(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දික නිරෝෂණ)
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කහවත්ත වැල්ලදුර බෝධිය අසළ දී අද (29) පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් 9 දෙනෙකු තුවාල ලබා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර ඇති බව කහවත්ත පොලිසිය පවසයි.
ගබ්බෙල සිට රත්නපුරට සහ ගබ්බෙල සිට කහවත්තට ගමන් කරමින් තිබූ බස් රථ දෙක රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ එකම දිශාවට ගමන් කිරිමේ දී මෙලෙස ගැටී අනතුර සිදුව තිබේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බස් රථදෙක තරගයට ගමන් කර ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් ඩ්රයිවර්, ප්රයිවෙට් බස් ඩ්රයිවර් කියන්නේ මිනිසුන්ගේ මාරයින්.
ඔය රියදුරුට කනට දෙකක් දීලා ඕක වලක්වන්න කෙනෙක් හිටියේ නැද්ද ඔය බස් එකේ.