තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කර ඇත.
සම්පූර්ණයෙන්ම අඳුරු ගුහාව දිගේ මඩේ එරෙමින් උස් ස්ථාන තරණය කරමින් ජලය සහිත ස්ථාන වලදී කිමිදෙමින් පිටතට පැමිණීමට දරුවන්ට සිදුවිය.
එක් දරුවකු රැගෙන ඒමට කිමිදුම්කරුවන් දෙදෙනකුගේ සහාය ලබා ගැණින. පිටතට පැමිණි දරුවන් චියැං රායි රෝහලයට රැගෙන යන ලදී.
මේ වන විට ගුහාවේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බැවින් මෙහෙයුම පැය 10කට පමණ තාවකාලිකව නතර කර ඇතැයි බලධාරීහු පවසති. අනෙක් දරුවන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රවීණ කිමිදුම්කරුවන් 90ක් ගුහාව තුළ මෙහෙයුමට සම්බන්ධව සිටිති. ඔවුන්ගෙන් 40දෙනකු තායිලන්තයෙන් වන අතර විදේශීය කිමිදුම්කරුවන් 50දෙනකි. වෛද්‍යවරු කිහිපදෙනෙක් දරුවන් සිටි ස්ථානයට ගිය අතර ප්‍රමුඛතා ලේඛනයක් සකස්කර දුර්වල අය මුලින් රැගෙන ඒමට තීරණය කළේය.
හදිසි වර්ෂාපතන තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ අංශ අනතුරු ඇඟවූ හෙයින් මෙහෙයුම සැලසුම් කර තිබුණාට වඩා වේලාසනින් පටන් ගැනීමට සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
(බීබීසී ඇසුරිනි -085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලද්දී පුදුම දුකක් දැනෙන්නේ. මගේ ළමයෙක්ට වුණා වගේ. බුදු සරණයි සියලුම දෙනාට.
තායිලන්තයට රටවල් ගණනාවකින් අවශ්‍ය සහය දැනුම ලබාදෙනවා මෙම මෙහෙයුමට ඒකයි කියන්නේ ලෝකයේ සෙසු රටවල් සමග සහයෝගයෙන් ඉන්න කියලා. දරුවන්ට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!
වෙන යන්නම තැනක් තිබුනේ නැද්ද අප්පා? මේ ගුහාවලට රිංගන සත්තුන්ට දෙවියන්ගේම පිහිටයි...
මුලින් රැගෙන ආවේ දුර්වල හතර දෙනා නොව ශක්තිවන්තම හතර දෙනයි.
මම කිව්වේ නෙගටිව් දෙයක් නොවෙයි. ඇත්ත සිදුවීමයි. ඒක තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැතිව තමන්ගේ නොහැදියාව ප්‍රදර්ශනය කිරීම ගැන ස්තුතියි.
කාගේ උනත් මොන ජාතියේ උනත් දරුවෝ.... ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් කිසි කරදරයක් වෙන්නේ නැහැ.....කෝටියක් දෙවියෝ මේ දරුවන්ව ආරක්ෂා කරත්වා!!!!
හිතට ලොකු සතුටක් දැනුනා ඒක දැනගත්තම. අනෙක් ළමයිනුත් ඉක්මනට එලියට ගෙන එන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා. හරියට අපේ ළමයින්ට කරදරයක් වුණා වගෙයි අපට දැනුනේ පහුගිය දවස් වල.