අකඩවාරිය ටෙලි සිත්තම බොහොම ආශාවෙන් නරඹනවා. ඔබට හෙට දවසේ තව තවත් නිර්මාණශීලි දායකත්වයක් සිනමාව හා ටෙලි සිත්තම් උදෙසා ලබා දීමට අවස්ථා උදා වේවායි ප්‍රර්ථනා කරනවා. (නදී)
ස්වාභාවික ලස්සනක් තිබෙන නිලියක් . අර හැමෝම එක්ක පටලැවෙන , තමන් මහේෂිකාවක් වගේ කියල හිතන් ඉන්න අය වගේ නම් නෙවෙයි. (දිල්)
2015-02-05 04:21:26 දින දමා ඇති අදහස ''හරිම ලස්සනයි'' යන ප්‍රතිචාරය මගේ නෙමෙයි.
ඔක්කොම හොඳයි, ඉන්න විදියත් ටිකක් හොඳට ඉන්නකෝ (නි)
ඇත්තටම ඔබ ගොඩක් දක්ෂයි.ඔබට සුභ අනාගයක්.(හේ)
දැන් මේ ලිපිය ඇති. දවස් 5න් 5 ට වත් ලිපි මාරු කරන්න. නැත්තම් අපිට දැකලම එපා වෙනවා එකම දේ. (නදී)
අයියෝ මගේ නමත් අනුරාධ. මගේ යාලුවෙක් කිවුව නිසයි මේ ප්‍රතිචාර බැලුවේ. තවත් අනුරාධ කෙනෙක් ඉන්නවා හොදටම කේන්ති ගිය. කරුණාකරලා ඒ අනුරාධගෙන් ඉල්ලා සිටින්නේ පින්තුර බලලා රස විදින්න. හැබැයි ඔයාගේ රසය අනිත් අයට දැනගැනීමට අවශ්‍ය නැහැ. ඔය මේවා පලකරන එකෙන් අනුන්ට අයහපතක් මිස වෙන යහපපතකුත් නැහැ. කොච්චර ලස්සන කයක් උනත් වයසට යද්දී දිරාපත් වෙනවා. මැරුණම පනුවෝ ගහනවා. ඔය පැහැපත් හැම ගැලොව්වොත් දැන් උනත් යථාර්තය තේරුම් ගැනීමට හැකිවේවි. තාරකා ඔබත් සමග මගේ පුද්ගලික අමනාපයක් නැත. අවම තරමේ ඔබව මා දුටුවේත් අදයි. (නදී)
ඔබ නව පරපුරේ දක්ෂතම නිළියක්, එය අවිවාදයි. සිනමාවේ පරමාදර්ශී චරිතයක් වන්නට උත්සහා කරන්න. අකඩ්වාරියේ චරිත නිරූපණය ඔබට හොඳම නිළි සම්මානය දක්වා රැගෙන යන බව නම් ස්තීරයි. (දිල්)
අනුරාධ මෙල්බර්න්ට පිස්සු කියලා අනුරාධ මෙල්බර්න්ට නොතේ්රුනාට මෙය කියවන හැමෝටම තේරෙනනවා ඇති. (නදී)
ඔබ හරිම ලස්සනයි. දක්ෂයි. දිගටම හොඳ නිර්මාන වලට දායක වෙන්න. (දිල්)
හරිම ලස්සනයි (නි)