
(අංජුල මහික වීරරත්න)
දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
ජාතික පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පැවති පුරාවිද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එසේම මෙරටින් කොල්ලකන ලද පුරාවස්තු නැවත ලබා දීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රාජ්‍යයට ස්තූතිවන්ත වන බවත් එම පුරාවස්තු වල දෙවන කොටසද ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
තාරා දේවී පිළිමය යනු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රිව 8 වන සියවසට අයත් බවට කාල නිර්ණය කර ඇති, තාරා දේවි බෝධිසත්ත්ව වරියගේ රන්-ආලේපිත ලෝකඩ පිළිමයකි.
දහනවවන සියවසෙහි මුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය, 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත බාරදී ඇත්තේ, ලංකාවේ හිටපු ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි.
COMMENTS
ඕක ඔහෙම තියන එක හොඳයි කියලා මටනම් හිතෙන්නේ .කනකොටා තාම නිදැල්ලේ නේ
මෙච්චර කල් තිබුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය තිබුණ නිසා දැන් ඉතින් ඕකත් වද දෙයිද දන්නේ නෑ
අයියෝ, තාරා දේවියනි, ඇයි ඔබතුමිය අවසන් ගමන් යන්න මෙච්චර ඉක්මන් වෙන්නේ?
ඊට පස්සේ තාරා දේවියටත් අබසරණයි !
තාරා දෙව්දුව ඇදහිල්ල සම්බුද්ධ ශාසන ධර්මයට අයිති නැත. මිසදිටු ඇදහීම් ථේරවාද ත්‍රිපිටක ධර්මයෙහි නැත. දෙවන ධර්ම සංගායනාවෙහි මූලිකත්වය දැරූ යස, රේවත, සබ්බකාමි මහ අරහතුන් වහන්සේලා ඇතුළු ආර්යයන් වහන්සෙර්ලාට විරුද්ධව ගිය ආර්ය උපවාද කර්මය සමඟ බැඳුණු මහායාන දහමට අයිති මිසදිටු ඇදහිල්ලකි තාරා දෙව්දුව ඇදහිල්ල..
එයයි කිව්වේ හරියට ඇවිල්ලා වගේ. තවම ඉල්ලීමක් කරලා විතරයි තියෙන්නේ...
උන්ට ඒක උන්ගේ කියන්නත් බෑනේ.. මහා බ්‍රිතාන්‍ය විසින් පැහැරගෙන සොරාගන්නා ලදී කියලා යටින් බෝඩ් ගහන්නත් බෑනෙ.. ඒකයි..
අන්න නියමයි.... මෙහෙට ගෙනාවාම උස්සනයි ලේසියි. ආණ්ඩුව පෙරලන්න කලින්ම ගෙන්න ගත්තොත් යද්දි අරන් යන්නත් පුළුවනි.