ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට ලබන 22 වැනිදා පත් කිරීමට නියමිත ජනරාල් සරත් ෆොන්සේකා ඔහුගේ චේතනා ලැයිස්තුවක් යුද හමුදා මූලස්ථානයට ඉදිරිපත් කර ඇත.
හමුදා මූලස්ථානය එය නීතිපති වෙත යොමු කර තිබේ. ජනරාල් ෆොන්සේකාගේ බලාපොරොත්තු මෙසේය.
ෆීල්ඩ් මාෂල් කාර්යාලයක් පවත්වාගෙන යමින් මේජර් ජනරාල්වරයකුට හිමි සියලු පහසුකම් හා වරප්‍රසාද ලබාදීම. නිල නිවාසයක් හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සමග ආරක්ෂාව. ෆීල්ඩ් මාෂල්වරයකුගේ අවමගුලේදී ආචාර වෙඩි මුර 21ක උත්තමාචාර සමග පූර්ණ හමුදා ගෞරව දැක්වීම.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙතෙක් ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබාදුන් අයෙක් නැත.
පකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලැබූ අයුබ් කාන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තනියමද සේරම කළේ. අනිත් දෙන්නට මොනවත් නැද්ද ? (නදී)
සිතා බලනවිට මේවා සිදුවීම් වැලක කාලය සමඟ සනිටුහන් වූ තවත් එක් අනන්‍ය වූ අහම්බයක් පමණක් යැයි මට සිතේ. (නි)
ඔබට ලැබිය යුතුව තිබු ගෞරවය සහ පිළිගැනීම දීම පිලිබඳව මගේ ස්තුතිය ජනපති තුමාට සහ අගමැති තුමාට. හමුදාවට බැදී රටට සේවයක් කල නොහැකි උවත් ඔබ තුමාට උනු අසාදාරණය වෙනුවෙන් සටන් කර ඔබතුමාගේ දේශපාලන පක්ෂයට සම්බදන්ධ වී කොලඹ දිස්ත්‍රි්ක්කයේ වැඩ කොටසක් කිරීමට හැකි වීම සතුටක් කර ගනිමි. ඔබට සහ රටට ජය. (නදී)
ගරු කල යුත්තට ගරු කල යුතුයි. සමහරු කතා කරන්නවත් දන්නේ නැහැ. එයා,මෙයා කියන්නේ ගෙදර පොල් කඩන මිනිහ කියල හිතලද. අනිත් අයට මොනවද ලැබුනේ කියල කලින් ආණ්ඩුවෙන් අහල බලන්න (නදී)
අනිත් දෙන්නටත් දෙන්න....නැතිනම් එ්කේ තේරුමක් නෑ (බ)
වෙන දේ බලාගෙන අපි සද්ද නැතුව ඉමුකෝ නේද? (නි)
කොත්තමල්ලි බීලා අපි වෙනදේ බලාගෙන ඉඳිමු (නි)
ඔහු තමයි නියම සුදුස්සා (නි)
අනිත් හමුදාපති වරුට මොනවාද දෙන්නේ ? (නදී)
එක එක්කෙනාට එක එක ආශාවල් තියෙනවා. මෙයාට එදා ඉදල තිබ්බ ආශාව තමයි මේ තනතුර. මෙයාගෙම ඉල්ලීමට එයාට අවශ්‍ය විදියට තනතුරු නිර්මාණය කරලා දීල ලෝකේ හිනස්සනවා. (නදී)
ගින්දරත් එක්ක පරිස්සමින් සෙල්ලම් කලොත් මේ රජයට පැවතීමක් තියෙයි. බලන්න වෙනදේ. අනිත් දෙන්නට මොකුත් නැත්තේ ඒදෙන්නා ඒ දවස්වල මේ රටේ නෙවෙයිද හිටියේ? කෆීර් යානා වලින්, මුහුදේ මෙහෙයුම් වලින් මොකුත්ම සපෝට් එකක් ලැබුනෙම නැද්ද? අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආසාවක්! මට නම් තරු පෙනෙනවා මේවා අහලා. (නදී)
අනේ මෙහෙම කක්කුට්ටෙක්.රට පාවා දෙන්නෙක්.(ම)
මේ තනතුරට වඩා හොද දේ තමා රටේ නීතිය බාර දෙන එක (නදී)
කමක් නැහැ, චේතනා පරිශුද්ධ වේ නම්... (නි)
මේ පිළිබඳව තේරෙන්න වැඩි දවසක් යන එකක් නැහැ (නි)
එතකොට යුද්ධය කාලයේ හිටපු ගුවන් හා නාවික හමුදාපතිවරුන්ටත් ඒ හා සමාන සැළකිලි හා තනතුරු ලැබියයුතු නොවේද? (නි)
සිංහගේ කතාව හරි (නි)
අධික තණ්හාව, මිනිසෙකුගේ පිරිහීමට හේතුවයි (නි)
ලංකා මාතාවගේ පිනට උපන් උදාර ලංකා පුත්‍රයෙක්. සෙන්පතියාණෙනි ඔබතුමාට සදා ජය (නදී)
සත්‍ය ජයගත් බව ඔප්පු වේ (ම)
කොපමණ තිබුණත් සමහරු සෑහීමකට නම් පත්වෙන්නේ නැහැ (නි)
මේ රජයට තේරුණා කුඩා යුද වීරයෝ කියල (බ)
මම මෙතුමා ගැන පැහැදීමකින් හිටියේ. ඒත් දැන්නම් එහෙම නැහැ (නි)
මමත් තිස්සට එකඟයි (නි)
ඔබතුමාට හදවතින්ම සුබ පතනවා! (නි)
අනේ මන්දා, මැරුණට පස්සේ මටනම් ආචාර මුර වෙඩි 21ක් නෙමෙයි පන්සියයක් තිබ්බත් වැඩක් නැහැ. මොකද වෙඩි මුර තිබ්බයි කියලා නිවන් යනවද? (නදී)
ආසියාවේත් ලෝක ඉතිහාසයේත් මෙවැනි තනතුරු පිලිබදව සොයා බැලුවොත් ඒවා තියෙන්නේ බොහොම සීමිතව පමණයි. මෙයිට වඩා දරුණු යුද්ධ වල පැටලුනු ඉන්දියාවේවත් කාටවත් මෙහෙම තනතුරක් දීල නැහැ. (නදී)
පලිගැනීමේ චේතනාව ඉහවහා ගිය අයෙකුට මෙවැනි දේවල් දීම වඳුරට කඩුවක් දීම හා සමානය. (නදී)
ආමි එක විතරයිo යුද්දේ කලේ අනිත් හමුදා කලේ දර දිය ඇද්ද එකද? (නදී)
දැන් මෙයත් හරියට ජෙනරාල් රත්වත්තේ වගේ, තනතුරුවලට පුදුම කෑදර කමක්. ඉල්ලලා නිල තල ලබාගන්නේ, හැබය් ඉතින් මේ වගේ දේශපාලන නිලතල ලබාගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි, මොකද ඊලග ආණ්ඩුවක් එක පෑන් පහරින් මෙයාගේ ඔය දේශපාලන පත්වීම අවලංගු කරලා ගන්න පුළුවන්. (ස)
තව ටික කලකින් මෙයාගෙ සෙල්ලම් බලා ගන්න පුලුවන් නියම යහපාලනය. (ස)
මම සිංහ සහ ප්‍රසාද් සමග එකඟයි. මෙතුමා තමයි කිව්වේ ජනාදිපතිට මොකද උතුමාණන් කියන්නේ කියා. එතුමාගේ බිරිඳට මොකටද ආර්යාව කියන්නේ සහ තව බොහෝ දේවල්. නමුත් දැන් මෙතුමාට ඕනේ තරු 5 ක්. මැරුණම වෙඩිමුර 21 ක්, ආරක්ෂාවට නිලදාරීන් 5 ක් සහ සෙබළු 150 ක් සහ තවත් දේ. එතකොට යුද්දෙට මේ වගේම කැප උණු නාවික සහ ගුවන් හමුදා නායකයෝ දේපල මොකුත්ම ඉල්ලුවේ නෑ. අන්න නියම රටට ආදරේ ඇති නායකයෝ. ඔවුන්ට අවශ්‍ය උනේ යුද්දේ ඉවර කරන්න මිස තමන්ගේ වාසිය නෙවෙයි. මොනතරම් සොල්දාදුවෝ තමන්ගේ අවුරුද්දේ, දෙකේ පොඩි දරුවෝ අනාත වෙන බව දැන දැනම යුද්දෙට ගිහින් මැරුණද ? ඔවුන්ගේ පවුල් වලට මොනවද කරලා තියෙන්නේ. වැඩිම උනොත් විශ්‍රාම වැටුප විතරයි. (නදී)
මේ තීරණය හිතනවට වඩා භයන්කාරයි ...හමුදාව ඇතුලේ ඉන්න කාලේ දේශපාලනය කලා කියලා මෙයා අධිකරණයෙන් වැරදිකරු වුන කෙනෙක් . (ස)
දින 100යෙ වැඩ සේරම නිමාව. (ස)
සත්‍ය කවදා හෝ ජයගනී !(හේ)
මේ තනතුර අහිංසක මිනිසෙක්ව වුනත් පහසුවෙන්ම තිරිසනෙක් කරන්නට සමත්. ජනාධිපතිතුමා ඇතුළු රජය මේ පිලිබදව ගැඹුරින් සිතා බැලිය යුතුයි .(නදී)
පිදිය යුත්තන් පිදීම ගැන ජනපතිතුමනි , අගමැතිතුමනි ඔබ තුමන්ලාට ස්තූතියි. බල සේනා උත්තමාචාර..(දිල්)
ඇත්තෙන්ම මෙය සිදු කළ යුතුයි ඔහු හොද හමුදා නායකයෙක් අපේ සුභ පැතුමන් එක් කරනවා (දිල්)
මෙවැනි බලයක් ඉල්ලීමේ යටි අරමුණක් තිබිය යුතුයැයි මට සිතේ. කොහොම වුණත් පසුගිය කාලයේ මෙතුමාට සිදුවුණ අසාධාරණයට දැන් සාධාරණය ඉටුවෙලා තිබෙනවා (නි)
යහපාලන අපේ ජනාධිපති තුමාවත් මෙහෙම දේවල් ඉල්ලනේ නැහැනේ (දිල්)
මේක හොද වැඩක්. හැබැයි යුද්ධය කරපු අනෙක් හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කරල මෙයා විතරක් හොද නම ගන්න යන එක නම් හොද නෑ. මෙයාට දැන් තියෙන්නෙ අනෙක් නිලධාරීන් ගැන වෛරයක්.(දිල්)
ඇත්තට යුද්ධය නිම කලේ මෙතුමද ?. මට මතකයි තව කවුදෝ ' රැම්බෝ ' කෙනෙක් යුද්ධය ඉවර කලයි කියා කියා උදම් අන අන හිටිය. (ස)
" ශ්‍රී ලාංකීය ජාතිය බෙදී වෙන්වීමට තිබු සියළු අවකාශයන් නවතා, ඒකීය රාජ්‍යක් ලෙස මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට නායකත්වය දෙමින්ද, වරක් නොව තුන්වරක් සතුරාගේ කුරිරු වෙඩි පහරට ලක්වෙමින්, ඊට නිර්භයව මුහුණ දෙමින්, ජීවිතය දෙවනුව සලකා තමන් සතු සියල්ල මව්බිම වෙනුවෙන් කැපකිරීම නිසාවෙන්ද, රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂාකර ගැනීමේ තමා සතු වූ යුතුකම හමුවේ පැමිණි සියලු කටුක අභියෝගයන් නිර්භයව භාරගනිමින්ද, එඩිතරව මුහුණ දෙමින්ද, මාතෘ භූමිය රැකගැනීම නිසාවෙන්,'' ඔහුට එම තනතුර පිරිනැමිය යුතුයි (දිල්)
යුද ජයග්‍රහණයේ වීරයට ඉතාමත්ම උසස් තනතුරක් පිදිම ගැන ජනධිපතිතුමාට ස්තූතිය පුදකරමු.(දිල්)
කොටි සටන ජයගත් නියම විරුවා මොහු ඔහුට උපරිම ඉහළින් සැලකීම සියලු දෙනාගේ වගකිම.(දිල්)
ගෞරවය තම කැමැත්තට ලබාගත හැකි දෙයක් නොවෙයි. (නදී)
වෙඩි මුර 21 ක් වැඩි නැද්ද? 18 ක් විතර මදි වෙයිද? (බ)
ඉතින් මහින්ද නොවේද යුද්දේ ඉවර කළේ ? (බ)
මෙයාට බලය ගැන තියෙන තණ්හාව හැම තැනකදීම පෙන්නුම් කරලා තියෙනවා මේක හරි භයානක දෙයක් (බ)
යුද්ධය ඉවර කළේ මෙතුමා මිසක් වෙන කෙනෙක් නෙමෙයි (නදී)
ඔහු සැබෑ වීර ෙයක්හේ ජාතියේ තෑග්ගක් ෙලස මෙය දිය යුතුයි (බ)
අනේ මෙහෙම තණ්හාවක්........ අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි ලැෙබ්ද මින් සැනසීමක්..........අනේ ජනාධිපතිකම ඉල්ලුවේ නැද්ද ගිය රජයෙන් වගේ ? එ්ක නිසා නේ ලංකව මුළු ලෝකයටම පාවා දුන්නේ බල තන්න්හාව රට පවාදීල හරි කමක් නෑ තමන්ගේ කාරිය කෙරෙනවනම්. ඔහොම යමුකෝ (බ)
දීල බලන්න වෙන දේ? රටේ ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ පටන්ගන්නේ ඔන්න මෙයාගෙන්. හොඳට ලියල තියාගන්න. (නදී)
මේ තනතුර සිංහයොත් නරි කරන්න පුළුවන් බව නොදන්නේද (බ)