(යොහාන් භාසුර)

ගනේමුල්ල දුම්රිය ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ග හරහා තිරිංග නොමැතිව බසයක් අද (8) පස්වරුවේ ධාවනය වී දුම්රිය මාර්ගයට හානිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.  

එම අනතුරෙන් ප්‍රධාන මාර්ගයගේ පහළය කොටස එනම් කොළඹ දෙසට දුම්රිය ගමන් කරන මාර්ගයට හානි වී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන බවත් එම නිලධාරියා කීය.

අද පස්වරු 6.55 ට පමණ එම බස් රථය දුම්රිය මාර්ගයේ ධාවනය වී බස් රථය දුම්රිය මාර්ගයේ නතර වී ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා මතු වූ බවත් ගනේමුල්ල පොලිසිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවත් එම නිලධාරියා කීය.