(විනීතා එම් ගමගේ)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්රීඩාංගගනයේ දී පෙරේදා (27) සිදුවු අන්දමේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
තරඟ පරදිද්දී දුක හිතෙන නමුත් අප ඉන්දියාවේ තත්ත්වයට පැමිණිය යුතු නැතැයි ද අමාත්‍යවරයා කිය.
ක්‍රිකට් ජය ගත්තත් පරාජය වුවත් හිනැහී පිළිගන්නට අපට හැකිවිය යුතු යැයි ද සංස්කෘතියක් ඉතිහාසයක් ඇති රටක් වූ අපි ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ගැන නිරන්තර සිතිය යුතු යැයි ද රණතුංග මහතා සඳහන් කළේය.
කී‍්‍රඩකයින්ට හූ කියන්නට එපා යැයි ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා හූ කියන්නට අවශ්‍යම නම් පරිපාලනයට හූ කියන්නැයි ඉල්ලා සිටින බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද (28) පැවැති මාධ්‍ය හමුවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබ සමග එකඟ වෙමි
අප ඉන්දියානුවන්ගේ තත්වයට වැටිය යුතු නැහැ. සහතික ඇත්ත...
අර්ජුන රණතුංග මහත්මයා, පෞද්ගලිකව මම ඔබතුමාට ලෝකයේ බිහිවූ අතිවිශිෂ්ඨ ක්‍රිකට් ක්‍රිඩකයෙක් ලෙසත්, අතිදක්ෂ නායකයෙක් ලෙසත්, හිසනමා ආවාර කරනවා. ඒ වගේම ඔබතුමා සමග 1996 දි ලෝක කුසලානය දිනාගත් සිහින කන්ඩායමත් අප හදවත් තුල සදා කාලයටම තැන්පත් වෙලා. ඔබ කණ්ඩායම එදා මේ රටට ලබා දුන් ගෞරවයත්, අභිමානයත් සදාකාලිකයි. එවැනි මතකයක් අපට උරුමකල ඔබ සැමට බොහොම ස්තූතියි. නමුත් අප අගෞරව කලයුත්තේ පරිපාලනයට නොව කිසිදු ලැජ්ජාවක් නොමැතිව පරාජය වන ක්‍රීඩකයන්ටයි. මක්නිසාද යත් ඔවුන් මේ විනාශ කරන්නේ අපරටේ ගෞරවය සහ අභිමානයයි. පරිපාලනය ක්‍රිකට් ගසන්නේ නැත. ක්‍රිකට් ගහන්නේ ක්‍රිඩකයන්ය.
ඒක සත්‍යයි...
ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි මහත්තයෝ.
ඉතාම අශෝභනයි. මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වන්නේ ඉන්දියාවෙයි. දැන් ඒ තත්ත්වය ලංකාවටත් ඇවිත්. මෙය කාගේ හෝ වුවමනාවකට, අපේ රට අපකීර්තියට පත් කරන්න කරනවද දන්නේ නැහැ. කෙසේ වෙතත් මෙවැනි දේවල් ඉදිරියට නොවෙන්න අවශ්‍ය නීති පද්ධතියක් සකස් කරලා එය වහාම ක්‍රියාත්මක කරන්න වග බල ගන්න.
කවුරු මොනවා කිව්වත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව මෙවැනි පහත්ම අඩියකට වැට්ටවීම ගැන ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන් වගකීම බාරගත යුතුයි. මේ පරිපාලනය තවදුරටත් තිබුණොත් අපේ ක්‍රිකට් වලපල්ලට යෑම ස්ථීරයි. තේරුම් ගන්න බැරි ඇයි ක්‍රිකට් ක්‍රීඩාවේ හසළ දැනුමක් තිබෙන අර්ජුන රණතුංග මහත්මයාට ක්‍රිකට් පරිපාලනය බාරනොදෙන්නේ?
මිනිස්සු කලබල කරන්නේ ක්‍රීඩකයන්ට විරුධව නොවේ. ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන සූදු ව්‍යාපාරයට සම්බන්ධ දේශපාලකයන්ට විරුද්ධව, ස්ටේඩියම් එ්කෙන් පිට එහෙම කළාම මේ පාර කදුළු ගෑස් සහ කැරලි මර්ධන ඒකකය සුදානම් කරලා... එතකොට ස්ටේඩියම් එක ඇතුලේ විරෝධතා දක්වනවා ඇරෙන්න වෙන විකල්පයක් ප්‍රේක්ෂකයාට නැත. මිනිස්සු කියන්නේ බුකි කාරයෝ මංකොල්ල කාපු "අපේ ක්‍රිකට් අපිට දෙන්න කියලා" හරි නම් ඔබතුමාත් සාමාජිකයකු වන ආණ්ඩුව ක්‍රිකට් කමිටුව ගෙදර යවලා අතුරු කමිටුවක් පත්කල යුතුය. ආණ්ඩුව එහෙම නොකරන්නේ මොවුන් ආණ්ඩුවේ කොටස් කාරයන් නිසාය.
ක්‍රීඩාවක ජය පරාජය එකසේ බාරගත යුතුයි .... සැබවින්ම අපි ඉන්දියාවේ නරඹන්නන් සේ නොවිය යුතුයි.
මට විතරද හිතෙන්නේ, මේක මෙයාගේම වැඩක්ද කියලා? ලංකාවේ ක්‍රිකට් ලෝලීන් කවදාවත් මෙහෙම වැඩක් කරන එක හිතන්න බැහැ.
අද ඉන්න ක්‍රීඩකයන්ට සල්ලි සහ සැප වැඩි වෙලා... ලකුණු 50 ගහනකොට පාදේ මස්පිඬු පෙරළෙනවා. පන්දු යවන්නන් ඕවර 5-6 එක දිගට බෝල් කරොත් ලෙඩ වෙනවා. ඉස්සර අර්ජුනලා, අරවින්දලා පැය ගණන බැට් කරනවා මහන්සි වුණාම ඇවිදිමින් ලකුණු රැස් කරනවා. වාස්ලා, මුරලිලා දවස පුරාම බෝල් කරනවා. ඔවුන්ට මේ වගේ ලෙඩ තිබුණේ නැහැ. වයසට ගියත් 96 ක්‍රිකට් කණ්ඩායම දැන් ඉන්න තරුණ කණ්ඩායම සමඟ තරගෙකට ආවොත් 96 කණ්ඩායම දිනනවා. ඉතින් මිනිස්සු විරෝධතා පවත්වන එකත් 96 ක්‍රිකට් නැවත ඉල්ලන එකත් පුදුමයට කරුණක් නොවේ.
මේ අවාසනාවන්ත තත්වයට ක්‍රීඩකයින් වගේම බලධාරීන්ද වගකිව යුතුමයි. කාගේ කාගේත් වගකීම් රට වෙනුවෙන් කැපවීමෙන් ඉටුකරනවා නම්.., රටේ ක්‍රිකට්වලට මෙවැනි තත්වයක් කවදාවත් උදාවෙන්නේ නැහැ කොහෙත්ම. 96න් පස්සේ තමයි ලංකාවේ ක්‍රිකට් ආයතනයට සල්ලි ගලන්න පටන් ගත්තේ. එදායින් පස්සේ තමයි වෛරය, ඉරිසියාව, කුහකකම සහ ද්වේශය ඔය ආයතනය තුල වැඩිවුණේ. ඔය කවුරු වුනත්.., කුහකකමින් මහ පුටුවට මාන බලාගෙනයි කහින්නේ. සංගාට, මහේලට හිටු කියලයි පහරදෙන්නේ. 96 ලෝක කුසලානේ දිනපු, මේ නායකයාට අපි කොතරම් ගරු කරනවද? ඊට වඩා ගුණයක් අපි සංගලාට ගරු කරනවා. ඒ, ඔවුන්ගෙන් ක්‍රීඩාවට අමතරව " නියම මනුස්සකමත්" දැකපු නිසා. එ් නිසා, මෙයා මහපුටුවට බැරි වෙලාවත් ආවොත්.., ලංකාවේ ක්‍රිකට් තව තවත් වලපල්ලට යනවා මිසක් දියුණුවක් දකින්නේ නැහැ.
ජනපතිගේ හොඳ ගෝලයෙක්නේ ක්‍රිකට් සභාපති. පරදින එක අහන්නත් දෙයක්ද? අනිවාර්යයෙන්ම මීලඟ ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ටෙස්ට් තත්වය නොලැබූ රටක් ලෙස ක්‍රීඩා කරන්නම වෙනවා.
ප්රසිධ්යේ රටක නමක් සදහන් කරමිනි මේ කල ප්රකාශනය මා අනුමත නොකරමි. වැරදි කල නොකලා මුලු රටේම ජනයා වර්ගීකරණය කිරීම බලවත් වරදකි. හිතා නොබලා මුවෙන් මෙවනි වදන් පිට කිරීම තමාගේ වගකීම් තොර ප්රකාශනයකි.
ක්‍රිකට් ජීවිතය කරගත් ක්‍රිකට් පිස්සෝ ඉන්නේ ඉන්දියාවේ ලංකාවේ පමණි උන් එකම ජාතියක් වෙනස ලංකාවේ රේ විජේවර්දනයන් ගෙන් පස්සේ නව නිෂ්පාදන බැරි වීමය ත්‍රී වීල් දක්ෂයන්ය අනුන්ගේ වැරදි දැකීමට කකුලෙන් ඇදීමට ඇති සහජ හැකියාව .....
කෙහෙල්මල් ක්‍රිකට් බතක් බුලතක් හේනක් කොරගෙන ඉන්න රටට වැඩක් කරපල්ලා අහේනිය දුරු වෙන්න ක්‍රිකට් ගහල බැහැ රට හදන්න