IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ත්‍රි රෝද රියදුරාගේ ඉවෙන් කොල්ලයක් වරදී

රාත්‍රියේ නවාතැන් ගැනීමට ගල්කිරියාගම කලහගම නිවසකට ගිය දෙදෙනකු ගොවියාට හා ගෙවිලියට මත් බිස්කට් කවා ගෙදර බඩු මුට්ටු ඔවුන් රැගෙන ගිය ලොරියේ පටවාගෙන එද්දී පොලිසියට අල්ලාදීමට ත්‍රී රෝද රියදුරෙක් සමත් විය.

ඔවුන් කුලියට ගත් ලොරිය පණ ගැන්වීමට නොහැකිවීම නිසා ත්‍රී රෝද රියක් ගෙන්වා ඇත. ගෙදර නිවෙස් හිමියාත් ඔහුගේ බිරියත් ගෙයි වැටී සිටිනු දුටු ත්‍රී රෝද රියදුරා අමුත්තන් රැගෙන ගොස් ගල්කිරියාගම පොලිසියටද ඒ බව දන්වා ඇත. ගෙදර බඩුද සමග ලොරිය සොයා ගත් පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට යයි.

පොලිසිය පවසනුයේ ආගන්තුක සත්කාරය නිසා එම ගොවි ගෙදර දෙමහල්ලන් අමාරුවේ වැටී ඇති බවයි. ඔවුන්ගේ නිවෙසින් රාත්‍රී ආහාරයද නවාතැන්ද ලබාගෙන නාදුනන දෙදෙනා මත් බිස්කට් කවා ඔවුන් සිහි නැතිවූ පසු ගෙදර බඩු අතගාගෙන යන්නට ගත් උත්සාහය අසාර්ථකවූයේ ත්‍රි රෝද රථ රියදුරා නිසා බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

ත්‍රි රෝද රියදුරාගේ ඉවෙන් කොල්ලයක් වරදී

අසෝකා Tuesday, 24 March 2015 09:58 AM

නිතරම අපි ත්‍රිරෝද රියදුරන්ගේ නුගුණ ම වැඩිපුර කතා උනත් මේ වගේ සමාජයට අතවශ්‍ය ගුණයහපත් අයද සිටින බව සිටිය යුතුයි. ඔහුට සාර්ථක අනාගතයක් උදාවේවා! (ම)

:       0       0

කමල් Tuesday, 24 March 2015 10:16 AM

ත්‍රිරෝද රථ රියදුරු කළ දේ අගය කළ යුතුයි.(හේ)

:       0       0

විකී Saturday, 28 March 2015 12:11 PM

මේවගේ ඒවාට ප්‍රචාරණය ලැබෙනවා මදි... (ත)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 06:37 AM

වදින්න ගිය දේවාලය හිස මතට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 626 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site