(මුදිතා දයානන්ද)
ත්‍රිකුණාමල තෙල් ටැංකිවල මූලික අයිතිය ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු තෙල් සමාගමටත්, 10 ක් ලංකා ඛතිජ තෙල් නීති ගත සංස්ථාවටත්, ඉතිරි 74 දෙරට අතර හවුල් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යාමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ අද (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව පැවසීය.
ත්‍රිකුණාමල වරාය හා තෙල්ටැංකි ඉන්දියාවට විකිණිමේ සැලැස්මක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කබීර් හෂීම් මහතා මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ කිසිදු වරායක් විකිණිමේ සැලැස්මක් නැති අතර එසේ කරන බවට වැරදි මතයක් සමාජයේ පැතිරි ඇති බවත් පැවසීය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මීට පෙරත් ඉන්දියාවට පවරා තිබූ බවත් මෙතෙක් කිසිදු ආයතනයක් හෝ ශ්‍රී ලංකා රජය හෝ මේ තෙල් ටැංකි සියල්ල භාවිතා කර නොතිබුණ බවද පැවසීය. එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මෙම ටැංකිවලින් කිසිවක් මෙතෙක් හිමිව නොතිබූ බවද පැවසූ කබීර් හෂීම් මහතා අගමැතිතුමාගේ උපදෙස් පරිදි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පසුගිය දා ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ බවත් එහිදී ඉහත එකඟතාවයන්ට එළැඹී ඇති බවත් ඒ සියල්ල සිදුවන්නේ ගිවිසුමක් අනුව පමණක් බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. ඉක්මනින් ක්‍රියාත්මක කරමු. වර්ජකයින් ගෙදර යවා තරුණයින්ට රැකියා දෙමු
රට අනාත වෙලා ඉවරයි.
සේරම දීල, අන්තිමට මුළු රටමත් විකුණලා හමාර උනාට පස්සේ කියයි "මම පත්තරෙන් දැක්කේ " කියලා...
ව්‍යාපාර වලට හවුල් වෙන්න කොහෙද? සල්ලි තියෙන්නේ. හදපු වරායටත් ණය ගෙවාගන්න බැරුව. ජනතාවට ඇත්ත කියන්න. ජපනාට ලංකාවේ භුමිය දෙන්න යනවා... ඉන්දියාවට විකුණන්න භාණ්ඩ නිපදවන කර්මාන්තශාලා ඉදිකරන්න. ඉන්දියාවට තෙල් ටැංකි දෙන්න යනවා. ඒ කම්හල්වලට බඩු ගෙනෙන නැව් වලට ඉන්ධන සපයන්නයි අවශ්‍ය විදුලිය නිපදවන බලාගාර වලට ඉන්ධන සපයන්නයි. ත්‍රිකුණාමල වරාය දෙන්න යනවා ඉන්දියන් කාරයින්ට එක දියුණු කරලා ජපනගේ නැවු වලට පහසුකම් සපයන්න. අපේ වරාය, අපේ තෙල් ටැංකි, අපේ රට කිවුවට එදාවේල කන්න නැතුව ණය බරින් මිරිකිලා ඉන්න අපට ඔයිට වැඩිය වැඩි යමක් ඉතිරි වෙලා නැහැ කරන්න. අඩු තරමේ ඔය සමාගම් වල රැකියා කරන්නවත් ලබෙයිනේ හොඳ වැටුපකට. එ්කටත් දැන් දැන්ම ජපන් භාෂාව, හින්දි භාෂාව අපේ මිනිස්සුන්ට ඉගැන්නුවේ නැතිනම් අපට වෙන්නේ ඉංග්‍රීසි දන්නා ජපන්නුයි, ඉන්දියන් කාරයොයි යටතේ වැඩ කරන්න.
ලලිත්, ඔබ වැනි දැනුම තියෙන පුද්ගලයන් ලංකාවේ නැත්තේ මොකද?
තෙල් ටැංකි සංකීර්ණයේ රක්ෂාවට එන්න ඉන්දියන්කාරයෝ දැනටමත් ඉල්ලුම් පත්තර දසදහස් ගානක් එවල කියල මගේ මිත්‍ර ඉන්දියන්කාරයෙක් මා සමග පැවසුවා
විය යුත්තේ අනික් විදියට නේද? අපේ රටට අයත් දේවලින් වැඩිපුර කොටස අයිති වියයුත්තේ රට තුලට මිස පිට රටකට නොවේ.
මේකේ අදහස් දාල තියෙන සමහරුන්ට ඕන ණය තියනවා කියල දැන දැනම එකට යට වෙලා ඉන්න. එකෙන් ගොඩයන විදිහ පේනකොට ඒකට විරුද්ධ වෙන්න. මේවා රජයේම තියාගෙන අටවත් පාස් නැති හෙන්චයියන්ව රැකියා ලබාදෙන්න. ආයතනය පාඩු වුනත් ලොකු පඩියක් ගන්න. මේවගේ ආයතන ප්රතිවිවුහ ගතකරන එකම හොදයි. එතකොට ඔය නිකන් ඉදල පඩි ගන්න අයට පඩිත් නැහැ. ඔය එක එක දේශපාලකයන්ට කඩේ යන සංගම් ඇති වෙන්නෙත් නැහැ නේ.
යහපාලනයෙන් උදා වූ ප්රජාතන්ත්රවාදී අවකාශය අවභාවිතා කරමින් ලංකාවේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ හුදෙක් තම වෘත්තීය ඉල්ලීම් සඳහා නොවේ. දේශපාලන ඉල්ලීම් සඳහා ය. එම දේශපාලන ඉල්ලීම් ද අන්ත පසුගාමී ඒවාය. පාඩු ලබන හම්බන්තොට වරාය සංවර්ධනයට එරෙහි වීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට එරෙහි වීම ආදිය ඉන් කිහිපයකි. එම එරෙහිවීම්ද ආර්ථික කාරණා පාදක කර නොගත් ‘රට විකුණනවාය‘ යන බොළඳ දේශප්‍රේමය පදනම් කර ගත්තක් පමණි. දේශපාලන ඉල්ලීම පමණක් ඉදිරියට දැමීමෙන් තම දේශපාලන හෙළුව ප්‍රදර්ශනය වන බැවින් දේශපාලන ඉල්ලීම සමග වෘත්තීය ඉල්ලීම් කිහිපයක්ද එල්ලා ගැනීම මේ නියැන්ඩර්තාල් වෘත්තීය සමිතිවල සුලබ දසුනකි. මෑත යුගයේ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගත් මැලේසියාව සිංගප්පූරුව ආදී කිසිදු රටක් එම ඉලක්ක කරා ලඟා වූයේ නියැන්ඩර්තාල් වම්මුන්ගේ යල් පැන ගිය ගොබ්බ උපදෙස් අනුව නොවේ.