කොළඹ කොල්ලුපිටියේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනකුට ,ශ්‍රී ලාංකිකයකුට හා කාන්තාවකට රුපියල් දසදහස බැගින් වු මුදල් ඇප ද ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් බැගින් ලබා ගෙන මුදා හරින්නැයි නියෝග කළ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වීසා නැති තායි කතක පිටුවහල් කරන්නැයි ද නියෝග කළේය.
හෝටලය පවත්වාගෙන ගිය පී රුහුණගේ අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
ඔහු ඔක්තෝබර 09 වැනිදා අධිකරණයේ පෙනී සිටිය යුතු යැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු රටවල ඕව ඕනතරම් තියෙනවා, ඕක නීතිගත කලානම් ආණ්ඩුවට ගානක් එනවා රටත් දියුණුවෙනවා. (දී)
වටිනා තීරණයක් (දී)
ඔන්න ඔය නීතිගත කරන්න ඕන කියන අය දාල ඕක නීතිගත කරනවා නම් කරන්න (දී)
මදුට තේරුනා ඇත්ත තත්වය.(දී)
ගණිකා නිවාස රටට ඕනේ නැතිනම් ලිංගික අපරාද තව වැඩිවේවි (දී)
මේවත් රටකට තියෙන්න ඕන දේවල්නේ . (දී)
මේක නීති ගත කිරීම හොදයි . (දී)
මෙන්න ඇත්ත , මේක නීති ගත කිරීමෙන් සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙන අතර මිනිසුන්ගේ පීඩනය අඩුවේ . තීරණය ඔබටයි .(දී)
අයියෝ සල්ලි (දී)
මෙය නීති ගත කර හරක් මැරීම් තහනම් කල යුතුයි .(දී)
ලංකාවේ සල්ලි තියන මිනිස්සුන්ට සුකවිහරණය නැතිවෙනවා එච්චරයි . (දී)
පිටුවහල් කල එක හොදයි (දී)
මේවා තිබුනට වරදක් නැත (දී) .
ගණිකා සේවනය නීති ගත කරන්න (දී)
ලංකාවට ගණිකා සේවය අවශ්‍ය නැහැ (දී)
මොකද්ද ඒ අපරාදේ (දී)
පිටුවහල් කල එක තමයි හරි (දී)
ඕනෙනම් රුපියල් 100 බැගින් දඩ ගසාවි. (දී)
ටිකිරි බණ්ඩා අයියාගේ යාලුවා වැරදි තැනකට ගිහිල්ලා තියෙන්නේ. අනිත් එක සෝබනේ පෙන්වන්න ගියාද දන්නෙත් නැහැනේ රත්තරන් පැළදගෙන. රොහාන් කිව්වත් වගේ වටිනා කියන දේවල් ගලවලා තියලා තමයි ඔවැනි තැන් වලට යන්න ඕනෑ.අත්දැකීමෙන් කියන්නේ. (නි)
අපරාදේ අප්පා! (දී)
මොකද අහිංසක තායි කත පිටුවහල් කරේ ,? අපේ සල්ලි තායි රටට යන නිසාද ? මේවයේ සම්බාහන ලබනට එන ලොකු ලොකු අය ගැන මොනවත් නැද්ද (දී)
ලෝක අපරාදයක්නේ අප්පා. (දී)
රටක් දියුණු වෙනකොට ගණිකා නිවාසත් තියෙන්න ඕනේ . (දී)
නිතිය නම් නිතිය (දී)
එක්කෝ නීතියක් ගෙන්න මේක නීති ගත කරලා (දී)
දයාසෝම ගේ කතාව ඇත්ත.මගේ යාලුවෙක් මැදපෙරදිග ඉදල ලංකාවට ඇවිත්,ඔවැනි තැනකට ගිහින් අතේ කරේ තිබුන රත්තරන් ,මුදල්පසුම්බි,ඔරලෝසු ලක්ෂ ගානක වටිනා කියන සියල්ලම එක මොහොතකින් විනාස කර ගත්ත.පාරේ යන කෙනෙකුගෙන් බස් එකේ යන්න මුදල් අරගෙනයි ගෙදර ගිහින් තිබුනේ.බොන්න මොනවද දුන්න කියල විතරයිලු මතක.(දී)
මේ කාන්තා අපචාරවලට පොඩ්ඩක් හරි විසඳුමක් ලැබෙයි මේවා නීතිගත කළොත්(අ)
වරදක් දකින්නේ නැහැ මම (දී)
සල්ලි දීලා හරි තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න එකේ වරද මොකක්ද?මේක හරි වැඩක්නේ. (නි)
ටිකිරි බණ්ඩා මහතා, කවුද අප්පේ ඕවාට යනකොට කරේ රන් බැදගෙන ලක්ෂ ගානක ඒවා අරගෙන යන්නේ??? (දී)
ඔන්න ඕක නීතිගත කරලා දාන්න අප්පා. යන කට්ටියට බයක් සැකක් නැතුව ගියහැකිනේ එතකොට.(දී)
හොඳම දේ නීතිගත කරන එක. ඒ රස්සාව කරන කාන්තාවන්ට ආරක්සාව ලැබෙනවා. පිරිමින්ටත් බය නැතිව ඒ තැන්වලට යන්න පුළුවන්. පොලිසියට ජරාව දෙන්න ඕනෙත් නැහැ එතකොට. (දී)
මටනම් පිස්සු වගේ (දී)
ටිකිරි බණ්ඩා , ඔයා ගේ යාළුවා ගෙදර ගිහිල්ල ඒ යාගේ පව්ලට මොනවාද කියල තියන්නේ ? මම කියන්නේ කාන්තා ගණිකා නිවාස නීති ගත කරනවානම් පිරිමි ගණිකා නිවාසත් ඇති වෙන්න ඕන . මහත්තයා යනකොට නෝනටත් යන්න පුළුවන් (දී) .
කවුරු හරි ඉන්නවනම් කියන්න ඒ වැඩේ හරිද වැරදිද (දී)