
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ( Srettha Thavisin) මහතා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඔහු සමග දූත පිරිස ලෙස එරට උසස් නිලධාරීන් 33 දෙනෙක් පැමිණ සිටියහෙ
මෙම පිරිස පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස , කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ ( Golden Book ) සටහනක් තැබීමට ද කටයුතු කළේය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ්ගෙන් වෙන වැඩක් නැහැ රටට... ඕවාටවත් බදුසල්ලි දීලා තියාගනිමු...
ගරු, තායිලන්ත අගමැතිතුමනි, ඔබතුමාවත් රවටා ගානක් කඩාගන්න තමයි මේ රටේ හොර තක්කඩි පාලකයින් මේ උත්සාහ කරන්නේ..? අහුවෙන්න එපා මේ මර උගුල්වලට... අනික මේ රටේ මහජනතාවවත් සමරන්නේ නැති නිදහස් දිනයක් ඔබතුමා සමරලා පලක් තියෙනවාද..? හිස් පාලකයින්ව සතුටු කරන්න සද්දෙට මුහුදට වෙඩි තිබ්බා කියලා අපේ කුසගිනි නිවෙනවාද..?