(මහින්ද නිශ්ශංක)
තිරිංග දෝෂ සහිත චීන මැදිරි වලින් යුත් දුම්රිය ධාවනය කිරිමෙන් වැළකී සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.
ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කෙරිණි. සෙසු දුම්රියෙන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව ඔහු පවසයි.
මේ හේතුවෙන් යාල්දේවි දුම්රිය ඇතුළු දුම්රිය 8 ක් අද (21) උදේ වරුවේ අවලංගු කළ බවද දුම්රිය පාලක කාර්යාලය පවසයි.
මේ අතර ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරි මහානාම අබේවික්‍රම මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේවා ගෙනාවේ ....?!
මම නම් ඔය වගේ ආයේ යන්නේ නැහැ.
මීට දශක කීපයකට පෙර ජර්මනියෙන් ගෙනා එන්ජින් හා කැනේඩියන් එන්ජින් මේ රටට ගෙන්වා කිසිම වෙනස්කිරීමක් හෝ ප්‍රශ්නයක් නැතිව ගෙනා දවසේ සිට ධාවනය කලා. දැන් එම වර්ගවල දුම්රිය එන්ජින් නිෂ්පාදනය කරන්නේ නැද්ද?
මේකනේ ඔතන තියෙන ප්‍රශ්නේ චීනෙන් ඉන්දියාවෙන් ගේන දේවල් වලට හොදට කොමිස් ගහන්න පුළුවන් ඇමතිලට ඒකයි.
පසුගිය දශකවල ගෙනා දුම්රිය මැදිරි හෝ මැදිරි කට්ටල පරික්ෂා කිරීමකින් තොරවද ගෙනාවේ. තාක්ෂණ කමිටු, ප්රතිසම්පාදන කමිටු තිබුනේ නැත්ද?
මේවා ලංකාවට ගෙනාවේ මම තමයි - මහින්ද
මේ ඇන්ජින් චිනේ හොඳට වැඩ කරනවා ලංකාවට ගෙනාවම අවුල් යන්නේ අපි හරියට නඩත්තු කරන්නේ නැති හින්ද
දුමින්ද , ගේ අදහස අනුමත කරමි . චිනගෙන් මහින්ද ඇතුළු ගෝල බාලයෝ තමයි මේක වාසියට පටන් ගත්තේ ..නමුත් මම ලංකාවේ ඉස්කෝලේ යනකොට උනත් කැනේඩියන් සෙට් එකක් ඉස්සරහ තියෙනවා කියල දන ගත්තම ෆිට් එකක් එදා තිබුන, අදටත් ලංකාවේ ඒ පරණ කැනේඩියන් එන්ජින් තවම ඒ වගේම දුවනවා . ඇයි එහෙනම් අවුරැදු ගණන් ආරක්ෂාව දුන් ඒ එන්ජින් ගෙන්නනේ නැත්තේ ..?
රාවණාගේ කාලේ ආහස්යානා එලවපු අපේ මහා ජාතියට කෝච්චිය මොන බම්බුවක්ද ඔය ප්‍රශ්නෙට විසඳුමක් හැටියට යොදාගන්න `රාවනා බලය`!ගහපු ගමන් නාග සලන්!