
තායිලන්තයේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් 18 දෙනකු මියගොස් බොහෝ දෙනකු තුවාල ලබා ඇත. අද(11) උදෑසන බැංකොක් නගරයට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිර දෙසින් මෙම අනතුර සිදුවිය.
බස් රථයේ සිටි අය "බුඩිස්ට් ලෙන්ට්" නම් පන්සලකට ගමන් කරමින් සිටි බැතිමතුන් පිරිසක් බව තායි පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනකු පමණ ගමන්කර ඇති බව පැවසේ.
තායිලන්තයේ බොහෝ මාර්ග නඩත්තු නොකිරීම හේතුවෙන් හා අධික කාර්යබහුල බව නිසා මාර්ග අනතුරු බොහොමයක් සිදුවන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 වසරේ නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ තායිලන්තය ලොකයේ දෙවන ඉහලම මාර්ග අනතුරු අනුපාතයක් ඇති රට බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තෙ එහෙම වූනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. අපේ ඇමතිලා කොමිස් පගා ගන්නෙ නැතුව පාරවල් හරියටම නඩත්තු කරන්න කටයුතු කරන නිසාත් නිලධාරියො ඒව හරියටම ක්‍රියාත්මක කරන නිසාත් කිසිම ප්‍රශ්නයක් නෑ. ගෙවන මිලට උසස්ම මගී බස් රථ සහ කෝචිචි ගෙන්නල තියෙන නිසාත් මාර්ග සංඥා ආරක්ෂිත ගේට්ටු එහෙමත් නිසි විදියටම තියෙන නිසාත් අනතුරු වෙන්නෙ නෑ. ස්තූතියි .