‘අපි කාර්වල බදු මිල වැඩි කළේ ලංකාවට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන නිසයි. අනික ඒවාට සාපේක්ෂව ලංකාවේ මහාමාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසයි. රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත අපි එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරනවා‘ යැයි මුදල් ඇමැති රවී කරුණානායක අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කීය.
ධීවර ඇමැති මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වේ නම් ආර්ථික ප්‍රතිපත්ති හිතුමතේට වෙනස් කරන්නේ නැහැ කියලයි. අයවැයෙන් විතරයි තීන්දු තීරණ ගන්නේ කියලත් කිව්වා. මුලින්ම ප්‍රතිපත්ති රකින්න ඕනෑ ජනතාවගේ විශ්වාසය දිනාගන්න. මේ මාස 6 ට කීපාරක් මිල වැඩිකළාද? ඔහේ ආවට ගියාට ආණ්ඩු කරන්න එපා. පැහැදිලි දර්ශනයක් එක්ක කරන්න (නි)
මට නම් මේ වෙනස සැපයි. (නි)
එතකොට දේශපාලනය කරන අයට ගෙන්වන වාහන ඔරොත්තු දෙනවද? (නි)
කරුණාකරලා තමන්ගේ නමට කලින් ගෙන්වා ඇති වාහන, කලින් බදු වලටම නිදහස් කරන්න. (නි)
තමන්ට කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා අයින්වෙන්නයි දැන් තියෙන්නේ (නි)
කියනවා විතරයි, වැඩ බැහැ. (නි)
රටක් දියුණු වෙනකොට ජනගහනය වැඩි වෙනකොට වාහන වැඩිවෙනවා තමයි. (ම)
ඔය කතා පිළිගන්න තිබුන සියලුම වර්ග වල වාහන මිල වැඩි වුණානම්. එතකොට අර ගණන් අඩු කල වාහන ලංකාවට වැඩි නැද්ද? (ම)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (ම)
එයාලා කියනවා අපි අහනවා.(අ)
මෙතුමාට නම් යන්න බැරි වේවි ....අත් කකුල් වෙනම තමයි කාර් වල දන්න වෙන්නේ. (අ)
ගිය වතාවේ සතොස කෑවා. මේ වතාවේ මුළු ශ්‍රී ලංකාවම කන්න නම් එපා (නි)
දෙයක් කරන්න කලින් කල්පනා කරොත් හොඳයි නේද .දැන් ජනතාවට අමාරුයි ජීවත් වෙන්න (අ)
මෙහම කිව්වොත් වඩාත් නිවැරදියි මහත්තයෝ .අපි ඉන්දියාව සමග ගිවිසුම් ගහල තියෙන නිසා අපේ එකම අරමුණ ඉන්දියානු කාර් ලංකාවේ ප්‍රචලිත කිරීම පමණි . (අ)
ඇමති තුමාට සෙල්ලම් කරන්ඩද ? මතක් කරලා ජෝන් බාස්වත් එක්කගන්ඩ (අ)
මේවගේ කතා අහපුවාම මට හිතෙන්නේ ලංකාව කියන්නේ දමිල ෆිල්ම් එකක් කියල.(අ)
බදු වැඩිවීමට කලින් ණයවර ලිපි විවෘතකල වාහන කලින් බදු වලටම නිදහස් කරන්න වැඩිපුර ලක්ෂ ගණන් බදු ගන්නේ නැතුව.(ම)
ලංකාවට කාර් ගේන්න එපා. අඩුම ගානේ කොටස් ගෙනත් එකලස් කරන්න. රැකියා දෙන්නත් පුළුවන්. ලංකාවේ සල්ලි මෙහේ ඉතුරු කරගන්නත් පුළුවන්. 70 ගණන් වල කළා. එත් කවුරුත් ඒකට උදවු කලේ නෑ. කරගෙන ආවා නම් දැන් ගොඩක් ඉස්සරහ අපි ඉන්නේ. ඉන්දියාව ආදර්ශයට ගන්න. හැම වාහනයක්ම එහෙ හදනවා. (ර)
ලෝකයේ කොහෙවත් නැති වාහන ප්‍රතිපත්තියක්. (ර)
ඇමති තුමෝ, පාරේ වාහන වැඩිවෙනකොට කාර් ගෙන එක නතර කරනවා කියන කැබිනෙට් ඇමතිවරු ඇති වෙන්න නොවේ මේ ආණ්ඩුව අපි ඇති කලේ. අපිවත් ඔබතුමන්ලාගේ මට්ටමට දාල කතා කරන්න එපා. පාරේ වාහන වැඩිනම් මාර්ග සංවර්දනය කරන එකත්, හරි ප්‍රවාහන සැලැස්මක්, හරි ප්‍රවාහන පාලනයක් කරන එකත් තමා විසඳුම. ඒ මිසක් වාහන මිනිස්සුන්ට ගන්න බැරිවෙන විදියට බදු නග්ගන එක නොවේ. (අ)
අපිට පිස්සු අනේ (අ)
දැන් ලංකාවේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යම භාණ්ඩය කාර්. (අ)
බොහෝ සහන අද නොවේ හෙට! (අ)
ඔබට සතුටුද? වෙනස සැපද? (නි)
රටක නිරෝගිමත් ජනතාවක් සදහා ත්‍රී රෝද රථ තහනම් කල යුතුයි. නමුත් එකෙන් ජීවත්වෙන ලක්ෂ ගණනකට ජීවත් වෙන්න ක්‍රමයක් සකස් කර දීම වැදගත්. දියුණු රටවල ත්‍රී රෝද රථ දකින්නවත් නැහැ. ත්‍රී රෝද රථ වලින් පරිසරයට වගේම ජන ජීවිතවලටත් සිදුවෙන හානිය සුළු පටු නොවේ. (අ)
හොද අදහසක් එත් ත්‍රීවීල් වලට දැමීමෙන් දුප්පත් අයට ටිකක් වදිනවා. මොකද බොහෝ රස්සා නැති අයට තිබුණු එක විකල්පයක් තමයි ත්‍රීවීල් රස්සාව. ලංකාවේ හැටියට පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කිරීම තමයි ලාබම සහ උචිතම දෙය.(අ)
මේ යෝධයා ප්‍රශ්නෙන් ගැලවෙන්ඩ බොරු කියනවා.ඊළඟ අවුරුද්දේ බදු අඩුකරන්ඩ පාරවල් සංවර්ධනය කරන්ඩ තවම සැලැස්මක් වත් තියනවද? (අ)
ඔක්කොම ජෝක් බාස්ලගෙ කතා ලස්සනයි (ම)
මෙයා සතොසට කරපු දේ වාහන කර්මාන්තයටත් කළා වාගේ (අ)
එතකොට ඇමතිතුමා ත්‍රීවීල් වෙනුවට ගේන කාර් යන්නේ අහසින්ද? ඡන්දෙ ඉල්ලන කාලේ වාහන වැඩි කියල තේරුමක් තිබුනේ නැද්ද? රුපවාහිනී දැන්වීම් එහෙම හරි හරියට දැම්මේ? (අ)
මේවා කියන අය නෙමෙයි හරක් මේවා අහල ඡන්දෙ දීපු අය තමා දැන් හරක් වගේ ඉන්නේ. (අ)
ඉතින් සර්, කරන්න තිබුනේ යටිතල පහසුකම් වැඩිකිරීම නේද? ජනතාවගේ ජිවන තත්ත්වය පහත දාන්නද තමුන්නාන්සේලා ඇමතිකම් කරන්නේ? (අ)
මේ කියන කතා වලට රැවටෙන මිනිස්සු දැන් නැහැ. (නි)
කාලෙන් කාලෙට මෙයාලා කියන දේවල් පස්සේ කාලෙක එකට තියලා බැලුවහම පිස්සු අපිටද කියලත් හිතෙනවා (නි)
ඡන්දෙ කාලේ කිව්වේ වෙන දෙයක් නේ අපි රැවටුනා (අ)
ත්‍රීවීල් ගේන එකනම් නතර කරන්නම ඕනා (කෞ)
අනේ ඔබතුමන්ලාගේ පුංචි කාර්! (නි)
පුංචි කාර් එකක් කියලා ඉන්දියාවෙ බජාජ් එකේ හදන රෝද හතරෙ මරාලෙ ගෙන්නන්න වගේ පිට පොට ගහන්නෙ. ඒක හරිම අනතුරුදායක වාහනයක්(කෞ)
මහින්ද මහත්තයා පාරවල් හදන කාලේ මෙයාලා කිව්වේ ජනතාවගේ සල්ලි ගසා කනවා කියලා. දැන් ඔබතුමන්ටම තේරුනාද පාරවල් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් තව දියුණු වෙන්න ඕනෑ කියලා. හැමදේටම නිවැරදි දැක්මක් තියෙන්න ඕනෑ. (නි)
ඒ කාර් එක රිලෙවෙකුට එහෙම නැත්ටම් පොල් කුරුමෙනියෙකුට යන්න පුළුවන් එකක්ද මොකද කාර් එක ත්‍රීවීල් එකට වඩා ලොකුයිනේ (කෞ)
එතකොට දැන් ඒ කාර් එක යන්නේ අහසේද?? (නි)
ත්‍රී රෝද රථ එක්ක කොළඹ මාර්ග තදබදය අඩුකරන්න බැහැ. රට සංවර්ධනය කරන්නත් බැහැ. ඉක්මනටම විනයගරුක රියදුරන් සහිත සුවපහසු කුලී කාර් සේවාවක් ආරම්භ කරන්න. දැනට තියන ත්‍රී රෝද රථ ප්‍රතිඅපනයනයට රජය මැදිහත් විය යුතුයි. සියලුම කුලී රථ රියදුරන්ට දැරිය හැකි මිලකට විධිමත් පුහුණුවක් සමඟ සහතිකයක් දෙන්න. ප්‍රති අපනයනයෙන් ලැබෙන මුදල් සහ රජයේ සහනාධාරයක්ද සමඟ ඒ අයට නැනෝ කාර් වැනි කුලී රථයක් මිලදී ගන්න පහසුකම් හදමු. (නි)
සුනිල් මම ඔබ සමග එකයි ඒ වගේම පැරිස් ගේ අදහසත් තරමක් දුරට හරි.එ්ත් දොන් කියන දේත් සැලකිල්ලට ගන්න වෙනවා මෙතැනදී.ලංකාවේ ත්‍රීවීල් රස්සාව නිසා විශාල වශයෙන් තරුණ ශ්‍රමය අපතේ යනවා විතරක් නවෙයි ඒ හරහා බිහිවී ඇති උප සංස්කෘතියත් රටට ජනතාවට එතරම් හිතකර නැහැ.ඒ නිසා මේ රැකියාව වහාම නියාමනය කල යුතුයි .වයස් සීමාවක් අනිවාර්යය කලයුතුයි.ඒ වගේම රවී කරුණානායක වැනි අයගේ නොහැකියාව වසා ගැනීමට මෙවැනි සිල්ලර ගනයේ තර්ක ඉදිරිපත් කිරීම තුල ඔහුත් ජෝන් අමරතුංග කුලකයේම බව මනාවට පැහැදිලියි.අලුතින් යමක් සිතීමටවත් බැරි මෙවැනි අය සමග රටකට ඉදිරි ගමනක් නම් නැත. (බ)
ඔය ගෙන්නන්න යන කාර් එකෙන් කොමිසන් එක එහෙම කොහොමද? (නි)
ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීම තුලින් ලංකාවේ මහාමාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් ආකාරයට පුළුල් වනවාද? (බ)
එතකොට පුංචි කාර් යන්නේ පාරේ නෙවෙයිද එහෙම නැත්තන් ඒවා යද්දී පාර පළල් වෙනවද. එතකොට ඒවත් එකතුවෙනවනේ පාරට. මොන බයිලද මේ කියන්නේ ඉස්සර ඒ ගොන්නු හිටියේ ලංකාවේ. මේ අයගේ ගෙන්නවපු වාහන ටික විකුනගන්න දාපු බද්දක් මේක. එහෙන් මහා බැංකුවයි අර්ථ සාධකයයි හූරන් කනවා මෙහෙන් බදු ගහල මිනිස්සු හූරන් කනවා(බ)
හොඳ වැඩක් හැබැයි ඉන්දියන් කාර් නම් එපා (බ)
සුසන්ත, මෙහෙමයි. ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන විදිමත් මෙට්‍රෝ බස් සේවාවක් ඇතිකරන්න ඕනෑ. එතකොට මිනිස්සු කුලී රථවල යන එක අඩුවෙනවා. ඒ කියන්නේ මාර්ග තදබදය අඩු වෙනවා. (නි)
මටත් අහන්න තියෙන්නේ අර පොඩි කාර් යන්නේ අහසින්ද කියලා. අනේ ඇත්තට මෙහෙමත් තර්ක? හිතන්නේ මහජනතාවට පිස්සු කියලා (නි)
මේ කියන විදියට පොඩි කාර් එකක් හඳුන්වලා දෙනවා නම් ඒක කවදද එන්නේ? මේ ලෝකෙ නැති එකක්ද? නැත්නම් දේශීය නිෂ්පාදනයක්ද? ඔන්න මට නම් එපා (නි)
ඉලෙක්ට්‍රික් කාර් වල මිල වැඩි කරලා මෙය කිව්වේ එව්වා මෙහෙ හදනවා කියලා.(කෞ)
කියන දේවල් කෙරෙයිද? මිනීමරු ත්‍රි රෝද රථය පාරෙන් අයින් කරලා, පොඩි කාර් එකක් සහන මිලට දීලා, තව පුහුණුවකුත් දෙන්න වෙයි. මොකද දැනටමත් ත්‍රි රෝද රියැදුරන්ගේ ඇගට භයානක රිය පැදවීම ශරීරයටම ජීරණය වෙලා ඉවරයි. (බ)
ඔබ තුමාල වගේ දේශපාලකයෝ ජපානේදී එහෙම ඔය වගේ කතාවක් කිවුව නම් හෙට ඉඳල ගෙදරට වෙලා හිටිය හැකියි . ලංකාවේ නම් මොනවා කිවුවත් කාටවත් කිසි ප්‍රශ්නයක් නැහැ . ආය ඡන්දයක් ලංවෙද්දි මොකක් හරි සුරංගනා සිහිනයක් දුන්නම ඔක්කොම අමතකයි (බ)
ඇඟේ තරමට මොළේනැහැ ඡන්දෙ දුන්න අපට (නි)
මේ හැමදාම මාධ්‍ය හමු තියන්නේ නැතිව එකක් පටි ගත කරලා හැම පවුලකටම ලබදුන්නහම ජනතවට ආශා හිතෙන වෙලාවට ඔය ගොල්ලන්ගේ ලස්සන මුහුණු ටික බලල බඩ පුරවගන්න පුළුවන්. මොකද ඔය හඩු වෙලා තිබුන මුහුණු දැන් හොදට තියන නිසා , අනේ අපේ බදු සල්ලි වලින් මේ අය සතුටින් ඉන්නවනේ කියල (බ)
ත්‍රී රෝද ටිකට මොකද කරන්නේ එතකොට? (නි)
පුන්නක්කු කන්න නේද ඔය වෙනස ඉල්ලුවේ? දුන්න අය කන්නකෝ (නි)
නොතේරෙනකමට අහන්නේ, ත්‍රිවිල් එකක් වෙනුවට පොඩි කාර් එකක් ගෙනාවම රටේ වාහන ගණන අඩුවෙනවද? අනික බදු වැඩි කළේ කාර් වැඩි නිසා නම්, ඉදිරි වසරේ බදු අඩුකරන්නේ එකපාරට රටේ පාරවල් හොඳ වෙනවද? මේ කතා කියලා රවටන්න පුළුවන් මෝඩ මිනිසුන් දස ලක්ෂ ගණනක් ඉන්න බව දන්නා නිසානේ මෙයාලා මෙහෙම විහිළු සපයන්නේ. (නි)
ඕවා ඉතින් අපිට නම් කියලා වැඩක් නැහැ (නි)
ඉන්දියාවේ කුණුගොඩවල් ඔබන්න වගේ හදන්නේ. ඉන්දියන් වාහන ගෙන්වන එක නැවැත්තුවොත් හොඳයි. (නි)
කොහොමත් මේ ආණ්ඩුවට ඊළඟ පාර නම් අනාගතයක් නැහැ. (නි)
දේශපාලකයක් හැමදාමත් හිතාගෙන ඉන්නේ රටේ ජනතාව මෝඩයෝ කියලයි. (නි)
මුළු ලෝකයේම ත්‍රීවීල් තියෙනවා. ප්‍රංශයේ ඉතාලියේ හැමතැනම. අපි ලංකාවට අාවත් වැඩිපුරම යන්නේ ත්‍රීවීල් වල (නි)
මේකත් හරියට පොඩි දරුවෝ නින්දට වැටෙනතුරු අම්මලා කියන සුරංගනා කතා වලට දෙවැනි නැහැ (නි)
පෙට්‍රල් වලට පිටරට සල්ලි කොච්චර නම් යනවද. කාර් වලටත් පිටරට සල්ලි තමා. ලංකාවේ කාර් නිෂ්පාදනය කළයුතුයි පිටරට සහයෝගය ඇතුව. හොඳ පුළුල් මාර්ග පද්ධතියකුත් හැදිය යුතුයි. (නි)
එතකොට මැති ඇමතිවරුන්ගේ වාහන යන්නේ ලංකාවේ පාරවල් වල නොවෙයිද? (නි)
අනේ මෙහෙමත් ටයි කෝට් දාගත් මිනිස්සු.....! ඔය දේ ඉතින් දහයේ පන්තියේ ළමයෙකුත් කරයි. ඇයි ඉන්දියාවේ ලොකු අයියට බයද? ලෝක බැංකුවත් කියන්නේ එ්කනේ. ආයෙත් නම් ඡන්දය ඉල්ලන්න එන්න හීනෙකින්වත් හිතන්න එපා (නි)
60%ක් අමුතුම ආකාරයේ පිරිසක් ජීවත්වන ශ්‍රී ලංකාවට සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)
අනේ සර්, අපිට මේ යහපාලනය උපරිම සැපයි! (නි)
ත්‍රිවිල් නවත්තලා සහන මිලට ඒ කාර් එක ගේන එකද විසදුම.(හේ)
මම කිවුවා කියලා හිතාගන්නකො. (නි)
එහෙනම් ඉතින් හොඳ වාසනාවන්ත කාලයක් එයි ඉස්සරහට (නි)
අපි ජීවිත කාලයම කටු කන්න සූදානම්වෙලා ඉන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ. යහපාලනයට ජය වේවා! (නි)
අර කියපු “ජෝන් බාස්ලට“ සෙල්ලම් කරන්නද? (නි)
මම නම් කියන්නේ අපේ රටේ ඉන්න මුදල් ඇමතිලාගෙන් පිටරට වල ඉන්න මුදල් ඇමතිලාත් උපදෙස් ගතයුතුයි. පුදුමාකාර මොළයක්නේ තියෙන්නේ (නි)
ඔබතුමන්ලා කියන දේ මට හොඳට තේරෙනවා. මොකද මම කන්නේ පුන්නක්කු. (නි)
එතකොට ඒ පුංචි කාර් ප්‍රමාණයත් අනාගතයේදී වැඩිවුණොත්? (නි)
අතීසාරෙට අමුඩ ගහන්න එපා මහත්තයෝ. යටිතල පහසුකම් මදි නම් ඒවා දියුණු කරන්න, කැකිල්ලේ තීන්දු දෙන්නේ නැතුව. තියන කාර් ප්‍රමාණය වැඩියි කියලා ඒවාට බදු ගහනවා. එතකොට ත්‍රීරෝද වෙනුවට ගෙන්නන කාර් යන්නේ ඒ පාරවල් වල නෙමෙයිද? (නි)