
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අනිද්දා (18) ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රකාශ කළේය.
වොෂින්ටන් නුවරදී මෙරටට පනවා ඇති සියයට තිහක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස උපරිම උත්සාහ කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සිදු කරන සාකච්ඡාවලදී දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව ද සොයා බලනු ඇතැයි හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු පිරිසක් අයත්වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
ජනපති ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට සියයට 44ක තීරු බද්දක් පැනවීමට යෝජනා විය. එය පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සාකච්ඡා මේසයට පැමිණීමට කාලය ලබාදෙමින් දින 90 ක සහන කාලයක් ලබාදුන්නේය.
සහන කාලය තුළදී ශ්‍රී ලංකාව සක්‍රීයව ඇමෙරිකානු වෙළඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටකට ලබා දුන් වැඩිම තීරු බදු ප්‍රතිශතය අඩු කිරීම ශ්‍රී ලංකාවට ලබා දෙමින් දින 90 ක සහන කාලය අවසානයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සියයට 30 තීරු බද්දක් පනවනු ලැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක පෙන්නලා හිඟා කන්න යනවා කියල විපක්ෂේ ඉන්න කාලේ නම් ඕව විවේචනය කළා, අපි නම් එහෙම කියන්නේ නැහැ මොකද දාස් ගානක් රස්සා අනතුරේ නිසා. නමුත් සමහර ඇමතිලා නම් කිව්වා මේක හොද අවස්තාවක්ලු. උන්ගෙන් ඉස්සෙල්ලා ඒ ගැන ඇහුවා නම් හොඳා
මේ සන්චාරයට සුනිල් හදුන්නෙත්ති ,වසන්ත සමරසින්හ තුමන්ලාද සුදුසු බවට යෝජනා කරමි
වදින්නම් විජිත රත්තරනේ, ඔයයි හදුන්නේත්තියි යන්න නම් එපා. Trump ලොක්කා තියෙන තීරු බද්දත් දෙගුණ කරලදෙයි ඔයාලගේ ඉංගිරිසි ඇහුවම.
හිටපු සියලු ඇමතිලා හොරු, දූෂිතයො කියල ලේබල් ගහපු ආණ්ඩුව දැන් හිටපු ඇමති කෙනෙක් ඉස්සර කරගෙන සාකච්ඡා කරන්න යනවා. ඇයි මාලිමාවේ මේ වගේ දෙයක් කරගන්න තරම්වත් වැඩ්ඩෝ ඇත්තෙම නැද්ද?
ඇයි අඩු කර ගන්න යන්නේ. මාලිමා ෆෑන්ස්ලා රතිඤ්ඤා පත්තු කරලා කිරිබතුත් කෑවා 30% ශෝක් කියලා. ඒක අඩු කරලා දුන්නෙත් මහින්ද සමරසිංහලු. මාලිමා මහාචාර්යවරු ගියා නම් 44, 88% ට වැඩි කරලා කනටත් ගහලා එවන මට්ටමක්ලු තියෙන්නෙ. උඩ දාගෙන ඡන්දෙ දුන්න පුන්නක්කු ජෙප්පොන්ට සතුටු ඇති දැන්.