IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ත්‍රිකුණාමලයේ පෙළපාලියකට අතුරු තහනමක්

(අමදෝරු අමරජීව )

ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන් ඇතුළු අට දෙනෙකුට එය සංවිධානය කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය .

ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය ඒ වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ මෙම පෙළපාලිය පැවැත්වීමත් තුළින් ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන බවත් මහජනතාවට හා දේපල වලට හානි සිදුවිය හැකි බවත්ය .

එ අනුව මේ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය  කළ ඉල්ලීමක් සලකා මහේස්ත්‍රාත්වරයා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

මෙහි වග උත්තරකරුවන් ලෙස ත්‍රිකුණාමලය රදගුරු ක්‍රිස්ටියෙන් නොයෙල්  මානුවෙල් හිමිපාණන් ත්‍රිකුණාමලය කාන්තා ජාලයේ සභාපති නීතිඥ මයුරන් ප්‍රශාන්තිනී,ත්‍රිකුණාමලය බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි සෙබස්තියන් දේවි මඩකලපුව බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනී අමිල නායගි,අම්පාර බලහත්කාරයෙන් අතුරුදහන් කර වූවන්ගේ සංගමයේ සභාපතිනි ජී.සෙල්වරාණි ,අහම් මානුසීය සම්පත් මධ්‍යස්ථානයේ සභාපති කණ්ඩුමනී ලවකුස රාජා මාධ්‍යවේදී කාර්තික් හයදීපන්  හා රාමනාදන් ශ්‍රී ඥානේස්වරන් නොහොත් කන්නන් පොලිසිය විසින් නම් කර තිබුණි .

 



අදහස් (0)

ත්‍රිකුණාමලයේ පෙළපාලියකට අතුරු තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site