IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තරගෙට රැගෙන ගිය පරවියන් වනජිවිය මුදාහරි

(ජයරත්න වික්‍රමාරච්චි, හිරාන් ප්‍රියංකර ජයසිංහ, සහ පුත්තලම එච්.චන්දන)

අකුරණ ප්‍රදේශයේ පරවියන් ඇති කරන්නන්ගේ සංගමයක් තරගයක් සදහා ලොරි රථයකින් රැගෙන ගිය පරවියන් 359 දෙනකු කරුවලගස්වැව වනජීවි නිළධාරින් අල්ලා තබ්බෝව ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රිඩාංගනයේ දී අද (30) දින උදෑසන මුදා හැරිමට කටයුතු කළේය.

මෙම පරවියන් ආරක්ෂීත පෙට්ටි 11ක් තුළ රඳවා වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශය හරහා රැගෙන යමින් සිටියදි තබ්බෝව අභය භුමිය ආසන්නයේ අත්අඩංගුවට ගැනිමට වනජීවි නිළධාරිහු කටයුතු කළහ.

ගෘහාස්ශ්‍රීතව ඇති කරන පරවින් අභය භුමිය ආසන්න ප්‍රදේශයේදි මුදා හැරිම වනජීවි පනත අනුව තහනම් බවත් ඒ අනුව කුඩු 11 ක රදවා සිටි පරවින් 359 දෙනා මෙසේ අදාල සංගමයේ සාමාජීකයන් සමග රැගෙන ආ වාහනය ද සමග අත් අඩංගුවට ගෙන ඇත.

මහනුවර අකුරණ ප්‍රදේශයේ තරග සදහා පරවියන් ඇති කරන සංවිධානයයක් අද උදෑසන පරවියන් පුත්තලම කරතිව් ප්‍රදේශයේ දි තරගයට මුදා හැරිමට සුදානම්ව සිටියදී වන ජීවි නිළධාරින් මෙසේ අත් අඩංගුවට ගත්තේය.

 



අදහස් (9)

තරගෙට රැගෙන ගිය පරවියන් වනජිවිය මුදාහරි

ravin Sunday, 30 January 2022 05:12 PM

විශිෂ්ඨයි. උත්කෘෂ්ඨයි. පොඩි අඩුපාඩුවකට තියෙන්නේ අර අරන්ගිය අයව එම කූඩු තුළටම නොදැම්ම එක.

:       7       23

sathyapala Sunday, 30 January 2022 05:27 PM

පරවියන් විතරක් නොවේ කුකුළන් ඔට්ටුවට කෙටවීම ලංකාවේ තදින්ම සිදුවෙනවා. මුහුණු පොතේ පොර කුකුලන් විකුණන්නේ රුපියල් 8000 -10000කට. අහිංසක සතුන් කොටවන වීඩියෝ පවා නම් ගම් සහ දුරකථන අංක සහිතවම පල කරනවා. මේ ගැන පොලිසියේ ඉහලම උදවිය රැසකටම, ප්‍රධාන මාධ්‍ය ආයතන, සත්ව හිංසා විරෝධී සංවිධාන රැසකට දුරකතනයෙන් දැනුම් දුන්නා. අහිංසක සතුන් වෙනුවෙන් කිසිවෙක් නෑ...

:       1       27

සිරි Sunday, 30 January 2022 06:03 PM

ගෘහාශ්‍රීතව ඇති කරන පරෙවියන් අභය භුමිය ආසන්න ප්‍රදේශයේදී මුදා හැරීම වනජීවි පනත අනුව තහනම් නම් ඒ ආසන්න තබ්බෝවේදී මුදා හැරියේ ඇයි? පරෙවියන්ට ඔය කි.මී හතර, පහ පියාඹන්න බැරිද?

:       2       25

fairoos Sunday, 30 January 2022 06:09 PM

රට රකින විරුවා... කොහොමද අපේ සර්ගේ වැඩ...?

:       7       20

BamunuarachchiSunday, 30 January 2022 11:02 PM

වනජීවියට බැරිද හම්බයින් ටික හම්බන්තොටට අරන් ගිහිල්ලා මුදා හරින්න? ආව තැනකට පල කියලා...

:       2       0

Bamunuarachchi Sunday, 30 January 2022 11:00 PM

මුදා හැරියාට ඔවුන් හිටපු කූඩුවලට ආපසු යනවා...

:       2       0

Nihal Sunday, 30 January 2022 11:33 PM

ෆයිරූස් මෝඩ කතා කියන්න එපා...

:       1       1

BamunuarachchiMonday, 31 January 2022 05:13 PM

මෝඩයා මෝඩ කතා නොකියා වෙන මොනවා කියන්නද?

:       2       0

kapila Monday, 31 January 2022 10:05 AM

වනජීවි නිලධාරීන් වුණාට, කිසිම සාමාන්‍ය දෑනීමක් නෑ. මේ පරවියෝ කොතැනදී අත ඇරියත් තමන්ගේ ගෙදර හොයන් එන්න පුහුණු වෙලා ඉන්නේ.. මේක ලෝකයේ ප්‍රකට ක්‍රීඩාවක්.. විශේෂයෙන් කොරියාවේ, ජපානේ චීනේ වගේ රටවල්.. සමහර පරවියන් අත අරින්නේ වෙන රටක ඉඳලා.. ඒ තරම් දියුණු කුරුල්ලෙක්. මේ වගේ තරගවල ත්‍යාග මුදල කෝටි ගණන්.. ගෙවල්වල කූඩු කරලා ඉන්න ගිරව්, මයිනෝ වගේ කුරුල්ලන් තමයි මුදා හරින්න ඕනේ.. නැතුව විවෘත්තව ඈති කරන මේ වගේ පරවියන් නෙමෙයි...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site