රාත්‍රියේ නවාතැන් ගැනීමට ගල්කිරියාගම කලහගම නිවසකට ගිය දෙදෙනකු ගොවියාට හා ගෙවිලියට මත් බිස්කට් කවා ගෙදර බඩු මුට්ටු ඔවුන් රැගෙන ගිය ලොරියේ පටවාගෙන එද්දී පොලිසියට අල්ලාදීමට ත්‍රී රෝද රියදුරෙක් සමත් විය.
ඔවුන් කුලියට ගත් ලොරිය පණ ගැන්වීමට නොහැකිවීම නිසා ත්‍රී රෝද රියක් ගෙන්වා ඇත. ගෙදර නිවෙස් හිමියාත් ඔහුගේ බිරියත් ගෙයි වැටී සිටිනු දුටු ත්‍රී රෝද රියදුරා අමුත්තන් රැගෙන ගොස් ගල්කිරියාගම පොලිසියටද ඒ බව දන්වා ඇත. ගෙදර බඩුද සමග ලොරිය සොයා ගත් පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට යයි.
පොලිසිය පවසනුයේ ආගන්තුක සත්කාරය නිසා එම ගොවි ගෙදර දෙමහල්ලන් අමාරුවේ වැටී ඇති බවයි. ඔවුන්ගේ නිවෙසින් රාත්‍රී ආහාරයද නවාතැන්ද ලබාගෙන නාදුනන දෙදෙනා මත් බිස්කට් කවා ඔවුන් සිහි නැතිවූ පසු ගෙදර බඩු අතගාගෙන යන්නට ගත් උත්සාහය අසාර්ථකවූයේ ත්‍රි රෝද රථ රියදුරා නිසා බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම අපි ත්‍රිරෝද රියදුරන්ගේ නුගුණ ම වැඩිපුර කතා උනත් මේ වගේ සමාජයට අතවශ්‍ය ගුණයහපත් අයද සිටින බව සිටිය යුතුයි. ඔහුට සාර්ථක අනාගතයක් උදාවේවා! (ම)
ත්‍රිරෝද රථ රියදුරු කළ දේ අගය කළ යුතුයි.(හේ)
මේවගේ ඒවාට ප්‍රචාරණය ලැබෙනවා මදි... (ත)
වදින්න ගිය දේවාලය හිස මතට (ම)