දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ උපන් දිනය නිමිත්තෙන් සෙනසුරාදා කොළඹ තරු පහේ හෝටලයක පැවැති සාදයකදී රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු ආහාර විෂවීමකින් පසු රෝහල්ගත කළ පිරිසක් ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ආරංචි කියයි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් උත්සවයට පැමිණ සිටි 200ක් පමණ අමුත්තන් අතර වූ බවත් හතු සුප් විස වූයේ දැයි සැකයක් පවතින බවත් ආහාර සාම්පල් බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණායතයට හා රජයේ රස පරීක්ෂක වෙත යැවූ බව කියති.
හෝටල් ආරංචි පවසනුයේ 12 දෙනකුට පමණක් මේ තත්ත්වය ඇතිවූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියට රැජිනත් ආවද? දන්නැති නිසයි අහන්නේ. (බ)
මට මෙහිදී ප්‍රශ්නයක් මතුවෙනවා. අපේ රට බ්‍රිතාන්‍ය කොලනි තත්වයෙන් මිදී පුර්ණ නිදහස ලැබූ රටකි. මෙතෙක් මෙවැනි උපන් දින සාදයක් මා අසා නැත. මේවා මෙහි පවත්වන්නට උවමනාද.? (බ)
12 දෙනෙක් විතරයි වෙන්න ඇති හතු සුප් එක බොන්න ඇත්තේ. ඕවා කියලා නම් හෝටලයට ලිස්සලා යන්න බැරි වෙයි.පරිප්පුව කන්නම වෙයි.( බ)
කලකට පෙර ගාලු මුවදොර තවත් තරු සහිත හෝටලයක විවාහ උත්සව තුනක කජු ව්‍යංජනය නරක් වුනා. ආරාධිතයන් අහල පහල හෝටල් වල වැසිකිලිත් සොයා ගෙන දිව්වේ . අන්තිමේ විවාහඋත්සව තුනටම හෝටල් බිලුත් නැතිව වන්දිත් ගෙව්වා කියලා ආරංචියි. (බ)