ත්‍රිකුණාමලය මහනුවර පාරේ සන්ධාන කාර්යාලය ඉදිරිපිට වීඩියෝ දර්ශන පෙන්වීම නැවැත්වීමට උත්සාහ කළ මැතිවරණ සහකාර තේරීම් භාර නිලධාරියකුට ප්ලාස්ටික් පුටුවකින් පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

මැතිවරණ නිලධාරීන් බලහත්කාරයෙන් එහි තිබූ ප්ලාස්ටික් පුටු රැගෙන ගිය බවට නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිළමේ මහතාද පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.