කොළඹ තරු පහේ හෝටලයක් අසලදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුට මුදල් දුන් බව වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර පැවසී යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
පාකිස්තානයේ සිට හෙරොයින් මත්කුඩු ශ්‍රී ලංකාවට එවී යැයි සැකපිට දෙසතියකට පමණ පෙර ඔහු පාකිස්තානයෙන් අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන්නේය. රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.
එම මන්ත්‍රීවරයාගේ නමද සඳහන් කරමින් ඔහු පවසා ඇත්තේ අත්පිට මෙන්ම බැංකු ගිණුම්වලින්ද ඔහුට මුදල් දුන් බවයි. වෙළේ සුදාගේ හා මන්ත්‍රීගේ බැංකු ගිණුම්ද සීසීටීවී කැමරාද පරීක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශක කියයි.
වීඩියෝ - සනත් ඩෙස්මන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදාට කියලා අනෙක් කුඩු ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේත් නම් කියවලා ඔවුන්වත් අත් අඩංගුවට ගන්න (නදී)
හොද වැඩක්. ජය වේවා! දඩුවම් දෙන්න ඕනේ (නදී)
අයි කිව්වේ ඇහුනේ නැද්ද ? (නදී)
නම කියන්නේ නැත්තේ ඇයි? (නි)
කෝ මේ අපේ, පණ්ඩිත බන්දුල පෙරේරා ....? (නි)
කිසිම වරදක් කරලා නැති මේ අහිංසකයා නිදහස් කර දෙන්න කියා මම හුණුපිටියේ ගංගාරාමයට හෙටම ගිහින් බෝදි පුජාවක් පවත්වනවා. ඔහේලත් කැමතිනම් සහබාගි වෙන්න එන්න. (නදී)
මොකද නම නොකියන්නේ? (නි)
මෙයාගේ නම හෙළිකරන එක පමාවෙන්න හේතුව දෙවියෝ තමා දන්නේ (නි)
නම මම නම් දන්නවා (නි)
හැමදෙයම අමතකවෙලා යයිද දන්නෙ නැහැ දැන් මෙයාට? (නි)
අජිත් මහත්තයා දැන්නම් හොඳයි. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා. ඇත්තටම සතුටුයි (නි)
ඔය එළිවෙන්නේ ටික ටික.... (නි)
මන්ත්‍රීගේ නම කියන්න බැරිද.? (ර)
අජිත් මහතා ගැන හරිම සතුටුයි. (නි)
දැන් කුඩු වලට තිත තියන්න වෙනවා. (ර)
අයියෝ ඕක දන්නේ නැද්ද.? මම කියන්නද නම ඕනි නම්. (ර)
නම කියන්න දෙයක් නැහැ. නොදන්නා කෙනෙක් නැහැ. (ර)
ඉන්නේ කොහේද කියලත් අපි දන්නවා (නි)
නම මතක නැහැ මට (නි)
විශ්වාසය ඔබමයි. (නදී)
අන්තිමට වෙළේ සුදා යයි කුඩු හංගපු තැනක් පෙන්නන්න. හංගපු අවියකින් පොලිසියට පහර දෙන්න යයි. එතනින් පසු හැමෝම සතුටින් විසිරයයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.... (නි)
ඇත්තටම තවම අත්අඩංගුවට ගන්න බැරිද ? (ර)
නම කියන්න තරම් හැකියාවක් නැත්තේ රටේ ඔය කියන යහපාලනය නැති නිසාද? (නි)
නමක් සඳහන් කරන්න අවශ්‍ය නැහැ , මුළු රටම දන්නවා (නි)