(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ තරු පහේ හෝටලයක අයත් සුඛෝපභෝගී මහල් නිවාස දෙකක නැවතී මහා පරිමාණයෙන් මුදල් වංචාවේ යෙදුණු හත් දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරුවන් සමග බැංකු ගිණුම් පොත් 21 ,බැංකු කාඩ්පත් 58 ,ජාතික හැඳුනුම්පත් 15 ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 මෙන්ම රුපියල් තුන්ලක්ෂ හතළිස් එක් දහසක මුදලක් පොලිසිය බාරයට ගෙන ඇත.
මාස දෙකක පමණ කාලයක සිට නැවතී සිට මෙම කූට ජාවාරම යෙදී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මුදල් වංචාවකට අහු උනා,ඒකට සම්බන්ධ අයද දන්නෙත් නෑ මේ,කොහොමද විස්තර දැන ගන්නෙ ,