ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති දඹදිව සාංචිහි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස ජපානයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ඇරයුමකට අනුව, තායිලන්ත ඔටුන්න හිමි මහාචක්‍රී සිරින්ඩෝන්බි කුමරිය සාංචි චේතියගිරි විහාර වැඳපුදා ගැණීමට පැමිණියාය. කුමරිය වෙනුවෙන් විශේෂ සැරියුත් මුගලන් ධාතු ප්‍රදර්ශනක් ද පැවැත්විණි. සාංචි චේතියගිරි විහාරයේ පැවැත්වෙන වාර්ෂික සැරියුත් මුගලන් ධාතු ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පිංකම්වලට සහභාගී වීමට ඕ තොමෝ මෙසේ සාංචිය වෙත ළඟා වූහ.
සාංචි චේතියගිරි විහාරයේ වාර්ෂික ආලෝක පූජාව පසුගිය 21 වැනි දා ආරම්භ වූ අතර විශේෂ ධාතු ප්‍රදර්ශනය මෙම 26 සහ 27 යන දිනවල පැවැත්වේ. සැරියුත් මුගලන් අගසවු දෙනමගේ ධාතූන් වහන්සේලාගේ ප්‍රදර්ශනයෙන් පසු පිංකම නිමාවට පත්වන අතර ලෝ පුරා සිටින බෞද්ධ බැතුමතුන් ලක්ෂ දෙකකට අධික පිරිසක් මෙම ධාතු ප්‍රදර්ශනයට සහභාගීවෙතියි අනුමාන කෙරේ. ඔවුනට අවශ්‍ය ආහාර පාන ලබා දීමට දන්සල් ගනනාවක් සංවිධානය කර ඇති අතර පිංකමට සහභාගීවන සියලු දෙනාට අවශ්‍ය පහසුකම් සපයා දෙන බව බානගල උපතිසස නා හිමියෝ සඳහන් කළහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු සාධු සාධු!!! (නි)
ඔටුන්න හිමි කුමරියගේ කරේ එල්ලාගෙන ඉන්න මොබයිල් දුරකථනය දැක්කහම අපේ රටෙත් 8 සමත් එහෙත් දැනටමත් හිසේ ඔටුන්නක් ඇතිවාක් මෙන් හැසිරෙන දේශපාලන අඥානයෙක් සිහියට ආවා. (නි)
කොතරම් උතුම් පින්කමක්ද?(හේ)
සාධු` සාධු` සාධු` බුදුදහම බබළන වේවා ....(අ)
ලංකාවේ අය වගේ පන්සල්වල සපත්තුදගෙන උස පුටුවල ඉදගෙන ඉන්න රජ පවුලකින් නෙමෙයි කුමරිය පැවතෙන්නේ . අනේ සාදු (අ)
අනේ ගොඩාක් පිං අපිත් සාංචිවල ඉන්නේ අපි දැක්ක මේ පුවත බොහොම සතුටුයි (අ)
මෙහෙම දේවල් දැකීමමත් සතුටක් (නි)