හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි කියයි.
ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කැරෙන ප්‍රථම හමුදා නිලධරයා වන්නේ ද සරත් ෆොන්සේකාය. ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර කිසි දිනක විශ්‍රාම නොයයි. ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වෙයි.
‘තවත් යුද හමුදාපතිවරයකුට මේ යුද්ධය කරන්න මා ඉඩ තියෙන්නේ නෑ. ‘ යනුවෙන් වැඩ බාර ගන්නා දිනම පැවසූ ෆොන්සේකා යුද ජයග්‍රහණයට ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දුන්නේය. යුද හමුදාපති ධුරයේ රාජකාරි කරමින් සිටිය දී ජනරාල් ධුරයට උසස් කැරුණු ප්‍රථම යුද හමුදා නිලධරයා ද ඔහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කොසොල් රජ්ජුරුවෝ මතක් වුණා.(නදී)
යුද්දෙකදී ප්‍රදානම වෙන්නේ යුද හමුදාව. මොකද ගොඩබිම මෙහෙයුම් සියල්ල සැලසුම් කරන්නේ සතුරාට පහර දෙන්නේ ඉදිරියට යන්නේ භූමිය අල්ලගන්නේ, අල්ලගත්ත භූමිය රැක ගන්නේ කොටින්ම සතුරා සමග මුනට මුණ සටන් කරන්නේ මෙහෙයවන්නේ යුද හමුදාව. එ්කේ විවාදයක් නැහැ , ගුවන් හමුදාව , නාවික හමුදාව , පොලෝසිය මේ ආයතන යුද හමුදාවට අනගි සහයක් දෙනවා , යුද්දෙදි 75% විතර වගකීම් දරන්නේ යුද හමුදාවයි එ් නිසයි යුද හමුදාපතිට මේ ගෞරවය පුද කරන්නේ. මහින්ද සහ ගෝඨාභය කරපු දේවලට මිනිසුන් කලගුණ සලකල එයාල දැන් එ්ව භුක්ති විඳිමින් ඉන්නේ. මේ මනුස්සයට තමයි ලොකුම අසාදාරණේ කෙරුවේ. ඉතින් මේක තමයි සුදුසුම වෙලාව මෙතුමාට ගරු බුහුමන් කරන්න. ඔබට පින් ජනපති තුමනි ! (නදී)
පිදිය යුත්තේ මහජනතාවට ඔවුන් තමයි සියලු දුෂ්කරතා විඳගෙන ඉවසීමෙන් සිටියේ (නදී).
ගොඩක් ස්තුතියි රේණු (නදී)
දින සියයේ පොරොන්දු 90% ඉවරයි. තව තියෙන්නේ පොන්සේකා මහත්තයට පාර්ලිමේන්තු ආසනේ දෙන එක විතරයි (නදී)
අපිට නම් හමුදාපතිලා තුන්දෙනාම එකයි. නමුත් ජයග්‍රහණය සමරද්දී මහින්ද මහත්තය කෙක්ගෙඩිය කපන්න දුන්නේ නම් ජෙනරාල් ෆොන්සේකාට නේද? (ර)
ආසියාවේත් ලෝක ඉතිහාසයේත් මෙවැනි තනතුරු පිලිබදව සොයා බැලුවොත් ඒවා තියෙන්නේ බොහොම සීමිතව පමණයි.(ර)
හැබැයි මේ මහත්තයා නම් කොටින්ගෙන් 99 න් බේරුනා. එ්ත් කාටවත් මතක නෑ ක්ලැන්සි ෆ්‍රනාන්දු කියල නාවික හමුදාපති කෙනෙක් මහ මග කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බෙකට එතනම මරුමුවට පත්වුණා. එතකොට ඒ මහත්තයා වීරයෙක් නෙවේද. (නදී)
ෆොන්සේකා මහතාට තිබුන රටේ දැවෙනම ප්‍රශ්නය මෙයයි. ජනාදිපතිවරණයේදී පොරොන්දු වූ දේවල් අනිවාර්යෙන්ම දෙන්න වෙනවානේ.(නදී)
එහෙම කියන්න එපා චන්ද්‍රා. කිරි කළයක් දොවා ගොම අහුරු පිටින් එයට මුසු කළාම තමයි අපේ රටේ ගරු නම්බු ලැබෙන්නේ. අනිත් දෙන්නා කිරි දෙව්වා විතරයිනේ එයට ගොම මුසු කරලා නැහැනේ. ඉතින් මොටද එයාලට නම්බු නාම සහ බුහුමන්? (ස)
ඉතාම හොඳ සහ වැදගත් තීරණයක්. ඉතින් මේක තමයි සුදුසුම වෙලාව මෙතුමාට ගරු බුහුමන් කරන්න. ඔබට පින් ජනපති තුමනි !ඔහු රට වෙනුවෙන් මරු කටට ගොස් නැවත උපන් කෙනෙක් ඔබ තුමාට ජයෙන් ජය වේවා.! (ර)
මේ ආණ්ඩුවෙන් හරිගිය එකම එක්කෙනා (නදී)
මම හිතන්නේ නියම සුදුස්සාට නියම දේ ලබා දුන්න කියන එකයි. මට මතකයි මහින්ද මහත්මයත් මෙතුමාගේ විශ්‍රාම ගැනීම ලංව තිබියදී පවා ඔහුගේ ධුර කාලය දික් කරමින් අවසන් සටන මෙහෙයවීම සඳහා මෙතුමාගේ සේවය ලබා ගත්තා. ඔහුව සිරගත කිරීමට ප්‍රථම විශ්‍රාමික ජනාධිපති තුමන් පවා ඔහුගේ ගුණ වර්ණනා කලා. දේශපාලන මඩ ගොහොරුවට නොපැමිණ ඉදිරි කාලයේදී ඔහු නව දුරයෙහි සිටිමින් යම් සේවාවක් රට වෙනුවෙන් කරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා..(නදී)
සුබ පතනවා සර්ට. (ර)
ඉතාමත් සතුටුදායක ආරංචියක්. රටට සේවය කරමින් ත්‍රිවිධ රත්නයේ පෙරට, ආරක්ෂාවෙන් චිරාත් කාලයක් ජීවත් වීමට හේතු වාසනා වේවා. සෙන්පතියාණෙනි ඔබට සදා ජයෙන් ජය.! (ර)
කාට මොන සම්මාන දුන්නත් යුධබිමේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා මව්බිම බේරගත්තේ තුවක්කුව අතට ගත්ත සොල්දාදුවොයි. (දිල්)
යුද්දේ සල්ලිවලට පාවාදීපු රැලක් හිටපු අවදියක මුළු හමුදාවම මෙහෙයවමින් ඔබ කරනාලද සේවය අමරණීයයි උතුමාණෙනි. යුද්ධයේදී සිදුවෙච්ච විනාශය හරිහැටි දෙනෙතින් නොදැකපු අමුඩගහගෙන හැංගිලා හිටපු මේ සමහර අදහස් පළකරන වීරයින් ලියන්න කලින් කාගෙන් හරි අහලාවත් විස්තර දැනගෙන ලියන්න.යුද්දේ කාලේදී මෙහෙම කොමෙන්ට් එකක්වත් ගහන්න හිතට නිදහසක් තිබුනාද?.හමුදාවල සේවය කරපු අයත් නිකන් විකාර ලියනවා. හැමෝටම ෆීල්ඩ් මාර්ෂල් කම් දෙන්න පුලුවන්ද?.හමුදා තුනත් පොලිසියත් සිවිල් ආරක්ෂක බලකායත් අපිට නොයෙක් ආකාරයෙන් ඔත්තු සපයා යුද්ධය කරගෙන යාමට උදව් කළ හැමෝටම මා ගෞරව කරමි.අද මාත් ඔබත් අපගේ ළමා ලපටිනුත් නිදහසේ හුස්ම ගන්නේ මේ යුද්ධයට උපරිමයෙන් දායකවූ වීරූදාර රණවිරුවන්ටත් නියමදේශපාලන අභීත නායකත්වයක් රණවිරුවන්ට ලබාදෙමින් ඔවුන්ව නිසි අයුරින් යුද්ධයට යොමුකළ හිටපු ජනාධිපති තුමාටත් පින්සිදුවෙන්නටි.එහෙම නැතිව යුද්දය නොයෙක් අයුරින් විකුණාගෙන කාපු එවුන් නිසාවත්,යුද්දය කරගෙන යන අතර හමුදාවට මඩ ගහපු කාලකන්නි නිසාවත් නොවනා බව මේ ලියනා අය තේඑරුම් ගත යුතුයි (බ)
කල ගුණ සැලකීම හොඳ පුරුද්දක් ,ඒත් සීරුවට -මාරුවට පරිස්සමින් ....දුන් අත හපාකන අයත් ඉන්නවා නේද ?(දිල්)
සෙන්පති තුමනි ඔබට ජය වේවා, යුක්තිය ජයගන්න එක වලකන්න බැහැ. (නදී)
දැන්වත් ඔබතුමා මොළය පාවිච්චි කරන්න. සුබ පැතුම් ඔබට! අනිත් දෙන්නත් උදාර සේවයක් කළා, තනතුරු නොලැබුවාට. (නි)
රටේම ජනතාවගේ සුභ පැතුමට ලක් වෙනවාට සැක නැත. අසාධාරණය සාධාරණය කළ වර්තමාන ජනාධිපතිතුමාටත් ජනතාවගේ ගෞරවය හිමිවෙනවා ඇත.(නදී)
ඔබ තුමාට ජයෙන් ජය වේවා (නදී)
යුද වීරයට සුදුසුම තැන ලැබුනා.ජයවේවා..!(හේ)
උපුල් ඔයත් එක්ක මාත් එකඟයි. මේ සැලකිල්ල මේ මනුස්සයට කරන්නම ඕන. හැබැයි ඉතින් මේ තනතුර අරගෙන එකේ නම්බුව රැකගෙන ඉන්න ඕන.(හේ)
"මම ඊලග හමුදාපතිට යුද්ධය ඉතුරු කරල විශ්‍රාම යන්නෙ නෑ. ප්‍රභාකරන්ට ඊලග විරු සමරුව පවත්වන්න ඉඩ තියන්නෙ නෑ." මෙවැනි අභීත අධිෂ්ඨානයක් කරන්න එදා රටෙි සේනාධි නායකයාවත්, ආරක්ෂක ලේඛම්වත්, නාවික හමුදාපතිවත්, ගුවන් හමුදාපතිවත් සමත් වුනේ නෑ. ඒ වගේම යුද්ධය ජයග්‍රහනය ලැබුවෙ ඉදුරාම ජෙනරල් ෆොන්සේකගෙ ක්‍රමෝපායන් හා සැලසුම් නිසා. ඒ බව හොදින් දන්නෙ එවකට ජෙනරල් වටා සිටි සංග්‍රාමික නායක නිල දරුවන්. කුහක බලලෝභිත්වයෙන් මිදුන මෙවන් අවධියක එවන් විරුවකුට ලැබෙන සමිමානීත්වය සදා අගය කල යුත්තක්. (නදී)
පිටබැදිද්ර මහත්තයෝ පිදිය යුත්තාට පිදිය යුතුයි. එය බුදුහාමුදුරැවන් පවා දේශනා කරලා තියෙනවා. ඔබ තුමන්ගේ කථාව නිවැරදියි. නමුත් අපේ විරෝදාර යුධ හමුදාව පමණක් තනියම කරපු යුද්ධයක් නොවෙයි මෙය අරයා මෙචිචර ඉවර කලා මෙයා මෙචිචර ඉවර කලා කියන්න බෑ. ගොඩබිම මෙහෙයුමි සමිපුර්ණයෙන් භාර යුධ හමුදාවට නමුත් ලෝකයේ ගොඩබිය යුද්ධ කරන එකම නාවික හා ගුවන් හමුදාවත් පොලිසියත් සිටියේ අපේ. ගොඩබිම යුද්ධය ඔවුනට අයිති රාජකාරියක් නොවෙි. ඒසේ කිරිමට සිදුවුයේ ඇයිද කියලා සිතා ගන්න. අපේ යුධ හමුදාවට යුද්ධය සාර්ථකව යුද්ධ ඉදිරියට කරගෙන යන්නට මහගු සහයෝගයක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව ලබාදුන්නා. යුධ හමුදාධිපති ගොඩබිම පිඹුරැ පත් අදින විට නාවික හමුදාධිපති මුහුදේ පිඹුරැපත් ඇන්දා ගුවන් හමුදාධිපති ගුවනින් පිඹුරැපත් ඇද්දා. එදා මුහුදෙන් වටකරලා කොටින්ගේ අවි සැපයුම සමිපුර්ණයෙන්ම හිර කලේ අඩු පහසුකමි සහිත ලංකාවෙි විරෝධාර නාවික හමුදාව කිලෝමිටර් 10000 ගණනක් දුර ගෙවා ගොස් කොටි පාවෙන අවිගබඩා විනාශ කිරිම තුලින් ඔවුනගේ යුධ ශක්තිය සමිපුර්ණයෙන් හීන කලා ඒ කලේ ඉතාම කුඩා යුධ නැවි වලින් සිමිත සමිපත් වලින් මෙැවනි විරත්වක් ලෝව හොදම ඇමරිකානු නාවික හමුදාවටත් කිරිමට හැකිවි නැ. ගුවන් හමුදාව මුලු දවසෙම දිවා රෑ නැතිව නිවැරදි සතුරැ ඉලක්ක සොයා පියඹුවා නිවැරදි ඉලක්ක වලට පහරදි සතුරැ කොදුනාරටි කඩා දැමිමා ඔවුනට රැයක් දහවලක් නොවිය සැම විටම ගොදුරැ සොයන උකුස්සන් මෙන් විය. ඔවුන්ද ඇමරිකාව මෙන් නවින යුධ ගුවන් යානා භාවිතා කලේ නෑ. මෙලෙස නාවික හා ගුවන් හමුදාව හදා දුන් මාර්ගයේ විරෝධාර යුධ හමුදාව ඉදිරියට ගොස් ඔවුනගේ කර්තව්‍ය නිසි ලෙස ඉටු කල නිසයි යුද්ධය හිතුවාට වඩා ඉක්මනින් නිම වුනේ. ඉතිං එක් පුද්ගලයකුට පමණක් විශේෂ සැලකිල්ලක් දැක්විම නිවැරදිද (බ)
කෝ අර කටකලියාවයි, අංතට්ටුවයි. එ්ක ඉක්මනට දෙන්න. (නදී)
මමත් ආමි එකේ ෆොන්සේකා පැත්ත පලාතේ ආවේ නැහැ (නදී)
සෙන්පති තුමනි, ඔබට සුබ පැතුම්. ඔබට සහය දුන් අනෙක් හමුදාපති වරුන්ටත් ඒ සමානව රජය ගරු කරන්න ඕනේ (නදී)
මේවා මීඩියා මැජික්. සියලු දෙනාම කැපවීම් කළා. පත්තරේ වැටුනේ ඒක තමයි (නදී)
ඔබතුමාට සුදුසු තනතුර ලැබුණා. සතුටුයි (නි)
මේ මහත්මයාට හිරේ ලගින්න වුනේ අර කමකට නැති ජ වි පෙ අන්දපු ඇන්ඳිල්ල නිසා මේ ආණ්ඩුවවත් ඒ අයගෙ ලණු නොකන්න අදිටන් කර ගත්තොත් ගමනක් තියේවි (ම)
ඔබට ජයෙන් ජයම වේවා! (නි)
මෙම තනතුර ලැබෙන්නේ යුද පිටියේ බල සේනා 9 කට එක වර අණ දී ජයග්‍රහනය කරපු නිලධාරෙයකුට සහ මවුබිම වෙනුවෙන් ලේ හලපු වීර නිලදරෙයකුට පමණි .(හේ)
ජනරාල් සරත් ෆොන්සේකා තවත් කිසිම යුද සෙබළෙකුට සමකිරීමට නොහැක. අසමසම යුද නිලධාරියෙක්. කළ හැම ක්‍රියාන්විතයකම මෙතුමා යුද පෙරමුණේ හිටිය, බැහැල යුද්ධ කළා (බ)
අමිල ඔයා ඒ කලේ හිටියේ තංගල්ල කෑම්ප් එකේ මෙතුමා හිටියේ උතුරේ යුද බිමේ එකයි දකින්න නැතුව ඇත්තේ ...(හේ)
දේශප්‍රිය සහ පිටබැද්දර ජයා,, ඔබ දෙපලගේ අදහස් වලට එකඟ වන්න්මි,(හේ)
නාවික සහ ගුවන් හමුදාපතිලා ගැනත් බලනවා නම් හොඳයි නේද (නි)
බඩුත් හාමුදුරුවන්ගේ! නඩුත් හාමුදුරුවන්ගේ!(හේ)
දේශප්‍රිය සහ පිටබැද්දර ජයා,ඔබ දෙපළගේ අදහස් 100%ක් නිවැරදියි. (නි)
ජෙනරල් ෆොන්සේකා යුද්ධයේ ඉදිරියටම ගොස් යුධ නායකත්වය දුන්නා. (නි)
කවුරු මොනවා කිවුවත් යුද්ධය දිනුවේ ජෙනරල්ගේ මාස්ටර් සැළසුම් නිසයි. (නි)
කවුරු මොනවා කිව්වත් යුද පිටියේ වීරයා එතුමා තමා. මම මේක අවසන් කරනවා කියා කියන්න තරම් එතුමාගේ ආත්ම ශක්තිය කොපමනද කියා පෙනෙනවා. ජනාධිපතිතුමනි, ඔහුට හිමිතැනදී ඔබතුමා කළේ රට වෙනුවෙන් කරන්න තිබෙන ලොකුම යුතුකමයි.එතුමා නොහිටින්න අදත් යුද්ධය පවතිනවා (නි)
සෙන්පතිතුමනි, ඔබට මුළු හදවතින්ම සුභ පතමි. (නි)
රේනුගේ අදහස හරියට හරි. ඉතාම පැහැදිලියි. අනික් දෙන්න මෙවර චන්දෙට ආවනම් එයාලටත් තරු ගනින්න තිබුනා. මිනිසුන්ගේ හදවතේ ඒ දෙන්නත් තරු පහේ මාෂල් තමයි. (නදී)
ඇත්තටම මෙය ඔබට ලැබෙන්න තිබුණ දෙයක් (නි)
මහත්තයා ටික කාලයක් යනකොට අපිට තරු පෙන්වන්න නම් එපා (නි)
සත්‍ය කවදාවත් වළදාන්න බැහැ. නියමයි ! අනාගතයේ කිසිම කෙනෙකුට තවත් කෙනෙක් පාගන්න ඉඩනොදෙන විදියට ඡන්දය දැමීමට තරම් දැනුමක් සියල්ලන්ටම ලැබේවා! (නි)
අමිල, ඔය සිටි රෙජිමේන්තුව අපිට හිතාගන්න පුලුවන් (නි)
ඔහුට වගේම අනෙකුත් යුද්ධයෙන් මියගිය සහ ආබාධිත වගේම සටන්කළ සියලු හමුදා සෙබලුන්ටත් උසස්වීම් ලබාදිය යුතුයි. වැටුප් වැඩිකිරීම් ලබාදිය යුතුයි. (නි)
මේ තමා අපේ රටේ නියම අවංක වීරයා. (නි)
තරු පහ ලැබුණා එහෙනම්! මල් හතයි මහත්තයෝ. සුබ පැතුම්! (නි)
පිදිය යුත්තන් පිදිය යුතුමය.(ම)
ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් වෙන්න යුද හමුදාවේත් යම් විශාලත්වයක් තියෙන්න ඕනෑ. වෙන රටවල ෆීල්ඩ් මාර්ෂල්වරු ඉන්නේ ඒවායේ ඩිවිෂන් ගොඩක් තිබෙන නිසා . (නි)
ඉතාම හොඳ සහ වැදගත් තීරණයක්.රට බේරගන්න යුදමය නායකත්වය දුන්න මේ විශිෂ්ට පුද්ගලයට පැවති සියලු දේ අහිමි කරලා හිරේ දැම්ම.(අ)
උණුසුම් සුබපැතුම්..(අ)
සුභපැතුම්! තුනුරුවන් සරණයි! (ම)
සුභ පැතුම් !(දිල්)
අපේ මහින්ද මහත්තයාත් මේ යුද්ධය අවසන්කරන්න උරදුන්නා. එතුමාට මොනවද ලැබෙන්නේ? (නි)
ඔබ තුමාට ජයෙන් ජය වේවා. (අ)
මේකෙදි අපි දේශපාලනේ ගාව ගන්න හොඳ නෑ. දේශපාලන ඇසකින් තොරව බැලුවොත් මේක සර්ව සාධාරණයි. (අ)
මේකෙදි අපි දේශපාලනේ ගාව ගන්න හොඳ නෑ. දේශපාලන ඇසකින් තොරව බැලුවොත් මේක සර්ව සාධාරණයි. මේකෙදි විරුද්ධ වන්නේ කුහකයො පමණයි. කවුරු මොනව කිව්වත් යුද්ධය අවසන් කල ප්‍රධානම 3 දෙනා මහින්ද, ගෝඨාභය, ෆොන්සේකා (අ)
එතකොට නාවික, ගුවන් හමුදාපතිවරුන්ට ලැබෙන්නේ මොකක්ද?කවදාද?(අ)
එතකොට අර හිටපු නාවික හමුදපතිතුමයි ගුවන් හමුදාපතිතුමයි පොල් ගැවද කටුනායකදී කොටින්ගේ ගුවන් යානාව එහෙම විනාශ කලේ ෆොන්සේකා මහත්තය වෙන්න ඇති. ඒවගේම අවි නැවු වලට පහර දුන්නෙත් ෆොන්සේකා මහත්තය වෙන්න ඇති. (අ)
දැන් ඉතින් කට රැකගෙන හිටියොත් හරි මොකද දේශපාලනය කරන්නත් බැහැනේ සක්‍රිය සේවයේ නිසා.(නදී)
මේක සර්ව සාධාරණයි.(හේ)
සෙන්පතියාණෙනි, ඔබට සදා ජයෙන් ජය! (නි)
පිදිය යුත්තෝ තව දෙන්නෙක් ඉන්නවනේ. ඇයි එයාලා ඔටුවොද. ඒ විතරක් නෙවේ හිටපු පොලිස් පති තුමාටයි සිවිල් ආරක්ෂක ප්‍රධානියාවත් පුදන්න ඕනේ. (හේ)
ෆොන්සේකා මහත්තයාට මේ තනතුර ලැබීම අපිට ලොකු සතුටක් (නි)
තම බුද්ධියෙන් අති විශිෂ්ට සේවයක් කල ඝෝඨාභය මහත්තයට ගරු බුහුමන් නැද්ද ? (අ)
කුහක සහ ඊර්ශ්‍ය සහගතව බලන්න එපා කරුණාකරලා. මහින්ද සහ ගොටභය කරපු හරිය රටම දන්නවනේ. (අ)
හදවතින්ම උණුසුම් සුබපැතුම් මම ගොඩක් කාලයක සිට බලාගෙන හිටපු දෙයක් මෙම පුවත ලොව පුරාම යයි. නිල ඇඳුම සමග ආපසු දකින්න ලැබේවි (දිල්)
එතකොට නාවික සහ ගුවන් හමුදාපතිලා යුද්දේ කළේ නිවාඩු අරගෙනද?එයාලට කුඩම්මාගේ සැලකිලි මොකද? (බ)
සියල්ලම අතරින් තම සිරුරෙන් ලේ මස් රට වෙනුවෙන් පිදුවේ ජනරාල් සරත් ෆොන්සේකා පමණි.ෆොන්සේකා සිරගෙයට යනවිට .ඔය කියන අනිත් අය කවුරුත් හිටියේ නෑ නේද?(දිල්)
මමත් ජන්දේ දුන්නේ මහින්ද මහත්තයට තමා. හැබැයි යුද්ධය දිනවන්නේ හමුදාව මිස දේශපාලකයෝ නෙමෙයි. (දිල්)
අපේ රට බේරාගත් නායකයාණනි, අපි ඔබ ඇතුළු සියලු හමුදා විරුවන්ට සදා ණයගැති වෙමු. ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ෆොන්සේකා මහත්තයට අද සුභ පතන ගොඩක් අය යුද්ධය කාලේ හිටියේ හරහට.ඒ අයගෙ සුභ පැතුම යුද්ධයට නෙවෙයි දේශපාලන වාසියට. යුද්ධයට අවංකවම සුභ පතමින් එකට සිටි අය දන්නවා යුද්ධයට ප්‍රධන වශයෙන් දායක වුණේ කවුරු කවුරුන්ද කියලා. මෙවැනි තනතුරක් ෆොන්සේකා මහතාට පමණක් නම් ලැබෙන්නෙ අපිට පැහැදිලිවම හිතන්න වෙන්නෙ මෙය යුද්ධයට නොව දේශපාලන හිතවත් කමට කියලා පමණයි.(දිල්)
හොඳ තීරණයක්. (නි)
මහින්දලට තරු පෙන්වන්නයි මෙහෙම තරු දෙන්නේ. (ත)
අමාලි මම ඔයත් එක්ක එකඟයි (නදී)
ඇත්තම කිව්වොත් ජෙනරාල් තරම් කැපවීමක් කලේ නැහැ කිසිම හමුදාපති කෙනෙක්. අර දෙන්නම කළේ මහින්දට කඩේ යන එක විතරයි.(නදී)
මේ තරු දුන්නේ යහපාලන ආණ්ඩුවේ දේශපාලන මල්වට්ටියට ඇත ගැසූ නිසයි. සුදුකොඩි කතාව නිසා ඇමරිකාව ප්‍රමුඛ රටවල්ද මෙයාට ඉල්ලු සැනින් එය ලබා දෙන්නැයි වත්මන් ආණ්ඩුවට දැනුම් දෙන්නට ඇති. යුද්ධ කල නිසා දෙනවා නම් අනිත් හමුදාපතිවරුන්ටත් ලැබෙන්න එපායැ? (නදී)
සියලුම හමුදා සහ පොලිස් පමණක් නොව ග්‍රාමආරක්ෂක බලකාය පවා ජිවිත කැපකර සටන්කරා. (ර)
හොඳයි! හැබැයි තනතුරින් ආඩම්බර නම් වෙන්න එපා (නි)
අපේ රටේ ආරක්ෂාව තව දුරටත් ඔබට බාරයි. චිරං ජයතු ඔබ තුමාට.! (ර)
හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කර කිසි දිනක විශ්‍රාම නොයයි. එතකොට දේශපාලනය කරන්න පුලුවන්ද (නදී)
එහෙනම් 22 ඉඳල රටේ ප්‍රශ්න ටික ඉවරයි. අනේ කාලේ වනේ වාසේ. (නදී)
රණසිංහ, ඔබ හරි. නමුත් ඔහු රට වෙනුවෙන් මරු කටට ගොස් නැවත උපන් කෙනෙක්. (ර)
අවරගිරින් හිරු පායනවා (නදී)