හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තායිලන්ත සංචාරය අතරතුර තමා හිටපු ජනපති මුණ ගැසුණු බවත්, එය සතුටක් බවත්, යහපාලන රජයේ පලිගැනීම් නිසා දැනට ලංකාවට පැමිණීමේ අදහසක් නැති බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග නිවේදනයක් නිකුත් කරමින් කියයි.
තමා යුක්රේනයේ බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට නැගෙන චෝදනාවල සත්‍යතාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.
උදයංග වීරතුංග සම්බන්ධ පරීක්ෂණ ගැන පසුගිය කැබිනට් රැස්වීමේ දී ද සාකච්ඡා වූ බවත්, ඒ ගැන සොයා බලා ප්‍රකාශයක් කරන බවට අගමැති පොරොන්දු වූ බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බදාදා (27) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබා ගැනීම සඳහා හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා බ්‍රහස්පතින්දා (28) මාධ්‍ය හමුවක් කැඳවමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
වීරතුංග සෙවීමට පොලිසියේ පිරිසක් මීට පෙර විදෙස් ගත වූහ.
(ඡායාරූපය උදයංග වීරතුංග මාධ්‍ය නිවේදනය සමග එවන ලද්දකි.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙි මුහුණු වලින් දකින්නේ කෙතරමි කරැනාවන්ත රටට අාදරයක් අැති දෙදෙනෙකු බව පැහැදිලිය.(බ)
මා දෙවරක් මහින්ද වෙනුවෙන් ඡන්දය දුන්නා. මහින්ද මේ වගේ බව දන්නවනම් ගෙදර යවල හුගක් කල් (බ)
දැන් මොකක්ද වර්තමාන ආණ්ඩුව නැතහොත් නායකත්වය කරපු වරද ?මේ කරන දේවල් හරිද (බ)
ජාත්‍යන්තර රතු නිවේදනයක් තිබෙන කෙනෙක් මුණගැසෙන එක වරදක්. අනිවාර්යෙන් පොඩි මිනිහට අනුගමනය කරන නීතිය මේ වෙලාවෙදී මෙතුමන්ලාටත් අනුගමනය කරන්න (නි)
වරදක් කරනැති නම් මොනවටද බිය වන්නේ ? ඉස්සර ට වැඩියේ දැන් නීතියේ ස්වාදීන බවක් පේනවා. (ර)
මේ වගේ අයටද කියන්නේ ,රාජ ද්‍රෝහී ,දේශ ද්‍රෝහී කියල මහින්ද කියන්නේ එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියල මේ ඉන්නේ කවුද ගුවන් සේවා ආයතනයක් මේවගේ කෙනෙක්ට බාර දෙන්න මොලේ කොහෙද තිබුනේ (බ)
මේක වෙන අරමුණක් පෙන්නලා මෙම හමුවීටම සදහාම දාගත්ත සංචාරයක් වගේ. (ර)
අපි අපිගැනම කණගාටුවෙමු. වර්තමාන නායකත්වය ජනතාව පත්කර ගත්තේ මෙවැන්නක් ඇසිමටවත් දැකීමටවත් නම් නොවේ. (ර)
නීතියට අවනත නොවන බොහෝ දේට සොබාදහමේ නීතියට අවනතවීමට සිදුවෙනවා. (ර)
හොඳ හමුවීමක්. සුබපැතුම්.! (ර)
මේ මොන පිස්සුවක්ද ? මොහු අත් අඩංගුවට ගන්න ජාත්‍යන්තර රතුනිවේදනයක් තියෙනවා නේද? ආණ්ඩුව විහිළුවක් වෙලා දැන්.(බ)